කොරෝනා වයිරසය ලංකාව තුළ ව්‍යාප්තවීම පාලනය කිරීමත් සමඟ දිවයින පුරා පාසල් කටයුතු අද(06) නැවතත් ආරම්භ කෙරිණි.
පාසල් සිසු සිසුවියන් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් පාසල් කරා පැමිණෙන අයුරු මෙම ඡායාරූපයන්හි දැක්වේ.
(ලහිරු හර්ෂණ - කොළඹ ලුම්බිණි විද්‍යාලය)
(කේ. බුද්ධික කුමාරසිරි - හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය)
(ප්‍රියානි මංගලිකා - නිකවැරටිය)
(තරංග ගුණරත්න - කඹුරුගමුව)
(තිලකරත්න දිසානායක - ගම්පහ ගෝතමී විදුහල)
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ - බණ්ඩාරගම ජාතික පාසල)
(ටී එල් ජව්ෆර්කාන් - මඩකලපුව)
(ජයරත්න වික්‍රමාරච්චි- පුත්තලම සාලිය ආදර්ශ මහ විද්‍යාලය)
(රංජිත් රාජපක්ෂ - වතුකරයේ පාසල්)
(ක.ග. කරුණාරත්න - පොළොන්නරුව)
(දීපාල් ද සිල්වා - අම්බලන්ගොඩ පී.ද. එස්. කුලරත්න මහා විද්‍යාලය)
(ප්‍රසාද් රුක්මාල් - බදුල්ල)
(එම් .ආර් .ප්‍රියශාන්ත - රඹුක්කන කෑ / සුජාතා කනිෂ්ඨ විදුහල)
(ඩබ්. ඒ. පියතිලක - පොළොන්නරුව)
(මොහොමඩ් ආසික් - අලවතුගොඩ ජාතික පාසැල)
(එච්. චන්දන-පුත්තලම ආනන්ද ජාතික පාසල)
පාසලට පැමිණි සිසු දරුවන්ට සෙත් පතා කොහොඹා කන්කාරිය ආශ්‍රිත ශාන්ති කර්මයක් පවත්වා ආශිර්වාද කිරීමක් ද සිදුකෙරිණි.
(පාලිත ආරියවංශ - බදුල්ල)
(දයාරත්න ඇඹෝගම - අනුරාධපුරය)
(දිනේෂ් උපේන්ද්‍ර - කුලියාපිටිය)
(ඡායාරූප - ගයාන් අමරසේකර ) කොලොන්නාව බාලිකා විද්‍යාලය
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාසල් යළි ඇරඹෙයි
විජිත් Monday, 06 July 2020 07:00 AM
දුවේ පුතේ, ඔය ගොල්ලෝ ලොකු නිවාඩුවකින් පස්සේ අද පාසල් යනවා.. සතුටුයි නේද..? යහළුවන්.. ගුරුවරු.. ඔක්කොම ආයෙත් හමුවෙනවා. හැබැයි මේ පාර ටිකක් ප්‍රවේශම් වෙන්න. ලෙඩරෝග වලින්. විශේෂයෙන්ම කොරෝනා වයිරසයෙන්. ඔබ පැය භාගයකටවත් වරක් හැකිනම් අත් සෝදන්න. මුහුණුනම් අල්ලන්නම එපා. මාස්ක් එක දමාගෙන ඉන්න. හැකිනම් තවත් අලුත් මාස්ක් දෙක තුනක් ඔබේ බෑගයේ රැගෙන යන්න. පාවිච්චි කළ මාස්ක් හැමතැනම විසි කරන්න එපා. අපද්‍රව්‍ය දැමීම සඳහා නියමිත"කුණු භාජනයට" ඒවා දමන්න. වෙනදා වගේ නොවෙයි.. මේ පාර " කඩ චෝරු" කෑමෙන් ටිකක් වළකින්න. මේ අද විද්‍යාඥයින් සොයාගත්තා වායුගෝලයේ කුඩාම අංශු මතත් කොරෝනා වයිරසය පවතිනවා කියලා. නිරාවරණය කළ, ආහාර විකුණන තැන්වලින් "අරවා, මේවා.." කන එක නවත්වන්න අමාරු තමයි. එ්ත් ඉතින් මොනවා කරන්නද.? අනවශ්‍ය ලෙස වැස්සට තෙමෙන්න එපා. විශේෂයෙන් අලුත් වැස්සට... පාසැල් බස් එකේදීත් හැකි උපරිමයෙන් ප්‍රවේශම් වෙන්න. තව එකක් එ්ත් මේ කොරෝනා ගැන නොවෙයි.. ඔබ බසයෙන් බැස්ස පසු .. බසයේ " පිටුපසින්" ගොස් පාර මාරුවෙන්න. ඉතින් දරුවනි, හොඳට ඉගෙනගෙන රටට වැඩදායි, නීති ගරුක, විනීත, අවංක රටවැසියෙක් වෙන්න. ඔබට " සුව දායක" පාසැල් වාරයක් මම පතනවා.
සමිත සේනක අලුත්ගමගේ. Monday, 06 July 2020 07:17 AM
රටේ ජීවනාලිය බඳු මේ සුන්දර ළමා පරපුර කිරිකොකුන් සේ දුටුවිට සිතට ඇති වන්නේ පුදුමාකාර සතුටක්... මේ සුන්දර පාසල් විය අප ගෙවූ ආකාරයට වඩා මේ දරුවන්ට හිස මත පැටවී ඇත්තේ මොනතරම් වගකීම් සම්භාරයක්ද? කොරෝනා කළ මේ හදිය සුළුපටු කරදරයක් නොවේ. මීටරේ දුර මුහුණුවැස්ම ආදියත්, වෙනදා එකට කෙළිදෙලෙන් එකිනෙකා ආසන්නයේ සිටි ජීවිතය අද දුරස් වී ඇත.. අනේ ! දරුවනේ, ඒත් මේ වසංගත වෛරසය මේ රටින් තුරන් වෙනතුරු ඔයාලට මෙසේ ඉන්න සිදුවෙනවා. මෙය මහ කරදරයක් වුණත්, නිරෝධායන නීතිරීති හරිහැටි පිළිපදින්න. ඔබගේ විනය හා නීතිරීති පිළිපැදීම තුළ ඔබේ ආරක්ෂාවත් රටේ ආරක්ෂාවක් පවතියි. එ් නිසා බුද්ධිමත් දරුවනේ, මේ මොන බාධක ආවත් අධ්‍යාපන කටයුතු ඉහළින්ම කරගෙන මේ රට ලොව බුද්ධිමත් පැත්තෙන් ඉහළටම ගෙනයෑමේ වගකීම ඔබ සියලු දෙනා සතුයි. ලෝකය රටකට සලකනුයේ එහි සිටින අන්තවාදී අනුවණයන් නිසා නොවේ. බුද්ධිමතුන් වෙනුවෙනි.., එබැවින්, ඔබ බුද්ධිය මුවහත් කරගෙන මේ රටත්, ලෝකයත් බබලවන්න කටයුතු කරන්න දරුවනේ... ඔබසැමට ජයෙන් ජය...!!!
පූජා Monday, 06 July 2020 10:13 AM
අපි පාසැල් ගිය ඒ සොඳුරු මතකය අලුත් වී, දෑසට කඳුලක් නැඟුනි. මොනවා කරන්නද ප්‍රිය දරුවනේ..? කාලය මැවූ වෙනසක අරුමය... ජීවිතේ හැම දෙයක්ම අපට කැමති විදිහට වෙන්නේ නැහැ... අපේ කාලයට වඩා ඔයාලගේ වර්තමානය අභියෝග වලින් ගහණයි. මට හොඳටම විශ්වාසයි ඔබලා උට්ඨාන වීර්යයෙන් යුක්තව ඒ අභියෝගය ජය ගන්නා බව.. අපි පාසැල් යන කාලයේ "ගුරු දෙවිවරුන්" අපට කියා දුන් වැකියකින් මම මේ සටහනින් නවතින්නම්.. "උගත මනා ශිල්පයමයි මතු රැකෙනා.."