IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


පොහොට්ටුවේ නායකත්වය තවදුරටත් මහින්දට

(යොහාන් භාසුර)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට තව දුරටත් පත්කිරීමට එම පක්ෂයේ ජාතික සම්මේලනයේදී මීට සුළු මොහොතකට පෙර තීරණය කළහ.

මහින්ද රාජපක්ෂ මහතා  එම පක්ෂයේ පරමාධිපත්‍ය නායකයා ලෙස හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා යෝජනා කළ අතර හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම යෝජනාව ස්ථිර කළේය. 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ ජාතික සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු එම පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරැ  විශාල පිරිස සම්මේලනයට එකතු වී සිටිති. 

මෙම සම්මේලනයට එම පක්ෂයේ නියෝජිතයෝ 5000 ක් පමණ එක්ව සිටිති. 



අදහස් (25)

පොහොට්ටුවේ නායකත්වය තවදුරටත් මහින්දට

NAMAL Friday, 15 December 2023 04:31 PM

වහල් මෝඩ හැත්ත ඔබලාව විශ්වාස කළාට ඔබලාගේ හෘදසාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි. කල කල දේ පල පල දේ...

:       78       111

NAMAL Friday, 15 December 2023 04:31 PM

මහජන මුදල් කොල්ලකාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාපවේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා!!

:       56       96

Amal Friday, 15 December 2023 04:39 PM

මේ තණකොළ කාට කන්නෙයි !!!

:       64       100

achini Friday, 15 December 2023 04:56 PM

මයිනාව එපා කියන්න කාටවත් බැහැ. එහෙම කිව්වොත් කියපු කෙනාට දෙයියන්ගේ පිහිටම තමයි...

:       44       53

Aravinda Monarawila Friday, 15 December 2023 04:58 PM

රටේ ගව සම්පත...!

:       48       81

චන්දිම Friday, 15 December 2023 04:59 PM

කැඩිච්ච අබලන් කරත්තයක් නිකම්වත් කවුරුවත් ගන්නේ නැහැනේ... මේ ඇවිල්ලා ඉන්නේ මුළු රටෙන්ම හොයාගන්න පුළුවන් කට්ටිය වෙන්නැති...!

:       75       65

පිටරැටියා Friday, 15 December 2023 05:02 PM

අධිකරණයෙන් වරදකරු වෙචිචි, රටම බන්කොලොත් කරපු මහින්දයා හරි නම් හිරේ ඉන්න ඕනේ. නීතීගරුක ශිෂ්ඨ සම්පන්න රටක එසේ වුණත් දූෂිත බලලෝභී, බඩගෝස්තරවාදී දේශපාලුවන් රජකරන රටක එසේ නොවේ...

:       54       67

අබේපාල Friday, 15 December 2023 05:29 PM

ඔහොම යන්, ඔහොම යන් අනුර බ්‍රෝ ආපු ගමන්ම විදේශීය පුරවැසියකු සංවිධායක තනතුරු දරන සියලු දේශපාලන පක්ෂ හා සංධාන සම්පූර්ණයෙන්ම පවත්වා ගෙන යාම තහනම් කරනවා පමණක් නොවෙයි අධිකරණ තීන්දුව අනුව සියලු දෙනාම මහ උලුගෙදර කෑමට සහභාගී කරනවා..

:       50       28

ranjith Friday, 15 December 2023 05:38 PM

රට කාපු කාලකණ්ණින්ට මේක දාලා යන්න හිතක් නෑ.

:       33       29

nanda Friday, 15 December 2023 05:43 PM

එක්සත් ජාතික පක්ෂයෙන් ආපු හොරුන් අද පොදු පෙරමුණේ තීරකයෝ වෙලා.

:       41       26

මැක්ස් Friday, 15 December 2023 06:10 PM

ජවිපෙ හෙන්චයියන්ට සහ සජබ කුක්කන්ට ඇස්දෙක වහගෙන ඔවුන්ගේ නායකයින් කියන කියන දේට එහෙයි කියන්න, යනයන තැන රිංගන්න හොඳ නම් මහින්ද කියන රටට වැඩක් කළ නායකයා පිළිබඳ ලෙන්ගතුව පිරිසක් සිටීම අරුමයක් නෙවෙයි. ඉහත පක්ෂ දෙකේ අන්ධ භක්තිකයින්ට තියෙන්නේ මහින්ද මහත්තයා සමග වයිරයක්, ක්‍රෝධයක් සහ ඉරිසියාවක් මිස වෙනදෙයක් නෙවෙයි...

:       0       0

Dasa P Friday, 15 December 2023 06:17 PM

ඔතන ඉන්න කාගෙ කාගේත් කිල්ලෝටවල හුණු ටික ටික හරි තියෙනවා. ඒ නිසා තමයි හොරාකෑම රජකරන්න ඔච්චර දඟලන්නේ... නැද්ද හා..!

:       34       22

අරවින්ද මොනරවිල Friday, 15 December 2023 06:22 PM

ඒක හොදයි, රටේ මනිස්සුන්ට පොහොට්ටුව තවදුරටත් අප්‍රිය වෙන්න ඒකම ඇති...!

:       35       20

Rata Perata Friday, 15 December 2023 06:27 PM

තණකොළ දීලා පුන්නක්කු දීපු හරක් ඕනෑ තරම් ඉන්න පුළුවන්... ඒත් රටේ ආර්ථිකය විනාශ කරපු, උසාවියෙන් වැරැදි කාරයින් කරපු රාජපක්ෂලාට ඇප ලැබෙන පළමු අවස්ථාවේදීම පාඩමක් උගන්වනවා. රනිල් වගේ කෙනෙක් එක්ක මේ කිසි දෙයක් කරන්න බෑ.

:       0       0

nimal Friday, 15 December 2023 06:36 PM

කාලකණ්ණි...!

:       36       20

Sachith Friday, 15 December 2023 06:39 PM

සහරාන්ට ජාතික වීරයෙක් වෙන්න තිබ්බා... මෙන්න මෙතැන බෝම්බ ටික පිපිරෙව්වා නම්...!

:       129       24

Bayyaa Friday, 15 December 2023 07:34 PM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !! රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !!

:       62       18

ගමේ එකාලා Friday, 15 December 2023 07:54 PM

රටම හොරාකාලා, විනාශ කරපු දූෂිතයෝ ටික එකට එකතුවෙලා, ආසියාවේ ආශ්චර්යය පෙන්වන්න ඇවිත් කරපු විනාසේ ලෝකෙම දන්නවා...

:       45       23

Gemiyek Friday, 15 December 2023 08:40 PM

මේ කට්ටියම මකබෑවිලා යන්න ඕනේ...!

:       0       0

Perera Saturday, 16 December 2023 02:47 AM

හරක් ටික බලාගන්න ගොපලු කොළුවාට වයස ටිකක් වැඩි නැද්ද?

:       0       0

බී අමරසිංහ Saturday, 16 December 2023 03:10 AM

නමට කවුරු නායක්‍යා වුනත් සැබෑ නායකයා බැසිල්... හැබැයි දෙකම අවලංගු කාසි දෙකක්...!

:       0       0

guy Saturday, 16 December 2023 09:44 AM

රටම වනසපියවු

:       0       0

Rata Perata Saturday, 16 December 2023 02:01 PM

ඕක පුදුම වෙන්න දෙයක් නෑ. සරත් ෆොන්සේකා යුද්ධය ඉවර කළේ මෙයා බලයේ හිටපු කාලයේ ඔවුන් ඒක විතරයි මොවුන්ට විකුණන්න තියෙන්නේ...

:       0       0

hesa Saturday, 16 December 2023 02:12 PM

මෙච්චර වෙලත් ඇයි මේ "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ"ට කියලා මේ මෝඩයින්ගේ වචන බලන්නකෝ ඔයාලා දෙවියන් විශ්වාස කරන නිසාද සාප කරන්නේ..? වැරදියිනේ... සාපය ආපසු තමුන් පැත්තට ඇවිත් නේද කියලා හිතන්න..? මේ සාප දෙස් දෙන ඒවා වදින්නෑ... ඒ අය පෙර කළ පින් ඉවර වෙනතුරු පෙර පව් කළ කාටත් බලන් ඉන්න වෙනවා... අවුරුදු දශක 6ක් උන්නා වගේ ඉදිරියටත් අපිත් කැමැතියි හරි අවංක වෙනසක් දකින්න. තව ප්‍රධාන කරුණක් තමයි වැදගත් තරුණ නායකයින් 5ක්වත් අලුතින් තෝරාගන්න එක... මේ අය ඒකට කවදාවත් කැමැති වෙන්නේ නැහැ.

:       0       0

Ramani Saturday, 16 December 2023 08:44 PM

ඔතැනට මරාගෙන මැරෙන එකෙක් ඇවිල්ලා කස්ටියම වාෂ්ප කලානම්, හෙට අපේ රටට හොඳ කලක් උදාවෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

නෙළුම් කුලුණෙන් වැටී කතක් මරුට
2024 ඔක්තෝබර් මස 07 7 0

නෙළුම් කුළුනෙන් පහළට වැටී කාන්තාවක් මියගොස් ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසයි.


දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 133 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 83 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 694 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 385 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1957 8

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site