IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


පාසල් විවෘත කිරීමට තවත් බලා සිටිය යුතු නැහැ

(සුජිත් හේවාජුලිගේ )

පාසල් නැවත විවෘත කිරීමට තවත් බලා සිටිය යුතු නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.

බොහෝ බටහිර රටවල් ආසාදිතයන් වැඩි වූවත් පාසල් විවෘත කළ බව සඳහන් කළ මහාචාර්යවරිය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මේ වසරේ මැයි මාසය වනවිට පාසල් වසා දමා තිබුණේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 23ක් පමණකැයිද සඳහන් කළාය.

යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හෙන්රීටා ෆෝ සහ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඔඩ්‍රි අසෝලේ උපුටා දක්වමින් ඇය මෙම තොරතුරු ඉදිරිපත් කළාය.

ලබන ජනවාරිය දක්වා දරුවන් ගෙවල්වල තබා ගැනීමට මවුපියන් එකඟදැයි නීලිකා මලවිගේ මහත්මිය පෙරළා ප්‍රශ්න කළාය.

 



අදහස් (51)

පාසල් විවෘත කිරීමට තවත් බලා සිටිය යුතු නැහැ

Lakaya Saturday, 04 September 2021 05:06 PM

මෙයාට පිස්සු හැදිලා වෙන්න ඕනේ එහෙනම්...

:       19       81

GAMUNUSaturday, 04 September 2021 06:15 PM

බොහෝ බටහිර රටවල් ආසාධිතයින් වැඩි වූවත්, පාසල් විවෘත කළත් මෙම රටවල බහුතරයක් පුරවැසියන් හට එන්නත් දෙකම හෝ අඩුම වශයෙන් එක එන්නතක් හෝ ලබාදී ඇත. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 23ක් පාසල් වසා දමන ලද හේතුව සමහර විට එම රටවලට එන්නත් නිසි ආකාරයට නොලැබීම නිසා වන්නට ඇත. කළයුතු වන්නේ බටහිර රටවල් තානාපති අංශ මගින් නිසි තොරතුරු ලබාගෙන එම දත්ත විශ්ලේෂණයකින් පසුව ලංකාවේ පාසල් විවෘත කිරීම පිළිබඳව නිවැරදි නිගමනයකට පැමිණීම වේ. මේ වනවිට ලංකාවේ ජනගහනය මිලියන 21කි. එන්නත් දෙකම ලබා දී තිබෙන්නේ ලක්ෂ 10කට බව රජය කියා සිටියි. එමනිසා රට තුළ එන්නත් දෙකම සහ එක එන්නතක් ලබාගෙන සිටින ප්‍රතිශතය අනුව සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සුදුසු වේ. වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මගින් ගන්න තීන්දු සහ ඔවුන්ගේ උපදෙස් මත රජය පාසල් විවෘත කිරීම පිළිබඳව තීන්දු කළයුතුවේ. පාසල් විවෘත කිරීම දේශපාලකයින් හෝ යුද හමුදා තීරණය නොකළ යුතු කරුණකි.

:       32       30

Nihal Saturday, 04 September 2021 05:12 PM

බොහෝ රටවල හතිය තිබෙන, තරබාරු දරුවන්ට පළමුව බෙහෙත විදලයි පාසල් පටන් ගත්තේ...

:       3       49

Kolitha Saturday, 04 September 2021 05:16 PM

කරුණාකර මේක කියන්න ඒකාබද්ධ නායකයින්ට... අපිට සහ අපේ දරුවන්ට කියන්න එපා...

:       7       34

කිරි පුතා Saturday, 04 September 2021 05:31 PM

ළමයින් යනු රටේ අනාගතයයි. ඒ අනාගතය රැකගෙන අධ්‍යාපනයද නොකඩවා ගෙනයෑමට දුරස්ථ අධ්‍යාපන ක්‍රමය වඩා සුදුසුයි. ළමයින් අතර රෝගය පැතිරී මහා විනාශයක් නොවන ලෙස සීරුවෙන් පාසල් පද්ධතිය විවෘත කළ යුතුව ඇත. ඊට තව කල් බැලිය යුතු යැයි තියෙන වාතාවරණය යටතේ සිතීම වරදක් නැත..

:       9       54

දිසා......ගම්පහ. Saturday, 04 September 2021 05:35 PM

පාසල් විවෘත කිරීමට පෙර ශ්‍රී ලංකාවෙහි ආසාදිතයින් ගැන සිතන්න වේවි. පාසල් විවෘත කිරීමෙන් පසුව " පාසල් රැල්ලක් " ඇති වුවහොත් කොහෙන් නවතීදැයි සිතන්න වේවි. පාසල් විවෘත කළත් රටේ පවතින තත්ත්වය මත දරු සෙනෙහසක් ඇති මව් පියවරුන්, දරුවන් පාසල් එවාවිදැයි සිතන්නත් වේවි...!!!

:       5       53

mihira Saturday, 04 September 2021 05:37 PM

මෙයාට මේ මහාචාර්යකම දුන්න කෙනාගේ නම දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද?

:       18       70

සමන්තSaturday, 04 September 2021 06:28 PM

මෙතුමිය ලංකාවේ ජනතාව ගත් එන්නත් හා එන්නත් ගත් පිරිසේ කොරෝනා මරණ පිළිබඳව දත්ත අරගෙන ඒවා සංසන්දනය කරලා ටුවිටර් පණිවුඩයක් නිකුත්කරලා තිබුණා මීට සතියකට විතර ඉස්සෙල්ලා. එම දත්ත පත්තරවලත් පළවෙලා තිබුණා. සංඛ්‍යානය පිළිබඳව චූටි අවබෝධයක් තියෙන අයෙක් එවැනි සංසන්දනයක් ජීවිතයට කරන්නේ නැහැ... ඒවා පත්තරවලත් පළකරලා තිබුණා. මහාචාර්ය වෙන්න රිසච් පේපර් පළකරන්න ඇත්තේ ඔය විදිහටම වෙන්න ඇති. ලංකාවේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට පාරේ බැහැලා යන්න තියෙන අවස්ථාව නැති කරන්ඩ එපා නෝනා....

:       17       48

විජේ Saturday, 04 September 2021 11:12 PM

විශ්වවිද්‍යාලවල ළමයි පාස්කරන ක්‍රම ගැන සන්නස්ගල මහතා යූටියුබ් එකේ දාලා තියනවා. මාත් තාම බැලුවෙ නෑ, බලන්න ඕනෙ.

:       3       17

ගමේ එකාලා Saturday, 04 September 2021 05:56 PM

මෙයා නම් කියයි. දරුවන් 25 ක් මැරුණා කියලා තිබුණා. මොන ලෝකෙද දන්නේ නැහැ ඉන්නේ...?

:       4       51

පෙරේරා Saturday, 04 September 2021 06:01 PM

කොවිඩ් ආසාධිත ළමයෙක් ඉස්කෝලේ එනවා කියන්නේ, වෙඩි බෙහෙත් ගබඩාවකට ගිනිකූරක් දැම්මා වගේ තමයි. ළමයින් හැසිරෙන හැටි (ඒ හැසිරීම වරදක් නෙවෙයි ඒක එයාලගේ හැටි) දන්නේ ඉස්කෝලේ ඇතුලේ ඉන්න අය තමයි...

:       6       53

upali Saturday, 04 September 2021 06:03 PM

වෙන රටවල තමන්ටම පරික්ෂා කරගන්න ඇන්ටිජන් කිට්ස් (antigen Kits) ඕනෑම තැනකින් මිලදී ගන්න පුළුවන් ඉතාම අඩු මුදලට... බොහෝ විට ඔවුන් නොමිලේ ලබා දෙන්නේ. ලංකාවේ ඡන්දෙට උදව් කළ අයට සලකන්න ඕනෑ නිසා අපට ඒ අවස්ථාව නැහැ. නුදුරු අනාගතයේදී වත් අපට එහෙම පුළුවන් වුණු දවසක පහසුවෙන් පාසල් අරින්න පුළුවන් වේවි...! මොකද අපිටම පරීක්ෂා කරගන්න පුළුවන් නිසා දෙමාපියන් බොහෝ සැලකිලිමත් වේවි දරුවන්ව පාසල් යවන්න.

:       5       48

Wimala Saturday, 04 September 2021 06:07 PM

අපි නම් ළමයි මේ අවුරුද්දේ පාසල් එවන්නේ නැහැ.

:       5       54

gunarathnaSaturday, 04 September 2021 07:09 PM

නෝනා.... ළමයි ගෙදර හිටියට ළමයින්ගේ වයස නවතින්නේ නැහැ.. මෙහෙම ගියොත් පළවෙනි වසරට යන ළමයගේ වයස අවුරුදු 10ත් පනිවි... මේ වැඩෙන් වෙන්නේ ළමයින්ගේ මුළු ජීවිතයම කඩා වැටෙනවා.. දැන් කරන්න ඕනේ ළමයින්ව ගෙදර තියාගන්න නෙමෙයි.. පාසල් අරින්න කියලා උද්ඝෝෂණය කරන එක...

:       6       2

සමන්ත Saturday, 04 September 2021 06:16 PM

ඔබ ජනමාධ්‍ය ඉදිරියේ දක්වන රංගනයට දරුවන් යොදාගන්න එපා. දරුවන් ඉන්න දෙමව්පියන් කියන කථාවක්ද මේ...?

:       8       57

Sama Saturday, 04 September 2021 06:35 PM

පිස්සු හැදිලද?

:       7       44

Ishara Samarasekara - UK Saturday, 04 September 2021 06:35 PM

ඊළඟට එන්නේ කඨින පිංකම් රැල්ල... බොරු නම් බලන්න..

:       12       27

dhamneth Saturday, 04 September 2021 06:39 PM

ඔස්ට්‍රෙිලියාවේ පාසල් වහල.වයස අවුරුදු 4 ක කුඩා දරුවෙකුට රෝගය වැළදිලා ඒ් ගැන දැඩි අවධානය ‌ යොමු කර තියෙනවා

:       0       1

Kodi Saturday, 04 September 2021 06:48 PM

මේකෙම තියෙනවා දරුවෝ 25 ක් මේ රෝගයෙන් මිය ගිහින් කියලා. නෝනේ, ඔයාගේ මොළය අවුල්ද? අපිට දරුවෝ තරම් වටිනා දෙයක් නෑ...

:       7       38

කමල් සිල්වා Saturday, 04 September 2021 06:50 PM

ඔය අයගේ ළමයි යන්නේ ලොකු ලොකු ඉස්කොල වලට, ළමයි ලෙඩ වුණාම ඉස්පිරිතාලවල බලන්නෙත් නෑ.. මේ අය නම් කියයි. ඉගෙන ගන්න පුලුවන් ජීවත්වෙලා හිටියොත්... මේ ගෑණුන්ට පිස්සු...

:       6       38

රශ්මි Saturday, 04 September 2021 06:54 PM

මෙතුමිය සහ මෙතුමියගේ ගෝලයා, ජීවන්දර මහත්තයි දෙන්නයි හිතන් ඉන්නේ, කෝවිඩ් ගැන මේ ලෝකේ ඔවුන් දෙදෙනා තරම් දන්න දෙන්නෙක් තවත් නෑ කියලා. මුලින් කිව්වේ ඩෙල්ටා කොළඹින් පිට ගිහින් නෑ කියලා. WHO වාර්තාවකින් කිව්වට පස්සේ රට පුරා ඩෙල්ටා ප්‍රභේදය පැතිරිලා ගිහින් කියලා, ශේප් එකේ කියන්න ගත්තා. ඔව් දැන් ඩෙල්ටා රට පුරා පැතිරිලා ගිහින් කියලා. වෙලාවකට හිතෙනවා කට මෙයාලගේ වුණාට පිටිපස්සෙ තියෙන දේ වෙන කාගෙවත්ද කියලා...

:       8       54

Rose Saturday, 04 September 2021 07:01 PM

අනිවාර්යයෙන් මෙයාගේ දරුවෝ පාසල් ගිහින් අවසන් ඇති

:       6       23

jagath Saturday, 04 September 2021 07:10 PM

පාර්ලිමේන්තු රැල්ලට කී දෙනෙක් අහුවුණාද?

:       0       1

Lakmal Saturday, 04 September 2021 07:11 PM

මේක තමයි ඇත්ත. එන්නත දෙන්න කලින් මීට වඩා ගොඩක් මරණ සිදුවුණු රටවල පාසල් විවෘතව තිබ්බා... පාසල් වසා දැමීමෙන් වෙන හානිය කොරොනාවෙන් වෙන හානියට වඩා වැඩියි. ඔන්ලයින් අධ්‍යාපනයෙන් දරුවන් පිස්සන් වෙනවා.

:       3       1

Simiyon Saturday, 04 September 2021 07:24 PM

ළමයි මැරුණම ඔන්ලයින් සාප්පුවෙන් මිනී පෙට්ටියි මල් එහෙම විකුණන්න හිතන් වෙන්න ඇති කියන්නෙ..

:       5       16

මුණසිංහ Saturday, 04 September 2021 07:31 PM

කස කරුවන් පැමිණෙන වගයි

:       3       16

දසුන් Saturday, 04 September 2021 07:36 PM

අදහස් දමා ඇති ඉහත පිරිසට අනුව ඔවුන්ගේ විෂය දැනුම ඉතා ඉහල බව පෙනේ. පුදුම දැනුම් සම්භාරයක් නොවැ තියෙන්නේ. ඔබලා කොවිඩ් කාර්ය සාධක බලකාය හා එක් 'නොවීම' නම් රටේ වාසනාවකි.

:       17       10

Sriland Saturday, 04 September 2021 07:39 PM

ඔබතුමියට ගොඩක් පින් මේ ගැන අධ්‍යාපනයක් නැති අධ්‍යාපන අමාත්‍යංශයට මතක් කලාට

:       11       6

Sri Lanka Saturday, 04 September 2021 07:41 PM

අපි විරුද්ධයි පාසල් වහගෙන ඉන්නවට.

:       20       7

Prase Saturday, 04 September 2021 09:28 PM

වැහුවත් අරින්න කියනවා. ඇරියොත් වහන්න කියනවා. මේ අය බලන්නේ ඇග බේරගන්න රජයට චෝදනා කරන්න

:       4       10

අතුල සෞදි Saturday, 04 September 2021 09:30 PM

භුමිතෙල් ගෑවුනු ගැරඬි වගේ හැසිරෙන්න අවශ්‍ය නැහැ. අපි දිගටම වර්ජනය කරනව කියලා කිව්වනම් ඇති මේකෙ ඉන්න ගුරුවරු ටික.

:       10       6

pakeer Saturday, 04 September 2021 09:54 PM

මම එදත් කිව්වා. මේ අය නමට විතරයි මහාචාර්ය. අපිත් ගෙවල් වල හිටිය 87/88/89. පාසල් ගියේ නැහැ. මොකද ඒ කාලේ ළමයි ඉගෙන ගත්තේ නැද්ද?

:       6       19

ගුණසේකර Saturday, 04 September 2021 09:59 PM

අනේ මන්දා මොවුන් මහාචාර්ය වුනේ කොහොමද කියලා. දරුවො මැරිලා යනවට වඩා ගෙදර ඉන්න එක හොදයි කියලා තේරුම් ගන්න බැරි අය

:       3       24

Sswickrama Saturday, 04 September 2021 10:03 PM

පාසැල් විවෘත කිරීම නොවෙයි ගැටලුව පාසැල් විවෘත කරන ක්‍රමවේදය කුමක්ද? ඒ පිළිබඳවයි ඔය උපදේශකයන් හා රටට ආදරය ඇති ගුරුවරුන්ගේ අවධානය යොමු කළ යුතු වන්නේ. අඩුමගානේ මෙවර උසස් පෙළට හා සාමාන්‍ය පෙළට මූහුණ දෙන දරුවන් පිළිබඳව අධ්‍යයන බලධාරීන් ගෙන ඇති පියවර කුමක්ද ? අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති පියවර කුමක්ද ? වර්ජනය කරමින් සිටින ගුරුවරුන් පමණක් නොව සේවයේ නිරත යයි කියනු ලබන දහස් ගණනක් මාසික වැටුප් හා දීමනා ලබා ගනිමින් සිටින ඉහළ නිලධාරීන් කුමක් කරන්නේද ? පාසැල යන ආයතනය මගින් මෙම තත්ත්වයට අනුව දරුවන් වෙනුවෙන් නව හැකි දේ පිළිබඳ සොයා බලා වහාම කරවන්න 10 දෙනා බැගින් හෝ ගෙන්වා දරුවන් ගැන සොයා බලන්න නැත්නම් සැමදාම පාසැල් වසා දමා ගෙවීම් නතර කර දමා ජාතික ධනය ඉතිරි කරන්න

:       3       10

pradeep Saturday, 04 September 2021 10:29 PM

දෙමාපියන්ට වඩා ගුරුවරු ටික හොදටම කලබල වෙලා

:       11       11

රනිල් ජයකොඩි Saturday, 04 September 2021 10:37 PM

රට පටලවලා ගිනි තියනවා

:       2       14

Purawasiya Saturday, 04 September 2021 10:47 PM

මෙතුමිය දියුණු රටවල් සහ දියුණුවෙමින් පවතින රටවල් ගැන වෙනස දන්නා නැති වග හොදින් පෙනෙනවා

:       4       19

Ganesh Kumara Saturday, 04 September 2021 11:29 PM

මම ඇය සමග එකඟයි

:       22       8

ජපුරSunday, 05 September 2021 09:24 AM

එකගයි කිව්වාට බැහැ. එකග වෙන්න පුලුවන් කරුණු දක්වන්න ඕන. ඔබ ඇය යටතේ උපාධියක් හදාරණ අයෙක් නම් ඔය උත්තරය දුන්නාට කමක් නැහැ. මහදැනමුත්තගේ හැටියටනේ ගෝලයෝ රොත්ත වැඩ කරන්න ඕන.

:       0       8

swene Sunday, 05 September 2021 06:13 AM

එන්නත් වල සක්‍යතාවය ගැන ඔබ තුමිය එක විටක් සයිනොෆාම ඉතා හොඳයි කියලත් තවත් විටෙක ෆයිසර් සහ ඇස්ට්‍රසේනිකා තරම් සයිනොෆාම හොඳ නෑ කියලත් කිව්වා. පාසල් ඇරීම පිළිබඳ බටහිර සමග ගැලපීමේදී අපේ සමාජ විද්‍යාත්මක තත්වයත් සන්සන්ධනය කලයුතුයි. බටහිර වගේ නෙවෙයි ළමයෙක් එක්ක මවෙක් හෝ පියෙක් ද පාරට බහින බවත් ඒ අශ්‍රිතව බෝවීම වලට හිතකර තත්ත්වයක් නිර්මාණය නො වන්නේද? ප්‍රවීනයන් විසින් අදහස් පල කිරීමේදීත් එවා ජනගත කිරීමේදීත් අදාළ ප්‍රවීනත්වය ගැන නො සලකා හිටියොත් අප සියලුම දෙනා ම මුලාවට පත් වෙනවා. ප්‍රවීනයින් නුගත් මන්ත්‍රී කොටසක් තරමට පහලට නොයෑ යුතුයි. තමන්ගේ ප්‍රවීනත්වයට පිටින් වන දෑ පිළිබඳව "මහාචාර්ය" පට්ටමකුත් සමග අදහස් ජනගත කිරීම නොකලයුතුයි. ඒකයි නියම ප්‍රවීනත්වය

:       0       4

Hodatama kara Sunday, 05 September 2021 06:38 AM

වෙන රටවල තමන්ටම පරික්ෂා කරගන්න ඇන්ටිජන් කිට්ස් (antigen Kits) ඕනෑම තැනකින් මිලදී ගන්න පුළුවන් ඉතාම අඩු මුදලට... බොහෝ විට ඔවුන් නොමිලේ ලබා දෙන්නේ. ලංකාවේ ඡන්දෙට උදව් කළ අයට සලකන්න ඕනෑ නිසා අපට ඒ අවස්ථාව නැහැ.

:       0       3

lakvidu Sunday, 05 September 2021 06:41 AM

ඔයාට ඔහොම කියන්න කියලා කිව්වේ කවුද මෙයා.?

:       0       3

Lahiru Sunday, 05 September 2021 08:29 AM

මේ ගැහැනියට පාසල් යන ළමයි ඉන්නවද?

:       0       7

saman Sunday, 05 September 2021 11:55 AM

ප්‍රාථමික පන්ති අඩු තරමින් සිසුන්ගෙන් 30%ක් පමණ ගෙන්වාගෙන ආරම්භ කරන්න.

:       0       1

මහජනයා Sunday, 05 September 2021 11:59 AM

මෙතන අදහස් දක්වා ඇති බොහෝ අය ගුරු වැඩ වර්ජනයේ පුරෝගාමීන් බව නම් මනාව පැහැදිලියි. වසර දෙකකට අසන්න කාලයක් කිසිඳු වාර විභාගයකට මුහුණ නොදුන් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම සැබවින්ම කොතැනක ඇත්ද? මෙම දරුවන්ගෙන් කොතෙක් ප්‍රමාණයක් තම ශ්‍රේණියට අදාල දැනුම නොමැතිව ඊළඟ ශ්‍රේණියට රැගෙන යනවද? මෙම දත්ත ලබන්නේ අපොස සා.පෙ හෝ උ.පෙ හරහාද? ප්‍රමුඛතා අතර පාසැල ආරම්භ කිරීම පැහැදිලිවම ඉදිරියටම ආ යුතුයි. දැනටමත් අප ප්‍රමාදයි. නිද්‍රාශීලීව සිටීමෙන් මේ පිළිබඳ ඉක්මන් වැඩ පිළිවෙලක් ගොඩනැගෙන්නේ නැත.

:       1       0

කමල් සිල්වා Sunday, 05 September 2021 02:53 PM

ඇඩ්මින් කරැණෘකරලා මෙ නෝනිට ඔය කමේන්ට් ටික කියවන්ඩ සලස්වන්න - රටෙ ප්‍රායෝගික දැනුම බිංදුවයි - ජිවන්දරත් එක්ක එකතුවෙලා ආණෟඩුව බේර ගන්න දගලනවා - තමන්ගෙ ළමයින්ට ගෙවල්වලට ගෙන්නල උගන්නනවා කියලා අපි හොදටම දන්නවා - ළමයි මැරැණොත් වගකිම ගන්නවා කියල කෙලින් කියන්න නොනේ - එතකොට අපි ළමයි යවන්නම්

:       0       1

ගංගා Monday, 06 September 2021 07:44 AM

මොනව උනත් උසස්පෙළ කල් දාන්න් ඕනෙ පෙබරවාරි වලට .එහෙම උනේ නැත්නම් මේ අපේ ළමයින්ට ලොකු අසාධාරණයක් වෙන්නෙ. හරියට සිලබස් කවර් කරල නෑ. මේ ලමයි ලොකු මානසික පීඩනයක ඉන්නෙ. මේ රටේ අනාගතය. උසස්පෙළ කියන්නෙ සෙල්ලමක් නෙවේ. මේක ලමයින්ගේ මුලු අනාගත ජීවිතයම තීරණය කරන විභාගයක්. කරුනාකරල මේක කල් දාන්න.

:       0       0

Nuwa Monday, 06 September 2021 08:27 AM

ඔබ අප ඕනෑම කෙනෙක් දන්නවා මාකටින් ගැන. මාකටින් වලට යොදා ගන්නේ ජනතාව අතර ජනප්‍රියත්වයට පත් ජනාදරයට පත් තරු. මුලින් මුලින් ඇත්ත කියද්දී මිනිස්සුන්ගේ හිත්වල පැලපදියම් වෙනවා. බිස්නස් කරන කෙනා දන්නවා ගහන්න ඕනෑ පොයින්ට් එක. කෙලින්ම සෙලිබ්‍රිටි තරුවම අල්ලනවා. දැන් දැන් පේන්නේ ඒක. වෙන මුකුත් නෙමෙයි. ලංකාවේම මිනිස්සු පට්ටම මෝඩයිනේ...

:       0       1

sampath Wednesday, 08 September 2021 04:51 PM

විශ්ව විද්‍යාලයත් වහලා තියේනම් පාසල් අරින්න තියෙන තදියම කුමක්ද? දරුවන් පාසල් යවන්න කළින් මිනිස්සුන්ට කඩේ, පිලේ යන්න පුළුවන්... තත්වයක් එන්න ඕනේ.. අනෙක බෙහෙත් විදීම ගැන හරියට පර්යේෂණ කරලා නැහැනේ... දැන් කමිටුවේ ඉන්න කාලේ 10000 කට වැඩිය මැරුණා. මාර්ගගත පාසල් පටන් ගන්න 88-89 කාලෙත්.. අවුරුදු 2ක් පාසල් වහලා තිබුණේ ඒ අය තමයි දැන් ලොකු ලොක්කෝ වෙලා ඉන්නෙත්...

:       0       0

L.G.P.Jathunarachchi. Wednesday, 08 September 2021 09:39 PM

වෛද්‍යතුමනි, ඔබට කඩිනම් පියවර ගත හැකි නම් කරුණාකර ප්‍රමාදයකින් තොරව දැන්වත් ලංකාවේ පාසල් විවෘත කරන්න.

:       0       1

මිගාර ලක්ෂාන් දිසානායක Sunday, 03 October 2021 07:19 AM

අපිට හැකි ඉක්මනින් පාසැල් විවෘත කරලා දෙන්න.ඔන්ලයින් ඉගැන්වීම හරියටම හරි නෑ .අපි හැමෝම අසරණයි .ඉස්කෝලේ අරින්න කියලා ඉක්මනින්. මම 11 වසරේ තමා 10 වසරේ පාඩමක්වත් ඉස්කෝලේ ඉවර කරන්න බැරි වුණා .හැමදාම ෆෝන් ඒකේ ඉන්නත් බෑ .ඉස්කෝලේ වගේ පාඩම් වැඩ කරන්න එපා වෙලා ගෙදරට වෙලා ඉදලා .මම කියන්නේ අපිට පාසල් විවෘත කර දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 447 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1143 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 656 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 597 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 884 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 444 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 92 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site