IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පොහොට්ටුවේ රැළියට ජන ගඟක්

(යොහාන් භාසුර)

රජයේ දේශපාලන සහ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන රැස්වීම් මාලාවේ පළමුවැන්න අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු රජයේ මැති ඇමැතිවරු මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.

කොවිඩ් වසංගතයෙන් ජයගැනීම සඳහා ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග, අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන සහ ඉදිරි දේශපාලන සහ මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිම මෙම රැස්වීම් මාලාවේ ප්‍රධාන අරමුණ බවට පත්ව තිබේ.

 ‘කොවිඩ්’ අර්බුදය හමුවේ වුවද රජය ජනතාව වෙනුවෙන් විශාල කැපවීමක් සහ සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ ද ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොමැති බවත් මෙම රැස්වීම් මාලාවේ ප්‍රධාන අරමුණ වී ඇති අතර ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටිති. 

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (62)

පොහොට්ටුවේ රැළියට ජන ගඟක්

duplicate Ralahami Wednesday, 09 February 2022 03:55 PM

කෑම, බීම, අද දවසේ පඩිය, සන්තෝසම් ලැබුණද? දැන් සැපද?

:       357       523

NishanWednesday, 09 February 2022 07:42 PM

ජන ගඟේ මූණු වල හිනාවක් උද‍්යෝගයක් පේන්න නම් නෑ. දුර ගෙවාගෙන බස්වල පැටවිලා ආපු එකේ ගමන් මහන්සිය වෙන්න ඇති...

:       218       376

KithsiriFriday, 11 February 2022 01:09 AM

මාස්ක් දාගෙන ඉන්න මිනිස්සුන්ගේ හිනාව මැන්නේ කොහොමද කියනවකො බලන්න. ඉරිසියාව රෙද්ද පල්ලෙන් බේරෙනවා විපක්ශෙ උන්ගේ.

:       94       3

nimalWednesday, 09 February 2022 08:10 PM

රටේ ජනතාවට තවම සත්‍යය අවබෝධ වී හෝ දැනී නොමැති බව පෙනේ...!

:       146       210

kamalThursday, 10 February 2022 10:27 AM

මේ බොහොමයක් දෙනාට සමුර්ධිය ලැබීමේ පින පල දීලා .ඒකයි මෙතන ඉන්නේ

:       65       175

BamunuarachchiThursday, 10 February 2022 09:08 AM

ඔය ගොඩේ හමබයෝ නැතුව ඇති. හමබයින් දැන ගන්න ඕනේ ඔය මිනිස්සුම තමයි ලබන සැරේ චන්දෙ දෙන්නේ කියලා. හලෝ මිනිස්සු දුර ඉඳලා තමයි මේවගේ වැඩ වලට එන්නේ නැතුව අල්ලපු ගෙදර ඉඳලා නොවෙයි අදසසින් තේරෙනවා මොන ඔබ මොන ගොබ්බයෙක්ද කියලා

:       51       42

NishanSaturday, 12 February 2022 08:13 PM

රට පුරාම යන්න ලෑස්ති වෙලා ඉන්නේ මේ සෙට් එක කෑම පැකට් එකටයි, කාලේ බෝතලේටයි, අතට ලැබන සොච්චම් දීමනාවටයි.

:       0       29

Vipula Wednesday, 09 February 2022 03:56 PM

මේ අය නම් මිනිස්සු වෙන්න බැහැ.

:       76       224

senaWednesday, 09 February 2022 04:37 PM

කතාවේ ඇත්ත මොකක්ද? හරකගෙ රටේ සිංහයෝ රජවෙන්නේ නැහැ.

:       166       145

naleen Wednesday, 09 February 2022 04:12 PM

ජනතාවට කොරෝනා වලින් බේරෙන්න උපදෙස් දීල මුන් කරන වැඩේ . ආණ්ඩුවේ උනුත් එකයි විපක්සේ උනුත් එකයි . මුන් ඔක්කොටෝම ඕන දේසපාලන බලය ගන්න විතරයි .

:       18       185

RaveendraWednesday, 09 February 2022 06:08 PM

සහතික ඇත්ත. පක්ෂ, විපක්ෂවල ඉන්නේ නියම මන්ද බුද්ධිකයින්ය. ඔවුන්ටම සමාන ගොන් ජනතාව... සෞඛ්‍ය නීති මේ 226ම අදාළ නැත. එමගින් පැහැදිලි වන්නේ මේවා ගොන්, තකතීරු රැස්වීම් වලට සහභාගි වෙන අප රටේ පුරවැසියන් සියල්ලන්ම සියලුම දේශපාළුවන්ගේ මළපෙරේතයින් බව නොවේද..?

:       17       85

ChinthakaThursday, 10 February 2022 01:16 PM

හරියට හරි .දෙගොල්ලොම බලන්නේ බලයට එන්න හරි තියෙන බලය රැකගන්න හරි තමා.කොවිඩ් අවධානම පහව ගිහින් නැහැ .මේ දේවල් වලින් වෙන්නේ අහිංසක ජීවිත නැතිවෙන එක පමණයි

:       4       34

Kapila wasantha kumara Wednesday, 09 February 2022 04:13 PM

මේවාට කොරෝනා නීති අදාළ නෑ හොදේ. මෙහෙම ඉන්නකොට ඔමික්‍රොන් අවුලකුත් නෑ

:       46       206

සිරිසේන Wednesday, 09 February 2022 04:17 PM

මේ වගේ වහල් සමාජයක් තිබෙනා තුරු රටක ඉදිරි පැවැත්ම ගැන කවර කතාද? පක්ෂ, පාට කර පින්නාගෙන පරම්පරාවෙන් පරම්පරාවට යන ගැති දේශපාලනයෙන් අවස්ථාවාදීව ප්‍රයෝජන ගන්නා පාලකයින් ජනතාව මුලාකොට ඔවුනොවුන්ගේ බඩගොස්තරය රැකගැනීමට විනා ජනතාවට ඉන් සිදුවන යහපත කවරේද?

:       76       209

BamunuarachchiSaturday, 12 February 2022 04:22 PM

ජෙප්පෙක් සෙනඟ දැකලා බයවෙලා...

:       15       0

ඇන්තනි Wednesday, 09 February 2022 04:26 PM

මේ අය නම් මිනිස්සු වෙන්න බෑ...

:       132       149

Nirujan Wednesday, 09 February 2022 04:27 PM

සල්ලි සහ සිල්ලර බඩු රැගෙන ඇවිල්ලයි තියෙන්නේ...!

:       153       205

Pradeep Wednesday, 09 February 2022 04:34 PM

රටේ අර්බුද රැසක් නිර්මාණය වෙලා තියෙන මොහොතක මෙසේ රටේ විවිධ ප්‍රදේශවලින් බස් දමා සෙනඟ ගෙනත් දේශපාලනය කිරීම ඉතාමත් පිළිකුල් සහගතයි.

:       218       268

NanayakkaraFriday, 11 February 2022 01:14 AM

ඔහේගේ ප්‍රකාශය ඉතාමත් ඉරිසියා සහගතයි. මොකද, උද්ඝෝශන කරනකොට හොඳ වෙන්නත්, දේශපාලන ‍රැලි නරක් වෙන්නත් හේතුවක් නෑනෙ. දෙකම එකයි.

:       50       25

බද්රානි Wednesday, 09 February 2022 04:43 PM

මෙතරම් විශාල ගව සම්පතක් රටේ තියාගෙන අපි නවසීලන්තයෙන් තවත් ගවයින් හා කිරිපිටි ආනයනය කිරීම නම් කිසිසේත් අනුමත කරන්න බැහැ. ඒ වගේම පිටරටවලින් සහල් ආනයනය සීමාකොට ඒ වෙනුවට පිදුරු ආනයනය කිරීම ගැන රජය සලකා බැලිය යුතුවෙනවා. මීට අමතරව ගව හා බූරු මිශ්‍ර ජානවලින් බිහිවී ඇති ලංකාවටම පමණක් ආවේනික වූ සත්ව කොට්ඨාශය පිළිබඳව ගවේශණාත්මක පරීක්ෂණයකට ජාත්‍යන්තරයේ විශේෂ අවධානය යොමුවිය යුතුයි.. !!!

:       236       295

සකල බුජංWednesday, 09 February 2022 07:48 PM

බද්‍රානි මහත්මියගේ අදහස හරියට හරි. බලන්න පැරණි වෙහෙර විහාර ආශ්‍රිතව සිටින සත්තු කවුද කියලා..? මම හිතන්නේ මෙහෙම ජනතාව රවටන තැන්වලට පැමිණ රැවටිලි කාරයින්ට සහාය දෙන අයද? මෙලෙස මිනිස් භවයෙන් පස්සේ සත්තුවෙලා උපදින්නේ කියලයි..

:       72       61

මහසෙන් Wednesday, 09 February 2022 04:47 PM

මේ ඉන්නේ බූස්ටර් එකත් ගහගෙන සෞඛ්‍ය නීති නිසිලෙස පිළිපැදගෙන. සෞඛ්‍ය ජනරාල්ගේ ඇස් කටේ වෙන්න ඇති. සංදර්ශන සමාජයක් හදලා දවසට 20ට වඩා මැරෙන්න දීලා තියෙද්දීත් තවමත් මේ පක්ෂවල රැළිවලට යන මේ අය මිනිස්සු වෙන්න නම් බෑ...

:       33       92

සමන්ත Wednesday, 09 February 2022 05:10 PM

69 ලක්ෂයකින් දැන් අඩුම තරමේ දහ පහලොස් දාහක්වත් ඉතුරු නොවන්නේ යැයි යමෙක් කියන්නේ නම් ඔවුන්ට පිස්සු විය යුතුයි​. ඒ අතර මුදලට, බත් පැකට්ටුවට සහ අරක්කු බෝතලයකට යන පිරිසක් ද සිටින විට හොර දේශපාලුවන්ගේ හොද්ද බොරයි. ඒ කොහොම වෙතත් පොහොර නැතුව නන්නත්තාර වූ ගොවියන්, සහල්, ගෑස්, කිරිපිටි , එළවළු සහ අත්‍යාවශ්‍ය ආහාර සහ තෙල් නැතුව පීඩා විඳින, දුක් වේදනා විඳින මිනිසුන් අච්චු ගසා දෙන රුපියල් දාහ දෙදාහ රැගෙන යාමට පැමිණියත්, ඔවුන් ඡන්දය දෙන වෙලාව වනවිට නිසි පරිදි ක්‍රියාකරනු ඇත..​.

:       84       110

Surain Wednesday, 09 February 2022 05:20 PM

අර පොහොර කෘමි නාශක නැතිව, කන්න නැතිව දුක් විඳින ගොවියෝ නේද ඔය ඉන්නේ? ඔයිට වඩා හොඳ නැද්ද අමුඩය පිටින්ම ආවා නම්... ? බලපුවාම රටේ බඩුමිල අහස උසට වැඩිවෙලා.. පඩියෙන් ජීවත් වෙන්න බැරි මට විතරද? සිංහලයා මෝඩයා කියන්නේ නිකන් නෙමෙයි එහෙනම්...

:       93       158

Soma dubayi Wednesday, 09 February 2022 05:42 PM

ජයවේවා..! රටේ සියලු ජනතාවම ගරු ගෝඨාභය ජනාධිපතිතුමා සමග ඉන්නවා කියලා ඔප්පු වුණා...

:       269       230

C.K.LankaputhraWednesday, 09 February 2022 06:19 PM

සෝමක්කේ, ඩුබායිවලත් ගව සම්පත තියනවාද?

:       144       174

සෙන්දේWednesday, 09 February 2022 06:31 PM

කෝටි 2ක් ඉන්න රටේ විසි තිස්දාහක් බත් පැකට් එකට ගෙන්නුවාට ඕක නෙමෙයි ඇත්ත. ඡන්දේ තියලාම බලන්න කියන්න හොම්බෙන් යන විදිය දැකගන්න.. 2015 අන්තිම රැළියෙත් ඔය වගේ හිටියා.

:       121       169

BamunuarachchiThursday, 10 February 2022 09:20 AM

හිටපු නිසා තමයි ජෙප්පෝ චන්දේ දින්නේ. මේ ජේවීපී මීටිමක් නොවෙයි. ඔබේ කතාව ජේවීපී මීටිමකට හරි. පෑගිලා වගෙයි.

:       67       42

Ajith D.LThursday, 10 February 2022 10:20 AM

ඩුබායි තියෙන්නේ කොහෙද ?ඩුබායි නම් එළ සොමා

:       27       10

චමින්ද ජයනාත් ජයසූරිය Wednesday, 09 February 2022 06:02 PM

දේශපාලකයා නියෝජනය වනුයේ පවතින සමාජයෙනි. එය එසේ වේ නම් මෙය මෙසේ වීම පුදුමයක් වනුයේ කෙසේද..?

:       63       77

fairoos Wednesday, 09 February 2022 06:25 PM

මේ වගේ වහල්ලු ඉන්නකන් රටට අබ සරණයි...

:       117       173

BamunuarachchiThursday, 10 February 2022 09:12 AM

නැතුව රටේ 9% ඉන්න සිංහලයාගේ බදු මුදලින් පිනට කන හමබයිගෙන්ද රට හදන්නේ ? ජෙප්ප්නට සජබයින්ට තරු විසිවෙලා බඩ යනවලු.

:       25       54

jayasekaraFriday, 11 February 2022 09:39 AM

ඇත්ත.. මේ අය හරියට කුලී ගෙවල්වල ඉන්න කුලීකාරයින් වගේ. එක කකුලක් ලංකාවේ.. අනික අරාබියේ. මේ අයට රට ගැන කැක්කුමක් නැහැ. මෙරටින් හම්බ කරන් කනවා... එච්චරයි. යන තැන අපිරිසිදු කරලා. කාපුවා කාපු තැනම දාලා.. විනාශ කරලා යන්නේ...!

:       5       4

jayasekaraThursday, 10 February 2022 09:46 AM

ආස ඇති නේද ......ඔහෙලගේ අයට කැබිනට් එකේ ලොකු පුටු දීලා .ආණ්ඩුවක් පිහිටුවන්න

:       10       35

BamunuarachchiThursday, 10 February 2022 10:01 AM

හමබයෙකුගේ දුක් ගැනවිල්ලක් පව්.

:       16       27

Semasingha Wednesday, 09 February 2022 06:39 PM

ඩුබායි සෝමාට ජයවේවා..! 

:       47       34

mohomed agarapatana Wednesday, 09 February 2022 06:48 PM

මේ වගේ ජනතාවක් තියාගෙනද මේ රට හදන්නේ?

:       68       122

BamunuarachchiThursday, 10 February 2022 09:11 AM

නැතුව රටේ 9% ඉන්න සිංහලයාගේ බදු මුදලින් පිනට කන හමබයිගෙන්ද රට හදන්නේ ?

:       16       41

jayasekaraThursday, 10 February 2022 09:44 AM

අනේ ඔව්.අපි දැක්කා ආණ්ඩුව රට හදපු හැටි.මුස්ලිම් අන්තවාදීන් බෝම්බ ගහලා යනකල් මහා ලොකු සිංහයෝ ටික නිදාගෙන හිටියා.තව හිටියානම් නැගෙනහිර මුස්ලිම් උන් අල්ලනවා.උතුර ආයෙමත් කොටි අල්ලනවා.කකුල මෙහෙ තියාගෙන අනික අරාබියේ තියාගෙන ජීවත් වෙන්න එපා

:       35       26

BamunuarachchiFriday, 11 February 2022 02:48 PM

ඉස්සර හම්බයෝ පාරුක්ලා, මොහොමඩ්ලා දැන් හම්බයින් ජයසේකරලා වෙලා. දැන් හම්බ කඩවල ඉස්සරහාට තියලා තිබෙන්නේ බුදු පිළිම. හලෝ නම මාරුකළාට හම්බයා හඳුනා ගන්න අපිට පුළුවන්... හම්බයින් කකුල් දෙකම මෙහෙ තියාගෙන අපේ ළමයින්ගේ සම්පත් පිනට කනවා..!

:       17       1

දාස Wednesday, 09 February 2022 07:06 PM

ඇති වෙන්න බොන්න දෙන්න ඇති... බඩු මලු සල්ලි දීලා ට්‍රිප් එකක් යන විදියට ඔය රැල එකඑක කොට්ඨාශවලින් බස්වල දාගෙන දක්කාගෙන එන්න ඇති... අද හෙට හරක් රැල ඔතැනට ගාල් කෙරුවේ කොහොමද කියලා එළියට එයි...

:       49       111

Don perea Wednesday, 09 February 2022 07:28 PM

රටේ ගව සම්පත...!

:       80       113

BamunuarachchiThursday, 10 February 2022 09:17 AM

අයි මෙරටට ඔබලාට වැඩිය ගවයෝ රටට සම්පතක් . හැමබයෝ රටට ගවයෝ ඉතිරි කර මස් කඩේට ඔහෙලාව දක්කනවානම් ඊට් වැඩි සම්පතක් රටට නැහැ.

:       44       20

siri Wednesday, 09 February 2022 07:47 PM

අනෙක් උද්ඝෝෂණ විතරද රෝග අවදානම...?

:       38       70

සුමනා Thursday, 10 February 2022 09:15 AM

මේ ඇත්තටම තමුන්ගේ කැමැත්තෙන්ම ආපු මිනිස්සු නන්, මේ රටේ ඉන්නවට වඩා වෙන රටකට යන එක හොදයි.

:       0       36

Akila Thursday, 10 February 2022 09:16 AM

මින්ස්සුන්ව එක ළඟ එක ගොඩේ තියල , ඒ ගොල්ලොඑ හොඳට පුලුවන් තරම් ඇතින් ස්ටේජ් එක හදාගෙන එතනට වෙලා ඉන්නව , එතකොට කොරෝන පැතිරුණත් පැතිරෙන්නේ ඔය ඇවිල්ල ඉන්න මෝඩ මිනිස්සු අතරේ විතරයි . කොහොමද වහල්ලුන්ව පාවිච්චි කරන විදිහ ?

:       20       66

Bamunuarachchi Thursday, 10 February 2022 10:00 AM

ගව සම්පත දැකලා එළදෙනකට ආසා හිතිලා වගේ. පරුස්ට කිව්වනම් එක්කගෙන යාවි.

:       12       29

අජිත් වීරතුංග කටාර් රාජ්‍යයේ සිට Thursday, 10 February 2022 10:00 AM

රටේ ජනතාවට අයිතිවාසිකම් මෙන්ම වගකීම් ගැන පෙන්වාදීමට පෙර අපේ රටේ දේශපාලකයෝ සහ පාලකයෝ තමන්ගේ වගකීම් සහ අයිතිවාසිකම් ගැන තේරුම් ගත යුතුයි ..රටේ ජාතික සම්පත් තමන්ගේ පුද්ගලික බුදලය කියා සිතමින් කරන නින්දිත ක්‍රියා නතර කලයුතුයි මේ රටේ ආර්ථිකය බංකොලොත් කලේ ජනතාව නොවේ රටේ පාලකයින් ..විදේශීය රටවලින් ගෙවන්න බැරි තරම් ණය අරන් රටේ ජාතික සම්පත් විදේශීය රටවලට බදු දුන්නේ /ඉඩම් සින්නක්කර විකුණුවේ රටේ ජනතාව නොවේ රට පාලනය කල දේශපාලකයින් ..ඒ ගත් මුදල් වලින් ධනවත් වුයේ රට පාලකයින් සහ දේශපාලකයින් පමණයි …වසර 74 ගත වි ඇතත් රටේ ජනතාව දුප්පත් පවුල් පාලනය පෝසත් වෙනසක් කරන්න ඕනේ .වෙනසක් වෙන්න ඕනේ. නැත්නම් අපේ අනාගත පරම්පරාවට නිදහස් නිවහල් රටක් නැති වෙනවා කටාර් වල අපි

:       12       39

Ajith D.L Thursday, 10 February 2022 10:04 AM

කො අර බමුණු මහතා ,

:       11       42

චමින්ද Friday, 11 February 2022 06:53 AM

බමුණු ආරච්චි කිව්වාම මහත්තයෙක්ද? නැත්නම් මහත්මියක්ද කියලා කොහොමද කියන්නේ? මට හිතෙනවා අදහස් ඉදිරිපත් කරන බමුණු ආරච්චි නම් කාන්තාවක්ම කියලා....

:       1       6

Rakitha Thursday, 10 February 2022 10:24 AM

ලෝක වසංගතයක් සමග රජය අසීරුවෙන් ගෙන යන වැඩ පිළි වෙල ගැන විචාර බුද්ධියක් සහිත මිනිසුන්. 69 ලක්ෂය නැත්තම් 55 ලක්ෂයේ නුගත් මිනිස්සු විතරක් නෙමෙයි අනිත් අයත් මේ වසංගතයෙන් මැරිලා. දැනුම් දීලත් නවත්ත ගන්න බැරි වුණු රනිල් සිරිසේන අනුර කුමාර ආණ්ඩුව තිබුණානම් ඇහැට නොපෙනෙන වයිරසයක් පාලනය කර ගන්න හැටි බලන්න තිබුණා. මේ ආණ්ඩුව නිසා මෙහෙම හරි කාලා ඉන්නවා.

:       51       5

NishanSaturday, 12 February 2022 08:17 PM

සමහරු ඉන්නවා වැඩිමිලට කන එක සහ පෝලිම්වල ලැගගෙන ඉඳලා බාගෙට කන එක සැපක් කියලා හිතන...

:       0       0

Rohana Thursday, 10 February 2022 10:29 AM

සෙනග ඇදපු බස් වල පින්තුරත් පෙන්නුවා නම් වඩාත් හොඳයි.මොලේ කලඳක් තියන අය නම් කැමැත්තෙන් මේවාට එයිද?

:       18       53

Bamunuarachchi Thursday, 10 February 2022 10:40 AM

ඔන්න අපි වැඩ පටන් ගත්තා හැප්පිලා බලමු. අනුර ගොයියෝ උඹලගේ වැඩ හබක් නේද?

:       67       27

බුජං Thursday, 10 February 2022 11:09 AM

පීඩිත දුප්පත් ජනතාව අතලොස්සක් දුශිතයන්ගේ ග්‍රහණයට හසු . මිනිසා සත්‍යට වඩා තම විශ්වාසය තහවුරු කරයි .දුෂණයෙන් තොර පැහැදිලි විපක්ෂයක් ,නායකත්වයක් නොමැති කම නිසා ජනතාව අසරණ වී ඇත

:       3       31

Jagath Thursday, 10 February 2022 11:15 AM

ඔය බය වෙලා ඉන්නේ.පිටින් කට්ටිය ගෙනල්ලා.හුහුහුහුහු

:       15       39

sharm warn Thursday, 10 February 2022 11:15 AM

අනේ මෙච්චර හරක් ඉන්න රටටද කිරිපිටි රටින් ගෙන්නන්නේ ??

:       14       38

chandana Thursday, 10 February 2022 11:29 AM

බලෙන් ගෙනාපු සමුර්ධිය ලැබෙන අයයි .බලෙන් ගෙනාපු දේශපාලන පත්වීම් ලබපු රජයේ සේවකයොයි ,එක එක ආසන සංවිධායකයොයි , බස් වලින් ඇද්ද දේශපාලන ගොට්ටොයි විතරයි

:       17       53

සමන් Thursday, 10 February 2022 11:58 AM

සමාජ මාද්‍ය තුල මම දැක්ක මහින්ද මහත්මය කතාකරනකොට මිනිසුන් කෝ පොහොර යැයි කියමින් විරෝධතා දක්වනවා. නිවැරදි ජනතා නියෝජිතයන් පත් කර ගැනීම සදහා සත්‍ය හා නිවැරදි තොරතුරු ගෙන හැර පෑමේ සද්කාර්ය තියෙන්නේ ජන මාද්‍ය සමග.

:       17       59

පැරකුම් Thursday, 10 February 2022 03:14 PM

ගෝටාභයට වැඩ පෙන්නන්න ඉතිරි අවුරුදු තුනට අමතරව තව පහක් එනව වගෙයි. ජනතා කැමැත්ත එය නම් වෙන විකල්පයක් නැත.

:       9       15

BamunuarachchiSaturday, 12 February 2022 04:26 PM

ජේ.ආර්. ට පුළුවන් නම් අපිට බැරිද 10 ඉන්න. අන්න එතකොටයි මිලිටරි ක්‍රමය ඕනෑ වෙන්නේ... දැන් ඔහොම යන්...!

:       4       0

hesa Friday, 11 February 2022 11:04 AM

සෙනග දැක්කම මෙහෙම බය හිතෙනවත් ඇති..දුර ඉඳන් සෙනග ඇදල කියලත් කියනව..වෙන්න ඇති..ඔය විදියටම පසු ගිය මැතිවරනයෙදිත් උනානෙ..කෙනෙක් Fb යේ ඡනාධිපති උනානෙ, ගෝල් ෆේස් වලට එක නගරයකින් බස් 3,4 බැගින් සෙනග ඇද්දල කරපු රංගනය..ඒ වැඩි දෙනෙක් වයස 18 සම්පූර්න නැහැ..අනික ඒ ආ සෙනග, පොහොට්ටුවට හිතවත් උදවිය..කෑම 1යි, නොමිලේ කැළණි වඳින්නයි තියෙන ආසාවට විනෝද ගමනක් ගිහින් ආවේ කට්ටිය..100% සත්‍ය දේ මේ.. අන්තිමෙදි කොහොමද ප්‍රතිඵල..

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 7326 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4277 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 5587 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4076 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 974 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1744 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36379 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24174 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 523 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 226 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site