IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පාසල් වෙලාවේදී ටිෂුන් කළ ගුරාට වැඩ වරදි

(දයාරත්න ඇඹෝගම)

පාසලේ සේවයට වාර්තාකර උපකාරක පංතියක සිසුන් පිරිසකට මුදලට ඉගෙන්විමට ගිය අනුරාධපුර, පාසලක උසස් පෙළ සිසුන් සදහා සංයුක්ත ගණිතය ඉගැන්වු ගුරුවරයෙකුගේ වැඩ තහනම් කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා පැවසිය.

මෙම ගුරුවරයා පාසල් වේලාවේ  උපකාරක පංතිවල සිසුන්ට මුදලට උගන්වන බවට දෙමාපියන් පිරිසක් විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට පැමිණිලි කොට තිබුණි.

එම පැමිණිල්ල මත පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා තවත් මාණ්ඩලික නිලධාරින් පිරිසක් සමග එම පාසලේ නිරික්ෂණය නිරතවු අවස්ථාවේ මෙම ගුරුවරයා පාසලේ ගුරුවරුන්ගේ පැමිණිමේ ලේඛනයේ අත්සන් කොට පාසලෙන් පිටතට ගොස් සාලියපුර ප්‍රදේශයේ උපකාරක පංතියක සිසුන්ට උගන්වා ඇති බවට අනාවරණයවු බව  පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසිය.

එසේම මෙම ගුරැවරයා කිසිදු බලධාරියෙකුගේ අනුමැතියකින් තොරව මෙම වසරේ මේ දක්වා දින 26 ක් නිවාඩු ලබාගෙන ඇති බවත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසිය.

ඒ අනුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා  ඊයේ (17)දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ගුරුවරයාගේ වැඩ තහනම් කොට තිබුණි.



අදහස් (11)

පාසල් වෙලාවේදී ටිෂුන් කළ ගුරාට වැඩ වරදි

Perera Thursday, 18 July 2024 10:48 AM

රජයේ හිඟන වැටුපට වඩා කීප ගුණයක් ටියුෂන් වලින් හොයනවා ඇති

:       25       12

gundaFriday, 19 July 2024 01:57 PM

පෙරේරා මහත්තයා, ලංකාවේ ගුරුවරුන්ට ලංකාවේ හැටියට ඉහළ වැටුපක් ගෙවනවා. කොච්චර දුන්නත් ඔවුන්ට මදි... පන්ති කාමරයේ දරුවගේ විෂයට අදාළ පාඩම් නොකර ටියුෂන් කරන එක හරිද? බොහෝ දේවල් ඔවුන් ගැන කියන්න පුළුවන්. රටේ සැබෑ තත්වය හෙළි කරන්නේ නැතිව කටට ආපු පලියට හිස්වචන දොඩවන්න එපා.

:       2       0

Thasmila Rithosha Thursday, 18 July 2024 10:49 AM

AKD ගෝලයෙක් වෙන්න ඕනේ

:       23       23

sandun Thursday, 18 July 2024 10:52 AM

වැඩේ නම් හොඳයි. හැබැයි ලංකාවෙ රාජකාරි වෙලාවෙදි ටියුශන් කරන ගුරාලට වැඩිය රාජකාරි වෙලාවෙදි පුද්ගලික චැනෙල් කරන දොස්තරල ඉන්නව. රෝහලේ නිල නිවස තුලම. ඇයි ඒවට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්තෙ.? ඒගොල්ලො වෙනම පිරිසක්ද?

:       4       43

පුරවැසියා Thursday, 18 July 2024 12:17 PM

සංවර්ධිත රටවල මේ වගේ නිව්ස් නැහැ මොකද එම රටවල පුරවැසියා ගේ ආර්ථික ආරක්ෂාව වෙනුවෙන් රජය විසින් සුදුසු ක්‍රමවේද සකස් කරලා තියෙන නිසා. නමුත් අපේ රටේ එවැනි වාතාවරණය ක් නැති බැවින් මෙවැනි නිව්ස් ඉදිරියටත් බලාපොරොත්තු වෙන්න වෙනවා. මෙය කෙසේ හෝ වෙනස් කල යුතුයි

:       2       15

Lalla Thursday, 18 July 2024 01:20 PM

දොස්තර කෙනෙකුට ලැබෙන මාසික වැටුප දීමනා එක්ක කොපමණද කියල හොයලා බලන්න. අනික ඔවුන්ට අනිවාර්යයෙන්ම අතිකාල වැඩ කරන්න වෙලා වෛද්‍ය හිඟය නිසා.ඒ අඩුම මුදලකට. ඒ වගේම හිතන්න සියලුම ලෙඩුන් රෝහලට එන්න වුනොත් ඇතිවන තත්ත්වය තදබදය. පෞද්ගලික වෛද්‍ය සේවා මගින් රෝගීන් තූනෙන් එකකට වඩා ප්‍රතිකාර ගන්නව.ඊර්ෂ්‍යාව රුසියාවට වඩා ලොකු නේද?

:       15       5

sandunThursday, 18 July 2024 05:56 PM

තදබදය ඉබේ ඇතිවෙලා නෙවෙයිනේ. දොස්තරලා නිර්මාණය කරපු එකක්නේ. ඒකට තම පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඕනෑ කියන්නේ. ඒක දාන්න දෙන්නෙත් නෑ.. තමන්ගෙ තැන නැති වෙනවාට බයේ. රටෙනුත් පනිනවා උපාදිය ගත්තාට පස්සේ. මේනිසා අනිවාර්ය අතිකාල කරන්න ඕනෑ කිව්වේ මෙච්චර කල් අති කාල ගත්තේ හොරාට නිසා වෙන්න ඇති. දැනුත් හොරාට තමා ගන්නේ. ලංකාවේ හැටියට නිකන් උගන්නලා රටේ ඉහළම වැ‍ටුපක් දෙනවානේ. ඒ මදිවාට වාහන පර්මිට් දෙනවා. අඩුම පොලියට ඇපකාරයෝ නැතුව ණය දෙනවා. හවසට පුද්ගලික කඩවලට දුවන්න අවසර දීලා තියෙනවා. වාහන රක්ෂන වලට වෙන මිනිස්සුන්ගෙන් වැඩියෙන් අයකරගෙන ඒ මුදලින් දොස්තරලාට 30 % ක සහනයක් දීලා තියෙනවා ඉතින් මදිද රටේ හැටියට?

:       0       1

kanishkaThursday, 18 July 2024 06:32 PM

ඔය නොකියාම කියල තියෙන්නෙ දොස්තරල රාජකාරි වෙලවේ තාම පුද්ගලික සේවය කරන්නේ කියල. යස අගේට සාධාරණීය කරලත් තියෙන්නෙ.

:       0       0

අයි.ජී.එල්. අම්බලන්ගොඩ Thursday, 18 July 2024 02:03 PM

අනිවාර්යයෙන්ම දඩුවක් කල යුතුයි.

:       0       13

likil Thursday, 18 July 2024 07:06 PM

රාජකාරි වෙලාවේදී ත්‍රීවීල් පදින නගර සභා නූගත් සේවකයෝ...! එතකොට ඔටුවොද?

:       1       7

ඩෙස් Friday, 19 July 2024 09:24 AM

හොඳ තීරණයක්. තවත් ඡන්ද ලක්ෂ ගණනක් එතුමාට අහිමි කිරීම ගැන ස්තුති කළ යුතුයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2794 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2018 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2887 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2895 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 657 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1304 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36035 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 516 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site