IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පුහු මතයට තැන දී පුංචි පුතුගේ දේහය එළු ගාලක තියලා

(බණ්ඩාර ජයරත්න)

හෘදබාධයකින් මියගියේයැයි කියන පිය රැකවරණය අහිමි නව හැවිරිදි පුතකුගේ මෘතදේහය එළු ගාලක තහඩුවලින් හා සාරිවලින් ආවරණය කර තැන්පත් කර තැබූ පුවතක් අරණායක  සාමසර එළපිටිය ප්‍රදේශයෙන් අද වාර්තාවිය.

මෙලෙස එළු ගාලක තැන්පත් කර අත්තේ කාවින්ද දිනේෂ් නැමති නව හැවිරිදි  දරුවගේ සිරුරය.

ඉකුත් හතරවැනිදා මිය ගියේයැයි කියන පුතුගේ මළසිරුර රෝහලෙන් නිදහස් කරගැනීමට  බැරිවුයේ පුතුට උප්පැන්නය ලබාදී නොතිබුණු නිසා බවත් දින 17  පරක්කු වූ බවත් මව පැවැසුවාය.

මියගිය පුතුට අවසන් ගෞරව දැක්වීම සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වී සිටියත් මව එම අවස්ථාවේ දිප්පිටිය නගරයට ගොස් සිටියේ පුතුගේ මිනිය මිහිදන් කිරීම සඳහා වෙලාවක් බලවා ගැනීම අරමුණින් ජ්‍යෙතීර්වේදියකු හමුවීම සඳහාය.

පියාගේ රැකවරණය අහිමි දියණියන් දෙදෙනාට හා මියගිය එකම පුතුට ද උප්පැන්නය ලබා දීමට නොහැකි වූ බව ද මව කීවාය.

මියගිය පුතු වසර ගණනාවක සිට හෘදයාබාධයකින් පිඩා විඳි බවත් එක පාරටම පුතුගේ රෝගී තත්වය පසුගිය 4 වැනිදා උත්සන්නවීම නිසා එළඟිපිටිය ජනපදයේ සිට මාවනැල්ල මූලික රෝහලව  වෙත ඇතුළත් කර කෙටි වෙලාවකින් රෝගී තත්වය තවත් උත්සන්න වී  පේරාදෙණිය රෝහල වෙත මාරු කර යවා සිටියදී එදින (04) රාත්‍රි 11.00 ට පමණ දරුවා මරණයට පත්වූ බව ද මව පැවැසුවාය.

පුතුගේ මව වන මාබෝපිටියලාගේ ජිවිකා ජයමිනි (32) මහත්මිය අප සමග මෙසේ කීවාය.
පුතාගේ මිනිය ගෙට ගත්තේ නැත්තේ, පුතා නැතිවෙලා මිනිය රෝහලේ තියෙද්දී දවස් හතක් ගත වෙන දින හාමුදුරුවෝ වැඩමවා බණක් කියල දානේ දුන්නා. ඒ නිසා නැවත ගේ ඇතුළට මිනිය ගන්න හොඳ නැහැ කියල මතයක් තිබුණු නිසා තාවකාලික මඩුවක මිනිය තියන්න තීරණය කළා.

මට තව අවුරුදු දහතුනක දියණියක් ඉන්නවා. එයාටත් පිළිකාවක් තියෙනවා. දැන් ඔපරේෂන් කරල එක්කගෙන ඇවිත් ගෙදර ඉන්නවා 

අපට රජයෙන් කියල කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ළමයින්ගේ තාත්තට අස්වැසුම හම්බවුණා.  ඒත් එයා අපි අතහැරල ගිහින් අපි දැන් පදිංචි වෙලා ඉන්නේ එළඟිපිටිය ජනපදයේ අම්මලාගේ  මුල් ගෙදර. ඒකත් දිරාපත්වූ නිවෙසක්. අපි අසරණ ජිවිතයක් ගතකරන්නේ යැයි කීවාය. 



අදහස් (17)

පුහු මතයට තැන දී පුංචි පුතුගේ දේහය එළු ගාලක තියලා

Kamal Sunday, 21 July 2024 10:23 PM

හා.. කමක් නෑ.. අපි තව පා දෝවන හදලා මහින්ද මහත්තයාට කියලා විවෘත කරවමු...

:       0       0

Udhuli Sunday, 21 July 2024 11:16 PM

පුතුනි, ඔබ‍ට මෙවන් අකල් මරණයක් මින් මතු නොම වේවා..! නිවන්සුව පතමු.

:       0       3

රංබොඩ Sunday, 21 July 2024 11:28 PM

හත් දවසේ දානේ දීමෙන් පසු මව විසින් පුතා අත හැරම දමා ඇත. එය එසේම විය යුතුයි. ඒ දරුවා ගෙනා ආයු එපමණයි. මව ඔහුු වෙනුවෙන් අපමණ දුක් වින්දාට සැකයක් නැත. ගෙතුළේ තබාගෙන ඒ මළ කඳ තව තවත් කඳුළු හෙළීමෙන් ඵලක් නැත. මිථ්‍යා මතවලට ගරු නොකරමු...

:       0       3

Muthu Monday, 22 July 2024 12:00 AM

හිත හඬා වැටෙනවා පුතේ... ඔයාව බලන්නවත් හිතට දුකයි...

:       0       3

Lalla Monday, 22 July 2024 12:08 AM

මේ වගේ කාලකන්නින්ට ළමයි හදන එක තහනම් කරන්න බැරිද? සත්තු බෝ කරනවා වගේ ළමයි බෝකිරීම නවත්තන්න ඕනෑ නේද? වනචාරීන් පරාදයි.

:       4       1

නිමල් Monday, 22 July 2024 02:07 AM

මේ වගේ ගොන් රටක නොඉපදේවා...!

:       1       2

Rata Perata Monday, 22 July 2024 03:16 AM

රාහු කාලය බලලා ඡන්ද තියන කොමසාරිස්ලා ඉන්න රටක මේ ගම්වල මිනිස්සු ගැන මොන කතාද?

:       1       3

tissa Monday, 22 July 2024 03:23 AM

ඇයි මේ ළමයින්ට උප්පැන්නය ගන්න බැරි? ඒ මේ අය දුප්පත් නිසාද?

:       0       3

Pradeep Bandara Monday, 22 July 2024 04:23 AM

ඉතින් මෙතරම් මෝඩයොත් පාලකයෝ පත්කිරීමට ඡන්දය දෙන රටේ සංවර්ධනයක් කොහොම වෙන්නද? අස්වැසුම කියන්නේ මේ මෑතකදී ලබාදුන් සහනයක් නිසා මිනිහා අතහැර ගියා නොවෙයි ගෑනි මිනිහා අතහැර ඇවිල්ලා වෙන්න ඇති...

:       1       2

Nilantha Monday, 22 July 2024 04:39 AM

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් මාලිමාව මාවනැල්ලෙන් ඉහළම ජයග්‍රහණයක් ලබාවි කියලා මේ ලිපියෙන් පේනවා...! 

:       0       0

Perera Monday, 22 July 2024 06:14 AM

මිනිස් වෙසින් ඉන්න බූරු කතක්...!

:       1       1

C.K.Lankaputhra Monday, 22 July 2024 07:42 AM

ජීවත් වෙන්න ආසා හිතෙන රටක්.

:       0       1

Pradeep Kumara Monday, 22 July 2024 08:41 AM

පුහු මතයක් බව ඇත්ත. නමුත් මෙතන වරද කාගෙද? පසු ගිය 4 වැනිදා මිය ගිය දරුවාගේ සිරුර දින 17ක් ගත වන තුරු මවට බාර දී නෑ. ඒ වගේම දරුවාට අවුරුදු 9ක් වනතුරුත් උප්පැන්නයක් ලබා දී නෑ. පියා හැර ගිය දරුවන්ට උප්පැන්න සහතිකයක් ලබා දීමට නිසි ක්‍රම වේදයක් නෑ. ඒ වගේම නිසි අධ්‍යාපනයක් නොමැති නිසා විවිධාකාරයේ මිත්‍යා මත දරන එක සාමාන්‍ය දෙයක් වෙලා. මේ හැම දේකටම විසඳුම් තිබිය යුතුයි.

:       0       5

himal Monday, 22 July 2024 09:37 AM

ඉතින් රජයෙන් මොකක්ද කරන්න කියන්නේ? මෙතන වෙනත් පසුබිම් කතාවක් තිබෙන බවක් තමයි පේන්න තියෙන්නේ.

:       0       2

fairoos Monday, 22 July 2024 11:12 AM

ඉතාම කනගාටුයි

:       0       11

Surendra Fernando Monday, 22 July 2024 11:16 AM

මේ අම්මාගේ තීරණය හරි.දින ගණනක් පසුවුනු දේශයක් නිසා පිළිකාවකට ඔපරේෂන් කරලා ඉන්න දරුවාගේ ජීවිතයට තර්ජනයක් වෙන්න ඉඩ තිබුනා.පුළුවන් දෙයක් තමයි කරලා තියෙන්නේ .පුතුට නිවන් සුව ලැබේවා

:       0       21

SK Monday, 22 July 2024 11:38 AM

අස්වැසුම දෙන්න ඕනෑ අයට පැත්තකට වෙන අය දන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 626 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 509 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 126 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1752 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site