IMG-LOGO

2024 නොවැම්බර් මස 04 වන සඳුදා


‘පාසල් දැන්ම විවෘත කරන්න බෑ‘

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

කොවිඩ්  වසංගත තත්වය නිසා ඉතාම ඉක්මනින් පාසල් විවෘත කිරීමට හැකියාවක් නැති බවත් පාසල් ඉක්මනින්ම විවෘත කළහොත් සිසු දරුවන්ගේ  සෞඛ්‍යමය ජීවිතයට බරපතළ අවදානමක් මතුවිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසීය

වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව පාසල් විවෘත කිරීමේ දින වකවානු තීරණය කරන බවද ඔහු සඳහන් කළේය.

මෙය ශ්‍රී ලංකාවට පමණක් විශේෂවූ තත්වයක් නොවන බවත් ලෝකයේ  බොහෝ රටවල්ද මේ ප්‍රශ්නයට විසඳුම් සොයමින් සිටින බවත් මහාචාර්යවරයා කීවේය.

වසංගත සමයේදී දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ප්‍රධාන උපක්‍රමය ලෙස පාවිච්චි කරන්නේ  මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය බව පැවසූ අධ්‍යාපන ඇමතිවරයා  "ගුරුගෙදර"ඊ තක්සලාව වැනි වැඩසටහන් මේ සඳහා  දැනටමත් යොදා ගන්නා බවද  ප්‍රකාශ කළේය.

ගුරුගෙදර පාඩම් රූපවාහිනිය හරහා ලබාදෙන බවද ඊ තක්සලාව ඉන්ටනෙට් ක්‍රමවේදයක් බවද ඔහු පැවසුවේය.

මේ මාධ්‍ය ප්‍රයෝජනයට ගත නොහැකි දරුවන් පිරිසක්ද සිටින බවත් ඒ ගැටළුවටද  ප්‍රායෝගික විසඳුම් ලබාදීමට වෙහෙසෙමින් සිටින බවත් පීරිස් මහතා පැවසීය.


 

 



අදහස් (8)

‘පාසල් දැන්ම විවෘත කරන්න බෑ‘

Sri Lanka Wednesday, 23 June 2021 05:22 PM

ඔන්ලයින් කරලා ඉවර වෙනකල් පාසල් විවෘත කරන්නේ නැති බව අපි දන්නවා.

:       39       103

pradeepa Wednesday, 23 June 2021 05:22 PM

ගෙදර ඉඳන් ඔන්ලයින් යන ළමයින්ට ඩේටා පහසුකම් නොමිලේ හෝ අඩු ගාණකට ලබාදෙන්න... යම්කිසි ප්‍රමාණයක්, දැන් දෙමව්පියන්ට කාඩ් හෝ පැකේජ් ගේන්න සල්ලි නැහැ. මේකවත් කරන්න අඩු ගානේ.

:       1       152

මුණසිංහ Wednesday, 23 June 2021 05:50 PM

සම්පූර්ණ ඇත්ත. අර තක්සලාව මේ තක්සලාව නෙවෙයි. ළමයින්ට හුරුපුරුදු තක්සලාවේ ගුරුවරුන්ගෙන් තව දුරටත් ඉගෙන ගන්න පහසුකම් සලසන්න. ඉන්ටර්නෙට් සම්බන්ධතා නැති පළාත් වලට පහසුකම් දෙන්න. ඒවායේ මිල අඩු කරන්න. ⁣ටැබ්වල මිල අඩු කරන ක්‍රමයක් හොයන්න. පාසල්වල අන්තර්ජාල පහසුකම් දෙන්න. ගුරුවරුන්ගේ දුෂ්කරතා බලන්න.

:       2       125

ravi Wednesday, 23 June 2021 06:31 PM

ඇයි මහාචාර්යවරයාට තේරෙන්නේ නැත්තේ ඉන්ටර්නෙට් මගින් උන්ගන්වන එක අඩු අාදායම්ලාභීන්ට කරගන්න බැරි බව? ලංකාවේ ටීවී චැනල් කීයක් තියෙනවද? ඒ හැම එකකින්ම දිනකට පැය 4ක් බැගින් අරගෙන ක්‍රමවත්ව පාඩම් සකස් කර විකාශනය කළා නම් දරුවන්ට යම් හෝ සහනයක් තියෙනවා නේද?

:       0       89

මාතර සත්‍යපාල Wednesday, 23 June 2021 07:03 PM

කාලෙකට පස්සෙ ටිකක් බුද්ධිමත් කථාවක් අහන්න ලැබුණා. මහාචාර්යතුමාගේ මොලේ පෑදිලා වගෙයි.

:       70       4

කිරිපුතා Wednesday, 23 June 2021 07:18 PM

ළමයි කියන්නේ රටක අනාගතය. ඔවුන් සුරැකිය යුතුයි. ලෝකයේ හැම රටක්ම පාසල් වසාගෙන මාර්ගගත ක්‍රමය භාවිතා කරනවා. පාසල් විවෘත කරන්නට කළබල විය යුතු නෑ. මාර්ගගත පහසුකම් නැති ළමයින් ගැන බැලිය යුතුයි. මේ සෑම ප්‍රශ්නයක් ම දේශපාලන ඇස්වලින් බැලීමට තරම් අප අමනයින් නොවිය යුතුයි..

:       115       115

ana Wednesday, 23 June 2021 10:03 PM

පන්තියක සිසුන් 20 ට අඩු පාසල් ආරම්භ කරන්න. ඒ වාගේ පාසල් දරුවන්ට තමා අන්තර්ජාල පහසුකම් නැත්තේ... තදබදය අඩු නිසා සෞඛ්‍යාරක්ෂිතයි. නගරබද පාසල් දරුවන් සිටින අධික තදබදයක් සහිත පාසල් ඔන්ලයන් ක්‍රමයට යමු... එම දරුවන්ට බොහෝවිට ඔන්ලයින් තියෙනවා. එම පාසල්වල ඔන්ලයින් නැති දරුවන් පමණක් පාසලට ගෙන් වූ විට සෞඛ්‍යාරක්ෂිතව අධ්‍යාපනය ලබාදිය හැකියි.

:       37       4

kal Saturday, 26 June 2021 06:14 PM

මෙහෙම කරන්න බැරිද? ඔන්ලයින් ඉගෙන ගන්න පුලුවන් ළමයි සංගණනයක් කරලා එහෙම ඉගෙන ගන්න බැරි අය පාසලට ගෙන්නලා ඒ පාඩම ඒ වෙලාවේම ඔන්ලයින් විකාශය කරන්න බැරිද? එතකොට ළමයි පන්තියක 20ක් ඉන්නවා නම් 10 දෙනෙක් වගේ ගෙන්නලා පාඩම් ටික කරන්න පුලුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලොහාන්ගේ රිය ගැන තවත් තොරතුරු එළියට
2024 නොවැම්බර් මස 04 530 0

නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්


වලානෙන් හිටපු මන්ත්‍රී සේමසිංහගේ නිවෙස පරීක්ෂා කරයි
2024 නොවැම්බර් මස 04 717 0

එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 241 0

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


හිටපු දේශපාලකයන් 4ක් රජයේ බංගලා බාරදී නෑ
2024 නොවැම්බර් මස 04 627 0

හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන


ජාජබ ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා පමණයි
2024 නොවැම්බර් මස 04 642 0

ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද


’’විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය නෑ’’
2024 නොවැම්බර් මස 04 658 0

විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 388 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 685 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site