IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


පාස්පෝට් යළි අර්බුදයක

(නාමිණි විජේදාස)

ශ්‍රී ලාංකිකයන්ට දැනට නිකුත් කරමින් සිටින විදේශ ගමන් බලපත්‍ර 7,50,000 ක තොගයට අමතරව නව විදේශ ගමන් බලපත්‍ර තොග ලබා ගැනීම සඳහා ඇණවුමක් තවමත් රජය ලබා දී නොමැති බැවින් විදේශ ගමන් බලපත්‍ර හිඟය අඛණ්ඩව පැවැතුණහොත් ශ්‍රී ලාංකිකයන් රට රැකියා සඳහා පිටත්වීමට තර්ජනයක් එල්ල විය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගියදා අනතුරු ඇඟවීය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පෙනී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන්, විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයැදුම්පත් රාශියක් ඉදිරි සති කීපයේදී ගලා ඒමට නියමිත බවත් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටීම සඳහා විදේශ ගමන් බලපත්‍ර අංකය සැපයීම අනිවාර්ය කරුණක් බවත් තොරතුරු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

රට රැකියාවලට යෑමට බලාපොරොත්තුවන්නන් හේතුවෙන් ඉදිරි සති කීපයේදී විදේශ ගමන් බලපත්‍ර අයැදුම්පත් 30,000 ක් පමණ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

එසේම විදේශ රැකියා නියෝජිතයන් ද රට රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට කරදරයකින් තොරව විදේශ ගමන් බලපත්‍ර ලැබෙන බව සහතික කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මැදිහත්වන ලෙස ඉල්ලා ඇති බව ද පැවැසෙයි.

දිගින් දිගටම රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට ලැබෙන ඉල්ලීම් සපුරාලීමට අපොහොසත් වුවහොත් මෙරටට ලැබෙන විදේශ රැකියා අවස්ථා අනෙක් රටවල ශ්‍රම වෙළඳපොළ වෙත යොමුවීමේ අවදානමක් තිබෙන බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු අදාළ නිලධාරීන් සමග මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පසුගියදා සාකච්ඡාවක් පවත්වා ඇතත් එහිදී මෙම ගැටලුවට නිශ්චිත විසඳුමක් ලැබී නොමැති බව ද පැවැසෙයි.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව බාර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ දැරුවත් ඔහුගෙන් කිසිම ප්‍රතිචාරයක් නොලැබිණි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා තහවුරු කර සිටියේ පසුගියදා පැවැති රැස්වීමේදී විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ ගැටලුව මතුකළ බවයි.

 



අදහස් (14)

පාස්පෝට් යළි අර්බුදයක

sakraya Monday, 06 January 2025 07:43 AM

බලාගෙන යනකොට ඒ අයත් එකයි, මේ අයත් එකයිනේ. කයිවාරුවේ තරමට වැඩ නෑ වගෙයි පෙනෙන්නේ...

:       8       75

යෝගා Monday, 06 January 2025 08:04 AM

සිරිසේන වගේම අනුරත් මෙලෝ සිහියක් නැතුව රට සවාරි යනවා. ජනතාව පාස්පෝට් පෝලිමේ. විජිත හේරත් කිව්වේ කොහොමද? සති දෙකෙන් විසඳනවා කිව්වා. දැන් ඒ කයිවාරුවටත් මාස තුනයි...

:       7       64

සෙනෙවිරත්න Monday, 06 January 2025 08:51 AM

හිතාමතා රජයේ ඇමැති පාස්පෝට් අර්බුදයකට රට ගෙනියනවා වගේ හැඟීමක් එන්නේ. රජය මේ වගේ අයට ප්‍රතිචාර දැක්විය යුතුයි. දැන් සමහර මාධ්‍ය හිතාමතා රජයේ වැඩ රිණාත්මක වන විදියේ පුවත් මවනවා. මේකේ කමෙන්ට් දැක්කත් රජයට එරෙහිව එන ඒවා තමයි වැටෙන්නේ...!

:       50       11

Lala Monday, 06 January 2025 09:41 AM

විජිතට ජයවේවා...!

:       33       10

Business Monday, 06 January 2025 09:49 AM

කිසි කෙනෙක් කතා නොකරන ලොකුම ප්‍රශ්නයක ඉන්නේ දැනට විදේශගත වෙලා වැඩ කරමින් පාස්පෝර්ට් කල් ඉකුත්වෙලා වීසා ගහ ගන්න බැරුව ඉන්න අයයි. තානාපති කාර්යාල හරහා ලංකාවේ පාස්පෝර්ට් කාර්යාලයට එවලා තියෙන්නේ මීට මාස 7 කට කලින් (2024) එත් තවමත් පාස්පෝර්ට් එක අලුත් වෙලා ඇවිත් නෑ. ලංකාවේ මුදලින් රුපියල් 45,000...ක් වගේ ගෙවන්නත් ඕනේ. වීසා අලුත් කලේ නැත්නම් ඉන්න රටේ දඩ ගහනවා. හදිසියකටවත් ලංකාවට එන්න බෑ. කතා කරන්න කෙනෙක් නෑ. email/ටෙලිෆෝන් call වලට answer නෑ.. ලංකාවේ ලක්ෂයක් දීලා පාස්පෝර්ට් හදා ගත්තු අය ඉන්නවා...

:       2       53

අරවින්ද මොනරවිල Monday, 06 January 2025 10:49 AM

සාමාන්‍යයෙන් දිනකට විදේශ ගමන් බලපත්‍ර 2000 - 2500 ත් අතර ප්‍රමාණයක් නිකුත් කරන බව තමයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පහුගිය දවස්වල පැවසුවේ. ඒ අනුව දැනට තියෙන තොගය ආසන්න වශයෙන් මාස හතකට සැහෙන බව පෙනෙනවා. ඒ අනුව නුදුරු අනාගතයේදී ගමන් බලපත්‍ර හිඟයක් ඇතිවීමට කොහෙත්ම ඉඩ නැහැ. මේ කරන්නේ ආණ්ඩු විරෝධී දුෂිත නිලධාරින් හා මාධ්‍ය එක්වි ජනතාව අනවශ්‍ය ලෙස කළබල කරවීමට හා එමගින් රජය අපහසුතාවයට පත් කරන්න දරන උත්සාහයක් බව සාක්ෂි සහිතව ඔප්පු වෙනවා...

:       46       10

සෙනෙවිරත්න Monday, 06 January 2025 10:57 AM

පාස්පෝට් ලක්ෂ හතහමාරක් කොපමණ කාලයකට සෑහෙනවද කියන්න. ඒක සැලකිය යුතු ගාණක් නේද? සමහරවිට නව එකකට යන්න අදහස් කරනවා වෙන්න ඇති...

:       40       5

fairoos Monday, 06 January 2025 11:26 AM

ප්‍රශ්න විසඳන්න නිලධාරීන්ගේ සහයත් අවශ්‍යයි ආණ්ඩුවට...

:       36       13

Lalla Monday, 06 January 2025 12:04 PM

වැඩ දන්නා කොටසක් වැඩ කරන්න බයයි. වැඩ බැරි සහ ජරාව කන අය පළිගැනීම් නිසා. ජරාව කන එවුන් වැඩේ අනනවා. සැපයුම්කාර ආයතන වලින් ජරාව කන්න. අලුත් බලධාරීන්ට තාම වැඩ බෑ. හිටපු ඇමැති කාලේ කාලා අනලා ගිය ඒවා ගලවා ගන්න බැරුව... සති දෙකෙන් ගෙදරට තැපෑලෙන් ආව පාස්පෝට් එක වලට දැම්මේ ගෝඨා සහ ටිරාන් අල්ලස් යුගවල නේද? මතකනේ වීසාවලින් කාපු හැටි... ආගමන-විගමන පාලක හිරෙත් යවලා.

:       35       8

යෝගා Monday, 06 January 2025 01:00 PM

පත්වෙලා මාස තුනක් වෙලත් පාස්පෝට් ප්‍රශ්නය විසඳාගන්න බැරි අසාර්ථක ඇමැතියෙක්. තමන්ගේ නොහැකියාව නිලධාරීන් සහ පහුගිය ආණ්ඩුව පිටින් යවන්න හදනවා.

:       5       39

Rohana Monday, 06 January 2025 01:50 PM

පාස්පෝට් අර්බුදයක් දැනට නැහැ. එකම ප්‍රශ්නය පාස්පෝට් ගැනීමට ඇති අධික ඉල්ලුමයි. ජනමාධ්‍යයෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරනවා...

:       31       3

Perera Monday, 06 January 2025 04:13 PM

ඇයි මේ ප්‍රශ්නෙට විසදුමක් දෙන්නේ නැත්තේ. විශාලා කරදයරක් උනානෙ. මම පිටරට ඉන්නේ. මගේ පාස්පෝර්ට් එක July වල expire වෙනවා. දැන් online appointment එකක් apply කලොත් april date තමයි පෙන්නනේ. එත් පිටරට ඉන්න අයට appointment ගන්න බෑ .මෙහේ embassy එකෙන් දැම්මොත් මාස හයකීනුත් sure නැහැ.සමහරු තැරැව් කාරයන්ට ලක්ෂ එක හමාරක් දීල වැඩේ කරගන්න පුළුවන් කියනවා. බොරුවට මිනිස්සු අපහසුතාවට පත්වෙනවා. ඇයි ඇමතියි, මේකේ ඉන්න ලොකු එවුනියි responsibility එකක් අරන් මේ ප්‍රශ්නේ ඉක්මනට විසදන්නේ නැත්තේ. මුන්ට වැඩ බැරිද? නැතනම් තියෙන මුස්පේන්තු කමද ?

:       1       8

Cham Tuesday, 07 January 2025 03:30 AM

විදේශ ගමන් බලපත්‍රය පමණක් නොවේ. දැන් බොහෝ රටවල තානාපතිවරු නැත. ඔවුන් නැවත මෙරටට කැඳවනවා මිස නව තානාපතිවරුන් තවම පත් කර නැහැ

:       0       0

Wirasekara Tuesday, 07 January 2025 07:11 AM

මොනවා උනත් කමක් නැහැ, සෙනවිරත්න හොඳට ගලේ ගහලා හෝදාල දෙනවා . එදකින්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 230 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 62 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 181 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 261 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 325 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 609 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 77 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 400 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site