IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පාසල් ළමයින්ටත් බූස්ටර් එන්නතක්

(සුජිත් හේවාජුලිගේ )

පාසල් ළමයින් එන්නත් කිරීමෙන් පසු ඔවුනටද  ප්‍රතිශක්ති වර්ධක තුන්වෙනි මාත්‍රාවක් (බූස්ටර්) ලබාදීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය.

මේ අතර  පාසල් ළමයින්ට එක් එන්නත්  මාත්‍රාවක්ද  සංජානනීය රෝග සහිත දරුවන්ට එන්නත් මාත්‍රා දෙකක්ද ලබාදීමට කටයුතු යොදා ඇතැයි  හෙතෙම සඳහන් කළේය.

ගුණසේන මහතා මෙසේ පැවසුවේ කොවිඩ්  මර්දන කමිටු රැස්වීමේදීය.

ෆයිසර් එන්නත්  මාත්‍රා ලක්ෂ හයක්  ලබන 18 වැනිදා සඳුදා දිවයිනට ලැබීමට නියමිතව ඇති බවත්  ඇණවුම් කෙරුණු ෆයිසර් එන්නත්  අඛණ්ඩව ලැබෙමින් පවතින බවත්  ඔහු සඳහන් කළේය.

මේ අතර  අවුරුදු 18 -19  වයස්වල  කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ට එන්නත් ලබාදීම ඊයේ(15) සිට ආරම්භ කෙරුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා  කොවිඩ්  මර්දන කමිටු රැස්වීමේදී පැවැසීය.

දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල එම වයස් කාණ්ඩවල පාසල්  දරුවන්ට  කොවිඩ්  මර්දන එන්නත ලබාදීම  ලබන 21 වැනිදා  ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් කීවේය.

පාසල් දරුවන්ට  කොවිඩ් මර්දන එන්නත ලබාදීම  පාසල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මඟින්  සිදුකෙරේ.

කොවිඩ්  මර්දනය සඳහා සෞඛ්‍ය අංශ අනුගමනය කළ ගෘහස්ථ නිරෝධායන ක්‍රියාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ ඇගයීමට ලක්ව ඇතැයි  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙහිදී  පැවැසීය. 



අදහස් (3)

පාසල් ළමයින්ටත් බූස්ටර් එන්නතක්

Chandima Saturday, 16 October 2021 02:54 AM

කොළඹට කිරි... අපට කැකිරි.. ගෙන්න ගත්තු ණය ගෙවාගන්න ගමේ අපටත් සම්මාදම් වෙන්න වෙනවා නේද?

:       0       1

Sriland Saturday, 16 October 2021 04:01 AM

ණය උගුලට වඩා භයානක උගුලක් තමයි වැක්සීන් උගුල, ඉපදෙන්න ඉන්න අයටත් එක්ක ගහන්න බදු ගෙනැල්ලා ඇති.

:       0       1

Demuni Uduwara Saturday, 16 October 2021 05:01 AM

ළමුන් සඳහා බූස්ටර් ලබා දීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඇතිව සලකා බැලිය යුතුය.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 508 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 153 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1090 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 145 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 339 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2262 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site