(සුරංග රාජනායක)
ගම්පොළ බෙරවිල සිට ගම්පොළ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයකට උඩහේන්තැන්න සේනාධිකාරී ජාතික පාසල අසලදී එම බස් රථයටම යට වූ පාසල් දැරියක් කුරුදුවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පරීක්ෂණ පවත්වන කුරුදුවත්ත පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පටිතලාව කට්ටාරංවත්ත මල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි විශ්මි පූර්ණිමා හංසමාලි නමැති දස හැවිරිදි දැරියකි.
ඇය සේනාධිකාරී ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ පහ වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.
පාසල් යාම සඳහා අද උදෑසන මෙම බස් රථයේ පැමිණ ඇති ඇය පාසල අසලින් බැස එම බස් රථය ඉදිරියෙන් පාර මාරුවී පාසල දෙසට යමින් සිටියදී මෙම බස් රථයට යට වී ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි.
ඇය බස් රථයට යටවෙන අවස්ථාවේ ඇගේ වැඩිමහල් සොයුරාද බස් රථයේ සිට ඇති බව පැවසේ.
පාසලේ ප්‍රාථමික අංශයට මාර්ග දෙකක් ඇති අතර ප්‍රධාන ගේට්ටුව අසල හෝ මෙම මාර්ගය අසල උදෑසන රාජකාර කිරීම සඳහා පොලිස් නිළධාරියකුද සිට නොමැත.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාසල් ගිය දැරිය බසයට බිලි
Bandula Wednesday, 22 May 2024 07:49 PM
අපේ රටේ තත්වය දවසකදි කොපමණ ප්‍රමාණයක් ජීවිතය හානි ද අපේ රටේ මහජන ආරක්ෂක ඇමතිය බුද්ධි පොලිස් පතිය බුදි මුන් පින් පඩි කාරයො පමිපොරියො දෙන්න මෙවට ක්‍රමවේදයක් හදාපිය . අනතුරු නවත්වන්න.
Udhili Thursday, 23 May 2024 08:49 AM
දියණියනි ඔබට නිවන්සුව පතමු.!