(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පක්ෂය ගතානුගතිකව තවදුරටත් කටයුතු කිරීම සහ 2015 පරාජයෙන් පසුව හා මේ වසරේ ඇතිවූ සිද්ධිවලින් පාඩම් ඉගෙන නොගෙන කටයුතු කිරීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බව පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ම සදහන් කළහ.
එම තත්වය මත පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් වශයෙන් බෙදී තැන්වල කතා කරන්නට පටන් ගෙන ඇතැයි ද ඔවුහු සඳහන් කළහ.
පොදුජන පෙරමුණේ ප්‍රධාන රැස්වීම් කිහිපයක් පසුගිය කාලයේ දිස්ත්‍රික්ක කිහිපයක පැවැත්වුවද,තරුණ මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු ඊට සහභාගි නොවූයේ මෙම කලකිරීම නිසා බවද ඔවුහු කියා සිටියහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද උදෑසන , ඉතාලිය බලා පිටත්ව ගියහ.
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ
මාතර බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් ගැවසුණු රැඳවියන් 250 දෙනකු මේ වන විට සිය කැමැත්තෙන්ම බාර වී ඇතිබව බන්ධනාගාර පාලනාධිකාරිය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොහොට්ටු තරුණ මන්ත්‍රීවරු කලකිරෙති
ravin Saturday, 05 November 2022 07:35 PM
අපි නම් අහලා තියෙන්නේ බලු නකුට හත් අවුරුද්දක් උණ පුරුකෙ දාලා තිබ්බත් දිග අරින්න බැහැ කියලා.
නිහාල් Saturday, 05 November 2022 11:19 PM
හෙනම් දැන් පනින්න.
de silva Sunday, 06 November 2022 01:55 AM
කොහොමත් පොහොට්ටුවට 10% ක්වත් ඡන්ද නැහැ. ලබන පාර ඉල්ලුවොත් ඇපත් නැහැ.
Demuni Uduwara Sunday, 06 November 2022 04:53 AM
There should be a limit of cheating or fooling !
Bamunu Sunday, 06 November 2022 09:25 AM
පොහොට්ටුව දැන් හොඳටම පරවෙලා.ඔතනින් අයින් වෙයල්ල.
Prabha Sunday, 06 November 2022 01:35 PM
ඔය පක්ෂය හැදුවේ හොරු රැළකගේ ගැලවීමට මිස රට ගොඩගන්න නෙමෙයි කියන එක තේරුම් ගන්න.
sriyal Sunday, 06 November 2022 01:57 PM
රට විනාශ කර ගැනීමට ඔය හැමෝම දායක විය..!
චන්දිම ෆොන්සේකා Sunday, 06 November 2022 02:05 PM
ඔය කොයි පක්ෂයේ අය වුණත් කලකිරෙන්නේ නම් අනේ මේ රටට, රටේ ජනතාවට සිද්දවෙන අසාධාරණකම්, අකටයුතුකම් ගැන සලකා බලලා නෙමෙයි. තමන්ට හම්බ කරගන්න, ඇමතිකමක් ලොකු තනතුරක් ලබාගන්න පරක්කු වෙන එක ගැන හිතලා...
Rata Perata Sunday, 06 November 2022 02:17 PM
තරුණද? නාකිද? වැඩක් නෑ. 20ට අත් උස්සපු කෙනෙක්ට ආයෙත් ඡන්දෙ දෙන්න එපා.
Lion Sunday, 06 November 2022 03:14 PM
If they are given ministry post to enjoy and plunder they will start singing again for the Srilanka පාදඩ peramuna
මෝ Sunday, 06 November 2022 03:36 PM
තරුන මංත්‍රීලා කියන උන් මෙලෝ රහක් නැති මෙලෝ වැඩක් නැති හැම එකකටම අත උස්සමින් ඉන්න කාලකන්නි රැලකි.මුන් මේ අමුඩ ගහන්නේ බල්ටි ගහල ආයෙත් පාර්ලිමේන්තු එන්න.මුන්ව තමයි මුලින්ම එලවන්න ඕනෙ.ඔය එකෙක්වත් ජනතාව වෙනුවෙන් හඩක් නැගුවද?
shyam Sunday, 06 November 2022 04:37 PM
මොවුන් ගොඩාක් අය තාත්තගේ බූදල් ඇමැතිකම ගන්න ආපු අය... පරම්පරාවෙන් එන දේශපාලනයෙන් ජීවත්වෙන පරපෝෂිත හොරුන්...
ගමේ එකාලා Sunday, 06 November 2022 04:44 PM
පොහොට්ටුව හැදුවේ දූෂිත පවුල් පාලනේ අයගේ පැවැත්මට. තමුන්ගේ වාසියට බලතණ්හාවට. බලයේ හිටපු කාලේ පවුලේ අය එකාට එකා කරපු හරිය ලෝකෙම දන්නවා...
sanjeewa Monday, 07 November 2022 01:48 AM
කළකිරෙන්න නෙවේ ඉදිරියට වෙන්නෙ බෙල්ලෙ වැල දමාගන්න. රටේ ආර්ථිකය මේ විදියට දිනෙන් දින පිරිහුණොත් මිනිසු ජීවත් වෙන්න බැරිකම නිසා පාරට ඇවිත් රටේ බලය අල්ලා ගනීවි. එවිට ඔවුන් විසින් පොහොට්ටු කාරයයෝ අල්ලලා අර 88/89 කාලේ බටලන්ද වධාකාරය වගේ ඒවට ගාල් කරලා දෙතිස් වද ඔබට දීලා මරලා දමාවි. දැන් කළයුතු එකම දෙය මේ වෙලාවේ පණ බේරගෙන පිට රටකට දරු පවුල් සමග පළායෑමයි.