(ඩයනා උදයංගනී)
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට පුස්සවල ග්‍රාමය හරහා ගලා බසින්නා වූ ‘‘පුස්සවල දොළ‘‘ රක්ෂිත ප්‍රදේශයේ තිබූ විශාල ගස් කිසියම් පිරිසක් විසින් යාන්ත්‍රික කියත් භාවිතා කර කපා දමා ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.
කපා බිම හෙලා ඇති ගස් එම ස්ථානයේ සිටම කැබලිකර ඉරා රැගෙන ගොස් ඇති අයුරු දැකගැනීමට ඇති බවත්, වගකිවයුතු ආයතන වල කිසිඳු අවසරයකින් තොරව හොර රහසේ මෙම විනාශය සිදුකර ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.
වලල්ලාවිට යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ මිහිකත සුරැකීමේ කාර්යංශ ලේකම් පේශල පසන් කරුණාරත්න මහතා පැවසුවේ දොළ මාර්ගයක් දෙපස ඇති රක්ෂිතයක් තුල කුට හිතුමනාපයට මෙවැනි විනාශකාරී ක්‍රියා සිදු කළ නොහැකි බවත්, යම් ක්‍රියාවලියක් සිදුකරන්නේ නම් ඒ සඳහා රාජ්‍ය ආයතන ගණනාවකින් අවසර ලබාගත යුතු බවත්ය.
මෙලෙස විනාශ කර ඇති භුමිය තුල දුර්ලභ ශාක විශේෂ ගණානාවක් පවතින අතර, දොළෙහි ද මෙරටට ආවේනික හා වඳවීයාමේ තර්ජනයට ලක්වූ මත්ස්‍ය විශේෂ රැසක් ජීවත් වන බව ඔහු සඳහන් කළේය.
මෙම දොළ මාර්ගය,ගම්වාසීන්ගේ එදිනෙදා ජල අවශ්‍යතා සපුරාලන අතර අලංකාරවත් දිය ඇල්ලක්ද නිර්මාණය කරමින් පහලට ගලාගොස් බෙන්තර ගංගාව පෝෂණය කරන බව ඔහු පැවසීය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුස්සවල රක්ෂිතයටත් කැලෑ පාළුවෝ පනිති
පැරකුම් Sunday, 03 October 2021 02:53 PM
කැලෑ පාලුවෝ එවන්නෙ දේශපාලුවෝ කියල දන්නෙ නැද්ද ? ඔය තියන කිසිම ආයතනයකින් ප්‍රතිචාර නොදක්වන්නෙ ඒනිසයි.
sisilSunday, 03 October 2021 07:01 PM
රට පුරාම තිබෙන්නා වූ පරිසරය, රක්ෂිත ප්‍රදේශ, ජල පෝෂක ප්‍රදේශ, වනසතුන්, ජලජ සතුන් ඇතුළු සියල්ල ආරක්ෂා කිරීමට නම් පරිසර හිතකාමී රජයක් සහ පරිසර ඇමතිවරයා පරිසරයට ආදරය කරන්නා වූ කෙනෙකු විය යුතුවේ. නිවැරදි ආකාරයට පරිසරය ආරක්ෂා කරගැනීමට නොහැකිනම් පරිසර ඇමතිවරයා ඉවත් කල යුතුවේ. පරිසරයට වගකියන රජයක් ඉදිරියේදී පත්කරමු
Thushara Sunday, 03 October 2021 07:28 PM
සර් ලංකාවට ආවම අල්ලයි..සර් එක්ක සෙල්ලම් බෑ..