(පාලිත ආරියවංශ සහ ප්‍රසන්න පද්මසිරි)
පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළී වූ අද(6) සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මගීන් 8 දෙනෙකු මිය ගොස් ඇති බව මඩොල්සිම පොලිසිය කියයි.
බස් රථයේ සිටි මගීන් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
බදුල්ල සිට ඇකිරිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරැළී මෙම අනතුර සිදුව තිබේ.
තුවාල ලැබූ මගීන් පස්සර සහ බදුල්ල රෝහල් කරා ගෙනයාමට ප්‍රදේශවාසීහු සහ පොලිසිය එක්ව කටයුතු කරමින් සිටිති.
මේ වනවිට බදුල්ල රෝහලට තුවාලකරුවන් 15දෙනෙකු පමණ ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
එම ප්‍රදේශයේ වැසි සහිත කාලගුණ තත්වයක් පැවති බවද, බස් රථය ලොරි රථයකට මාර්ගයේ ඉඩදීමට යාමේදී අනතුර සිදුව ඇතැයි අනාවරණය වූ බවද පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප සහ වීඩියෝ- ප්‍රසන්න පද්මසිරි)
(පස්සර රෝහල)
(බදුල්ල රෝහල - ප්‍රසාද් රුක්මාල්)
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළෙයි-8 ක් මරුට
Sasika Monday, 06 January 2020 01:00 PM
නරක පාලකයෝ පත්වුණාම ස්වභාව ධර්මයත් කම්පා වෙනවලු. අනේ මන්දා හැමදාම මොනවා හරි වෙනවා.
DilanMonday, 06 January 2020 01:39 PM
එහෙම නම් හොඳ පාලකයන් ලෝකයේ කොහේවත් නැහැ. මොකද රිය අනතුරු, ස්වභාවික ආපදා නැති රටක් නැහැ...
ThiwMonday, 06 January 2020 01:48 PM
ඕස්ට්‍රේලියාවේ තමයි නරකම පාලකයින් ඉන්නේ නේද?
NuwanTuesday, 07 January 2020 05:36 AM
මේ වගේ අදහස් පතුරවන අයට හොදම උත්තරය ඔබ දුන්නේ
anura UAETuesday, 07 January 2020 11:08 AM
වගකිවයුත්තේ ඉංජිනේරුවන්........... සියලුම බෑවුම් පල්ලම් මීටර 3 වැඩි සෑම ස්ථානයකම ගාඩ් රේල් , එහෙමත් නැතිනම් කොන්ක්‍රීට් බැරියර් ඉදිකිරීම් කළයුතු උනත් ලංකාවේ ඉංජිනේරුවන් තමන්ගේ බල ප්‍රදේශයේ මේවා එක අඩියක් ඉදිකරන්න සැලසුම් වත් කරන්නේ නැහැ. මේ රටවල එහෙම නැහැ. අඩියෙන් අඩිය හෝ ආරක්‍ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා.
බන්දුල Monday, 06 January 2020 02:17 PM
මහලොකු විපත් මගක් අපේ රටට මෙයාලා ආපු දවසේ ඉඳන්..
ප්‍රියන්ත Monday, 06 January 2020 02:36 PM
මේ ගතවුණු මාස එක හමාරට මොනතරම් විපත් වුණාද අපේ රටට...
ජයරත්න Monday, 06 January 2020 03:03 PM
ශාපලත් පාලකයින්ගේ කරුමේ ගෙවන්න වෙලා තියෙන්නේ අහිංසක මිනිස්සුන්ට...
Ishan Monday, 06 January 2020 04:01 PM
බස් එකක් පෙරලුණාම ඒකට පාලකයින් වැරදිවෙන්නේ කොහොමද?
RanjithTuesday, 07 January 2020 01:18 AM
බස් එක පෙරලුනාම පාලකයෝ වැරදි වෙන්නේ කොහොමද දන්නේ නැතිද ? හිටපු හැම පාලකයාම ආපු ගමන් බැලුවේ තමන්ටයි තමන්ගේ පවුලේ අයටයි සනීපෙට යන්න, ගන්න කෝටි ගණනක ප්‍රාඩෝ ගැන ... බලන්න මේ බස් එක මොන තරම් පරණද කියලා. මතකද බෙරගලදී අනතුරට ලක් වූන බස් රථය. රියදුරුගේ නුවණැති කම නිසා එදා ජීවිත ගොඩක් බේරුනා. හේතුව පරණ බස් රථයක් වීම... හැබැයි ඇමතියෝ ඉල්ලුවේ ප්‍රාඩෝ ...
Raveendra Monday, 06 January 2020 05:27 PM
අනේ මන්ද මේ අනතුරක් උනාම ඒක කොහෙවත් යන" මුසල දේශපාලුවන්ගේ ගිණුමට නොදමන්න " අපි නුගත් මිනිසුන් හින්දමද කියල...
නීලා Monday, 06 January 2020 10:29 PM
මේකෙ අදහස් දාල තියෙන පණ්ඩිත අය දැක්කම හිතෙනවා මේ වගේ අය නේද ඡන්ද බලෙන් ආණ්ඩු පත් කරන්නෙත් නැති කරන්නෙත් කියලා. බස් එකක් පෙරළුනාමත් රටේ නැත් බයිලා ගහනවා.
ලුම්බිණි Monday, 06 January 2020 11:17 PM
ඉතාම කනගාටුදායකයි.
denin Tuesday, 07 January 2020 12:09 AM
උඩරට ගම්බද ප්‍රදේශවල බොහොමයක් පාරවල් තවමත් තියෙන්නේ එදා කරත්තවලින් තේ කෝපි ගෙන ඒමට සුද්දන් තැනූ තත්වයෙමයි. ඒ නිස මේ පාරවල් බස් දෙකක් කන්ටෙනේර් දෙකක් පහසුවෙන් මාරුවිය හැකි ලෙස වහාම පලල්කල යුතුයි. අධිවේග මාර්ගවලට වඩා මෙයට ප්‍රමුඛත්වයක් දියයුතුයි.
nuwan Tuesday, 07 January 2020 02:58 AM
හෙඩින් එකේ තියෙන්නේ 9 ක් මරුට කියලා .
උපේක්ෂා Tuesday, 07 January 2020 02:58 AM
පාලකයන් ගේ වරද නෙවෙයි.. ලංකා කේන්දරයේ සෙනසුරු ලබලා තියෙන්නේ ඒ නිසයි මේ වගේ විපත් සිදු වන්නේ.
Ishan Tuesday, 07 January 2020 04:07 AM
මියගිය අයට මගේ බලවත් ශෝකය හා පීඩාවට පත් උන අයට ඉක්මන් සුවය පතමි. මේ කදුකර පටු පාරක්. සුන්දර මනරම් මනස්කාන්ත පරිසරයක්. ඉදිරියෙන් එන ලොරියකට පාර ඉඩදීමේදී පහළට පෙරලී ඇත. අවාසනාවන්ත සිදු වීමක්. රියදුරු හා කොන්දොස්තර මහතාගේ නොසැලකිල්ල වෙන්න ඇති. බස් එකේ තත්වයට ඉංජිනේරු කාර්මික අංශය වග කියන්න ඕන. මේ දොර දෙකේ බස් එකක්. දන්න තරමින් හොදට තියෙනවා.
thushaar Tuesday, 07 January 2020 06:06 AM
අපේ මිනිස්සු තවම කොහෙද ඉන්නෙ කියලා උඩ තියෙන පින්තූර දැක්කම හිතා ගන්න අමාරුයි. බහුතරයක් දෙනා ෆෝන් එක උස්ස ගෙන පොටෝ ගන්නවා. තව අය වීඩියෝ කරනවා. කෙනෙක්ගෙ දුකක් වේදනාවක් සමරු සටහන් විදියට තමන් ලග තියාගන්නෙ කොහොමද කියලා මම දන්නෙ නෑ.