IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පොහොට්ටු මන්ත්‍රී රොත්තක් වජිරගේ ගෙදර යති

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු 75 ක් එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ කොළඹ නිවසට සහ පක්ෂ කාර්යාලයට අද (29) පස්වරුවේ ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කර තිබේ.

මෙම ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ,කංචන විජේසේකර, රමේෂ් පතිරණ,කනක හේරත්, ජානක වක්කුඹුර,මොහාන් ප්‍රිදර්ශන ඇතුළු ඇමැතිවරු සහ මන්ත්‍රීවරු වූහ.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සමඟ පැවැති මෙම හමුවේදී අදහස් දක්වමින් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ජය තහවුරු කිරීම සඳහා තමන් කැපවී ක්‍රියා කරන බවයි.

එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා පැවසූයේ පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් එකසිය පහක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දැනට එක්වී සිටින බවයි.

පොදු ජන පෙරමුණ වෙනම ජනාධිපති අපේක්ෂකවරයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයක් සමඟ සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයාට සහයෝගය පළ කිරීමට සූදානමින් සිටින මන්ත්‍රීවරුන්ගේ ගමන ද තවත් වේගවත් වන බව එජාප සභාපතිවරයා කීය.

 



අදහස් (9)

පොහොට්ටු මන්ත්‍රී රොත්තක් වජිරගේ ගෙදර යති

Nimal 1 Tuesday, 30 July 2024 03:26 AM

රට කාබාසිනියා කළ තක්කඩියන්ගේ ගමන වේගවත් වූවත් ජනතාව තවමත් එක සිතින් මාලිමාව සමඟයි

:       0       0

ashok Tuesday, 30 July 2024 07:21 AM

පොහොට්ටුවට වර්තමානයේ ජනමතය කුමක් උවත් පොහොට්ටුවට මිනිස්සු ඡන්දේ දුන්නේ මහින්ද නමට, නැතුව ඔය පත් වුණ මන්ත්‍රීවරුන් නිසා නොවේ. පොහොට්ටුවට කැමති මිනිස්සු අදත් ඉන්නේ පක්ෂය එක්ක මිසක් වාසියට පනින කණ්ඩායම එක්ක නොවේ. ඔය රොත්ත එක්ක පාක්ෂිකයෝ යන්නේ නැහැ....

:       0       0

Besil Tuesday, 30 July 2024 09:05 AM

එකට තියලා පරාද කරන්න හොඳ අවස්ථාවක්...

:       0       0

වික්කම සිංහ Tuesday, 30 July 2024 09:17 AM

ස.ජ.බ. එකෙන් මංත්‍රීන් 25ක් අරගෙන පෙන්නුවොත් පොහොට්ටුවේ සහාය රනිල්ට දෙනවා කියලා සාගර කාරියවසම් බෙරිහන් දෙන අස්සේ.. එයාගේ පක්ෂේ 75ක් රනිල් ඩැහැගන්නකං කාරියවසම් දන්නෑ... රනිල් ගේකට ගත්තොත් ඒ ගෙදර ගෑනියි මිනිහයි වලි... බන්ධන කඩන්න ඒ තරම් සූරයා...

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 30 July 2024 09:27 AM

මැරුණු බල්ලාගේ ඇගෙන් බැස්ස මැක්කෝ එල්ලුනේ තවත් මරණාසන්න බල්ලෙක්ගේ ඇගේ, තව මාස දෙකකටත් අඩු කාලයක් ජීවත් වෙන්නේ.

:       0       0

Rata Perata Tuesday, 30 July 2024 10:48 AM

මුන් ඔක්කොම එකට තියලා ගෙදර යවන්න ඕන . රට කාපු හැත්ත

:       0       0

ජයනාත් Tuesday, 30 July 2024 12:44 PM

පලමු ව මෙයා ⁣ට කොළඹින් ගෙයක් ගන්න සල්ලි කොහෙන් ද. 1988 පලාත් සභා ඡන්දෙ ට එනකොට වාහනයක් ගන්න වත් වත්කමක් තිබුණ දැයි ගාල්ලේ අය දන්නවා. දෙවැන්න තමයි රනිල් ට උදව් කරන අය මහ මැතිවරණය ට ඉල්ලන්න එපා . ආයෙ පාර්ලිමේන්තුවේ පැත්තට යනවා බොරු . අන්තිමට රනිලුුත් පරාදයි. තමනුත් පරාදයි.

:       0       0

primeshika Tuesday, 30 July 2024 12:47 PM

අතරමං වෙලා හිටිය මිනිහෙක් ගෙදර එක්ක ඇවිල්ලා ඉහලින්ම සාත්තු සප්පායම් කර කර ඉද්දි, එයා ගෙදර මනුස්සයගෙ නෝනත් අරන් පැනල ගියා වගෙ වැඩක් තමා පොදු පෙර්මුණටත් උනේ.

:       0       0

sam Tuesday, 30 July 2024 02:47 PM

හරි මිනිහෙක් හම්බවෙන්න ගිහිල්ලා තියෙන්නේ. පොහොට්ටුවේ බංකොළොත් මන්ත්‍රීලා, ඇමැතියෝ දඩාවතේ යනවෝ...

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2728 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1966 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2838 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2869 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 652 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1293 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36029 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 515 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site