IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


පාස්පෝට් කන්තෝරුවේ අක්‍රමිකතා ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අනතුරට ලක් වූ වටිනා වාහන දෙකක්  අලුත්වැඩියා කර  මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නොතිබීම ගැන  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  අප්‍රසාදය පළවී ඇත.

රක්ෂණ සමාගම සමඟ ඇතිවූ ගැටලුවක් හේතුවෙන් මෙම තත්වය ඇතිවූ  බවත්  එම  සමාගම සමඟ අලුත්වැඩියා කිරීම පිළිබඳ යම්  එකඟතාවකට දැනට පැමිණ ඇති බවත්  ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙහිදී  පැවසූහ.

මේ අතර  ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  නිලධාරී පුරප්පාඩු 272ක් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  තොරතුරු අනාවරණයවී ඇත.

ජ්‍යේෂ්ඨ මට්ටමේ තනතුරු 18 ක්, තෘතියික මට්ටමේ තනතුරු 113 ක්, ද්විතියික මට්ටමේ තනතුරු 121 ක්,  ප්‍රාථමික මට්ටමේ තනතුරු 19 ක් සහ  වෙනත්  තනතුරක පුරප්පාඩු පවතින බව මෙහිදී  සඳහන් විය.

මෙම පුරප්පාඩු හේතුවෙන් දෙපාර්තමේන්තුවේ කාර්යසාධනයට යම් යම් බාධා ඇතිවන බවද  මෙම පුරප්පාඩු පිරවීමට ඉල්ලීම් කර ඇති බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දුන්හ.මේ අනුව එම  තනතුරු ඉක්මනින් පුරවා ගැනීමට කටයුතු කරන ලෙස කෝපා කමිටුව  නිර්දේශ කළේය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  ඉකුත්  ( 16 )  වැනිදා රැස්විය.

දෙපාර්තමේන්තුව 2012 වර්ෂයේ සිට මොබිටෙල් ආයතනය සමග එක්ව ‍ක්‍රියාත්මක කරන “ විද්‍යුත් සංචරණ අනුමැතිය ” ලබා ගැනීමේ පද්ධතිය සංචාරකයින්ට වඩාත් මිත්‍රශීලී හා ආකර්ෂණීය පුළුල් සේවාවක් ලබාදීමේ අරමුණෙන් යාවත්කාලීන කර නොමැති බවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. එබැවින් මෙම පද්ධතිය නවීකරණය කිරීම  සහ නූතන ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම පිළිබඳව   ‌මෙහිදී කමිටුව සාකච්ඡා කළේ‍ය.

දැනටමත් මෙම පද්ධතිය යාවත්කාලීන කිරීම පිළිබඳ අවධානය යොමු වී ඇති බවත් ඉදිරියේදී එය සිදු කරන බවත් ආගමන  විගමන දෙපාර්තමේන්තුවේ  නිලධාරීහු පැවසූහ.
මේ සම්බන්ධයෙන් මාස දෙකක් ඇතුළත වාර්තාවක් ලබා  දෙන ලෙස  කෝපා කමිටුවේ සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා නිර්දේශ කළේය.

එසේම දෙපාර්තමේන්තුවේ  වෙබ් පිටුවක පෞද්ගලික දුරකතන සමාගමක නිල ලාංඡනය ප්‍රදර්ශනය කිරීම පිළිබඳවද  පුද්ගලයින්ගේ ද්විත්ව පුරවැසිභාවය ලියාපදිංචි කිරීම පිළිබඳවද නීත්‍යානුකූල නොවන ලෙස ලංකාවේ රැඳී සිටින විදේශිකයින්  ඇතුලූ තවත් කරුණු කිහිපයක් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන්වන  ලසන්ත අලගියවන්න, දයාසිරි ජයසේකර  සහ ප්‍රසන්න රණවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන බී.වයි.ජී. රත්නසේකර, වීරසුමන වීරසිංහ, ආචාර්ය හරිනි අමරසූරිය, වෛද්‍ය උපුල් ගලප්පත්ති, මෙහොමඩ් මුසම්මිල්, මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.



 

 



අදහස් (2)

පාස්පෝට් කන්තෝරුවේ අක්‍රමිකතා ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය

පැරකුම් Thursday, 18 November 2021 12:49 PM

අපේ අප්‍රසාදය රාජ්‍ය ආයතනයන්ට වඩා COPE කමිටුව ගැනයි. ඔය කියන කමිටු වලින් මේවනවිට වැරදි කොපමනක් නිවැරදි කර ඇත්ද? වරද කරුවන් කීදෙනෙකුට දඩුවම් කර ඇත්ද? එසේම ඔය කමිටු අපේ බදු මුදල් කෝටි කොපමනක් කාබාසිනියා කර ඇත්ද?

:       0       4

විපරමා Thursday, 18 November 2021 06:52 PM

පාස්පෝට් කන්තෝරුවේ ගැහැණු පිරිම් බේදයක් නැතුව ගහන ගැහිලි, කරපු අක්‍රමිකතා ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ දන්නෝ සහසුද්දෙන්ම දන්නවා .කෝප් කමිටුව නමට විතරයි .කරපු මගුලක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 347 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1707 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1387 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1335 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 876 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 688 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25585 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 371 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site