IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


පොහොට්ටුව ජනපතිට කොන්දේසි දමයි

(සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වෙනවා යැයි ප්‍රකාශ කෙරුණු මන්ත්‍රීවරුන් 25දෙනා ලබන මස 15 වැනිදාට පෙර සම්බන්ධ කරගන්නා ලෙසට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපතිවරයාට පසුගිය සතියේදී නැවතත් දැනුම්දී ඇත.

එසේ සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයාට දන්වා ඇත.

මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා කැමැත්ත පළ කර ඇති කිහිපදෙනෙකු සමග පසුගිය සතියේද සාකච්ඡා ආරම්භ කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

ලංකා පොදු ජනපෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන ලෙසට බිම් මට්ටමෙන් එම පක්ෂ නායකත්වයට දිගින් දිගටම දැඩි බලපෑම් සහ ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ.

මේ අතර ආණ්ඩුවට සම්බන්ධ වීමට මුල සිට කැමැත්ත පළකර සිටි විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එසේ සම්බන්ධවීම තවදුරටත් ප්‍රමාද කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

 



අදහස් (14)

පොහොට්ටුව ජනපතිට කොන්දේසි දමයි

රංජිත් Saturday, 29 June 2024 09:44 AM

ඒ කියන්නේ රනිල් දින්නොත් ඔය ගන්න හැත්තට ජොලිකරන්න ඇමැතිකම් දුන්නාම ඒ කාලකණ්නි මේන්ටේන් කරන්න අපි බදු ගෙවන්න ඕනේ කියන එකනේ... මොලේ ඇති අය ඉන්නවා නම් හිතපල්ලා මේවා ගැන...

:       25       47

Pradeep Kumara Saturday, 29 June 2024 10:15 AM

මුදලට එකිනෙකා බා ගැනීමේ මේ නින්දිත ක්‍රමය වහා නතර කළ යුතුයි. එය සැබෑ ජනමතයට කරනා අපහාසයකි. වංචා, දූෂණ, අල්ලස් ගැන සොයනා නිලධාරීන් මේ කෝටි ප්‍රකෝටි ගණන් වලට එහෙට මෙහෙට පනින මන්ත්‍රීන් ගැන සොයා බැලීම වටී. ඇතැම් විට එය තමන්ගේ රැකියාවටද බලපෑමක් විය හැකියි. නමුත් හැකි හැම විටම නීතිගරුකව කටයුතු කරන්න.

:       16       32

පිටිගල මිලානෝ Saturday, 29 June 2024 11:16 AM

මණ්ඩලේ කචල් වගේ නේද...?

:       15       24

ranja Saturday, 29 June 2024 12:06 PM

නාමල් ලොකුවට හිතාගෙන හිටියට පොහොට්ටුවන්ට දැන් ඇති ලබ්බක් ගම්වල නැහැ. ඒ අයට කුද ගහගන්න කියලා ඔබතුමා ඔබතුමාගේ ගමන යන්න. රාජපක්ෂලා ආයේ මේ සසරේදී බලයට එන්නේ නැහැ....

:       15       33

Rata Perata Saturday, 29 June 2024 01:08 PM

මුන් හැමදාම කලේ මුන්ගේ පැත්තට ⁣ඩිල් දාන එක තමයි. ඒක තමයි අපේ රට මේ වගේ බංකොලොත් වුනේ

:       10       31

ගංගානාත් Saturday, 29 June 2024 01:19 PM

රනිල් තනියම ඉල්ලුවොත් කීයක් හරි චන්ද ලැබෙයි. රටේම මිනිස්සුන්ගේ වෛරයට, ලක්වෙලා ඉන්න පොහොට්ටුවොත් එක්ක ඡන්දේ කොරන්න ගියොත් ඇපත් නෑ.... ඒ වෙන පරාදයේ ලැජ්ජාව රනිල් පිටින් යවන්න පුළුවන්නිසා පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ....

:       16       31

Dayasena Saturday, 29 June 2024 02:09 PM

ඉදිරිපත් කරන්න කෙනෙක් හිටියනම් අරගලය වෙලාවෙ උන්දැලා ආච්චිට හාල් ගැරූ නිසාද ඉදිරිපත් වුනේ නැත්තේ කියලා අහන්න කැමතියි ඔය හදන්නෙ සජබ පිරිසක් ආවොත් රනිල්ට ජය හිමිවෙනවා කියලා ස්ථිරවම දැනෙන නිසා ඒ මාර්ගයෙන් පොහොට්ටුවෙ එවුන් එකෙක් වත් පාර්ලිමේන්තුවට යවන්න සූත්‍රයක් තමයි පොහොට්ටුවෙ එකෙක් තනිවම ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වුනොත් ඇපත් නැහැ පක්ෂයත් නැහැ රනිල් නැත්නම් අනුරයියා තමයි ජනාධිපති වෙන්නෙ

:       25       23

Dharmatileke Saturday, 29 June 2024 02:21 PM

පොහොට්ටුවෝ රටේ කාලකන්නි තවත් ඡන්දයකට ගිහින් හේත්තු නොවි ගෙදර ඉදන් ස්වං රැකියාවක් හොයාගන්න

:       16       23

ගමේ එකාලා Saturday, 29 June 2024 03:26 PM

පව්ලේ හතර වරිගෙම ඉන්න අය කිට්ටු කරගෙන රටම හොරා කාලා විනාශ කරපු, දූෂිත දේශපාලුවන් කියන පදේට නටන්ඩ යන අයට, අන්තිමට සිද්ද වෙන දේ ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

:       14       16

Bamunuaracchi Saturday, 29 June 2024 03:39 PM

මේ පාර කවුරු ආවත් වැඩක් වෙන්නේ නැත. ජය මාලිමාවට, පැහැදිලියි.

:       64       44

සුසන්ත Saturday, 29 June 2024 09:34 PM

මේ කරන්න හදන්නේ රට අයෙත් අස්ථාවර කිරීමට. ඔය කියන රාජ පස්ස යෝ ට ඉන්න තැනක් නැති වේවි කියලා මතක තබා ගන්න. අපි හුගක් බැට කාපු රටක් . ඔය පොහොට්ටු අයට සැලකුවොත් ඔක්කොම හරි. අර කපුටා තමා නාරකම සතා.

:       7       18

Weerasekara Sunday, 30 June 2024 12:54 PM

දැන් දැන් කපුටාටත් වඩා යහපාලනය කාලයේ රතු නිවේදන යවා අත් අඩංගුවට ගැනීමට බැලූ මිග් යානා වංචාවට සම්බන්ධ පුද්ගලයා තමයි වැඩියෙන් දඟලන්නේ කියලා පේනවා... මිනිහා මහා බයකින් ඉන්නවා කියලා පැහැදිලියි.. විමසිල්ලෙන් බැලුවොත් හැමදාම මොකක් හෝ බේගලයක් ඇදබානවා කියලා එක් රූපවාහිනී නාලිකාවක් බැලුවොත් පෙනේවි..!

:       0       0

MD Sunday, 30 June 2024 08:05 AM

මගේ අදහස නම් රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමතිකමක් දීලා ආණ්ඩුවක තියාගන්නවා ඇර වෙන බලතල දෙන්න හොඳ කෙනෙක් නොවනවා කියන ඵකයි.කන්න දීපු අත හපා කන වැඩක් නේද දැන් ඵයා පොහොට්ටුවට කරන්නේ.අනිවාර්යෙන්ම මෙයා නැවත පත්කකලොත් රට කඩනවා වෙන් කරනවා විකුණගෙන ඵයාල සදාකල් බලයේ රැඳෙන්නට නීති සම්පාදනය කරගන්නවා.ඵයට විශාල වශයෙන් දමිළ මුස්ලිම් ඡන්ද වාසියට යොදා ගන්නේ ඔවුන්ට ඉඩකඩම් දේපල හා වෙනත් සහනාධාර ලබාදීමෙන් කියලා හිතනවා.

:       1       43

ranjith Sunday, 30 June 2024 12:20 PM

ඡන්දෙන් පස්සේ පොහොට්ටුවක් නැතිවම යාවි.. ඔක්කොම පොහොට්ටුවෝ රනිල් පස්සේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2524 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1680 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2421 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 573 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3329 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site