IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පාසල් විවෘත කිරීමට පෙර විශේෂ පෙරහුරුවක්

(සුජිත් හේවාජුලිගේ)

පාසල්  කටයුතු පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් විශේෂ පෙරහුරුවක් පාසල් විවෘත කිරීමට පෙර  පැවැත්වීම කෙරෙහි   සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී ඇත.

පාසලේ කටයුතු පවත්වාගෙන යන  ආකාරය සම්බන්ධයෙන් විශේෂ  පෙරහුරුවක් ගුරුවරුන් සහ මවුපියන් එකතුවී පැවැත්වීම වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

පාසල් ආරම්භ කිරීමෙන්  පසුව රෝගීන් වාර්තාවීම අවම කර ගැනීමට නම් සෞඛ්‍ය උපදෙස් උපරිමයෙන් පිළිපැඳිය යුතු බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා  දරුවන්  පාසල් යෑමට නිවෙසින්  පිටවූ අවස්ථාවේ සිට නැවත නිවෙසට පැමිණෙන තෙක්  කළ යුතු ක්‍රියාදාමය  සම්බන්ධයෙන්  වැඩපිළිවෙලක් දැන් සිටම සකස් කළ යුතු බවද සඳහන් කළේය.

පාසල් ආරම්භ කිරීමෙන් පසු දරුවන් ට හැකි තරම් නැවත නැවතත්  පාවිච්චි කළ හැකි මුව ආවරණ ලබාදිය යුතු බවද හෙතෙම පැවැසුවේය.

දරුවන් නිවෙසින් පිටත්වූ අවස්ථාවේ සිට නිවෙසට නැවතත් පැමිණෙන තෙක් අනුගමනය කළ යුතු  ක්‍රියාමාර්ග පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කර  එය  නිවැරදිව ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීමට පෙරහුරුවක් පැවැත්වීම  වැදගත් බවත් එලෙස නිසි ආකාරයට කටයුතු කළහොත් පාසල් නැවත වැසීමෙන් තොරව  දිගටම පවත්වාගෙන යා හැකි වනු ඇති බවත් හේමන්ත හේරත් මහතා  පැවැසීය.

සිසුන් පාසල් පරිශ්‍රයේදී  නිසි පරිදි කළමනාකරණය කිරීම වැදගත් බව පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දරුවන්  විවේක කාලයේදී  සහ  ආපනශාලාවේ හා ක්‍රීඩාංගණයේ සිටින විට දුරස්ථභාවය ආරක්ෂා වන ආකාරයට  කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දිය යුතු බවද  ප්‍රකාශ කළේය.

මේ අතර පාසල් දරුවන් සඳහා ප්‍රමිතියකින් යුතු මුව ආවරණයක්  ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අවශ්‍ය කෙරෙන  පතරොම් දැනටමත් හඳුන්වාදී ඇති බවත්  ඔහු කීවේය.

පාසල් ආරම්භයට පෙර ප්‍රවාහනය සම්බන්ධයෙන්ද  ක්‍රමවේදයක් සකස් කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත්   සඳහන් කළේය. 



අදහස් (0)

පාසල් විවෘත කිරීමට පෙර විශේෂ පෙරහුරුවක්

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1522 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1192 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 817 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6238 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2303 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 873 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 328 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1760 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site