(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම නගර සභා පොදුජන එක්සත් පෙරමුණු නාගරික මන්ත්‍රිවරයකුගේ නිවසේ ගබඩා කර තිබු ඩිසල් ලීටර් 212 සමග මන්ත්‍රීවරයා සැකපිට අත් අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
අදාල මන්ත්‍රිවරයාගේ නිවසේ ඩිසල් ගබඩා කර ගනිමින් වැඩි මිලට අලේවි කරන බවට පුත්තලම මුලස්ථාන පොලිසියේ දුෂණ මර්ධන අංශයට ලැබුන තොරතුරක් මත අදාල වැටලීම සිදු කළේය.
එහි දී රුපියල් ලක්ෂයටක ආසන්න වටිනාකමකින් යුත් ඩිසල් තොගයක් හා පෙට්‍රල් ලීටර් කිපයක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කෙසේ වෙතත් මන්ත්‍රිවරයා ඩිසල් ලබා ගත් ආකාරය පොලිසියට පැහැදිලිව ප්‍රකාශ කර නොමැති බවත් පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් මන්ත්‍රිවරයා පුත්තලම අධිකරණයට අද දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොහොට්ටු පුංචි මන්ත්‍රී ඩිසල් සමග මාට්ටු
ranjith Friday, 03 June 2022 04:00 PM
පොහොට්ටු කාරයින් රට බංකොළොත් කරා, ඉන්ධම මිල වැඩි කළා. දැන් ඉන්ධන ගබඩාකර වැඩි මිලට විකුණනවා... මෙයාලටනේ ඡන්දෙ දෙන්නේ මිනිස්සු.