(සුජිත් හේවාජුලිගේ )
පාසල් වල නියමිත ඒකක ප්‍රමාණය ඉක්මවා භාවිත කරන පානීය ජලය වෙනුවෙන් මුදලක් අය කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.
පාසල්වලට නොමිලේ ජලය ලබා දුන්නත් ජලය අනිසි ලෙස භාවිතා කරන බව නිරීක්ෂණයවී ඇතැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා පැවසීය.
ජලය අයථා ලෙස පාවිච්චි කරන එවැනි පාසල් ගණනාවක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවද ඔහු කීවේය.
පාසලක සිසුන් සංඛ්‍යාව හා අනධ්‍යන හා ගුරුවරු වැඩිවෙන ප්‍රමාණයට අනුමත ජල ප්‍රමාණය වැඩිවෙන නමුත් ඒ ප්‍රමාණයටත් වඩා ජලය වැය වන්නේ නම් අනිවාර්යෙන්ම ගෙවීමක් කිරීමට සිදුවන බවද පද්මනාත මහතා ප්‍රකාශ කළේය.
සමහර පාසල් පානීය ජලය බාහිර කාර්යයන් සඳහා පාවිච්චි කරන බවට තොරතුරු වාර්තාවී ඇතැයිද ඔහු කීවේය.
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පාසල් ජල කරාමෙටත් තහංචියක්