IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පොහොට්ටුව සල්ලි කාරයන්ට බදු දෙන්න හදපු පක්ෂයක් නොවේ

(අංජුල මහික වීරරත්න)

පොහොට්ටුව සල්ලිකාරයින්ට කුලියට දෙන්න බදු දෙන්න හෝ විකුණන්න සුදුසු පක්ෂයක් නොවෙි යැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

පොහොට්ටුව යනු මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් හදපු පක්ෂයක් බවද අමාත්‍යවරයා කීය . 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ කිරීමට කටයුතු නොකළ බව තමන් ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයිද  අමාත්‍යවරයා සඳහන් කළේය.

පක්ෂයක් ලෙස එකට එක්වී කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සෑම විටම පැවසූ බවද අමාත්‍යවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය .

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, රමේෂ් පතිරණ, අලි සබ්රි ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගී වූහ.

 



අදහස් (14)

පොහොට්ටුව සල්ලි කාරයන්ට බදු දෙන්න හදපු පක්ෂයක් නොවේ

මහසෙන් Tuesday, 06 August 2024 11:57 AM

ඉතිං ඔච්චරටම අමාරුවෙන් හදපු පක්ෂය ගැනයි පාක්ෂිකයෝ ගැනයි අමාරුයි නම් කරන්න තිබ්බේ ඒ පක්ෂයේම ඉදලා සටන් කරලා සූදුසු කෙනෙක් දාන එකනේ. කියන්නේ රට පෙරට. ඒ වුණාට බඩ පෙරට.අවස්ථාවාදී කොයි පක්ෂයේ වුණත් මේ වගේ උන් පරදවන්න ඕනැ.

:       0       35

සෙනෙවිරත්න Tuesday, 06 August 2024 12:24 PM

ඔව් ඒක සල්ලි කාරයෝ හදන්නත් කප්පං කාරයෝ හදන්නත් තියෙන එකක්, මේක දේශපාලන විකෘතියක්

:       0       35

Lakmal Tuesday, 06 August 2024 12:41 PM

අනේ බන් උඹලා වගේ දෙපැත්ත කන අයත් එක්ක මොන දේශපාලනයක්ද?

:       0       26

suranga Tuesday, 06 August 2024 01:07 PM

දුකටද කියන්නෙ බයටද කියන්නේ? නායකත්වය දෙන එක, නායකත්වයේ වගකීම ලේසි නැහැ නේද? පවුල් වලට දොස් කිව්වට පරම්පරාවේ ශක්තියත් නායකත්වයට බලපානවා නේද? අඩු තරමේ ලංකාවෙවත් ? අවුරුදු 2500 රාජ වංශේ බලපෑම වෙන්නත් පුළුවන්.

:       1       13

Roland Kuranage Tuesday, 06 August 2024 01:11 PM

පක්ෂයේ නායකත්වයට පෙර,තනියම රනිල්ට සහයෝගය දෙන්න තීරණය කල හැල කිඹුලා ....යම්තමට O/L පාස් වෙලා ..මුන්ට අනාගතයේ 0 වයි ..

:       1       18

saman Tuesday, 06 August 2024 01:33 PM

පොහොට්ටුව කියන්නේ රනිල්ට ගොට්ට අල්ලන්න හදපු පක්ෂයකුත් නෙමෙයි....මුන්ට ලැජ්ජාවක් නැති වුන්ට ඡන්ද දායකයන්ට ඇත්තම ගෞරවයක් තියනවා

:       1       15

අරවින්ද මොනරවිල Tuesday, 06 August 2024 01:35 PM

අනේ ඔව් මහින්ද මහත්තියා පොහොට්ටුව හැදුවේ කප්පම්කාරයන්ට, මාල හොරුන්ට, හොරෙන් පස් කපන ගස් කපන වැලි හාරන එවුන්ට බල්ටි ගහන්නයි

:       2       14

janahitha Tuesday, 06 August 2024 02:02 PM

අපේ පොහොට්ටුවට ජය වේවා

:       4       6

Kazi Shajahan Tuesday, 06 August 2024 03:37 PM

පොහොට්ටු පක්ෂයෙන් හැදුවේ මේ රටට කප්පම් කාරයෝ ,කුඩු කාරයෝ ,කොමිස් කාරයෝ ,ටැක්ස් හොරු ,කසිප්පු කාරයෝ ,බාර් කාරයෝ ,රත්තරන් හොරු , මාල කඩන හොරු සහ ලෝක හොරු පිරිසක්

:       1       8

ගමේ එකාලා Tuesday, 06 August 2024 03:46 PM

පොහොට්ටුව කියන්නේ බලලෝබි බඩගොස්තරවාදි දුශිත පවුල් පාලනේ උන් එකතුවෙලා හදාගත්තු ,දූෂිත දේසපාලුවෝ කිට්ටු කරගෙන රටම හොරාකාලා විනාශ කරපු පක්ෂය ක්?

:       2       8

Rata Perata Tuesday, 06 August 2024 05:18 PM

දැන්වත් ගම්පහ ජනතාව මේ වගේ අපතයින් පාර්ලිමේන්තු එවලා කාලකණ්ණි වෙන්නේ නැතිව ඉන්න වගබලා ගන්න.

:       0       0

de silva Tuesday, 06 August 2024 09:36 PM

බොල කියන කියන පැත්තට හැරෙන්න අද ඉන්න ඡන්ද දායකය සුදානම් නැතිබව හිතට ගනින් , මල ඉලවු පොහොට්ටුව නැති වුනාට ඡන්දෙ දෙන්න ඕනේ තරම් විකල්ප තිබෙනවා

:       0       0

රම්සි Wednesday, 07 August 2024 09:48 AM

අන්න ඇත්තම කිව්වා. ඒක එහෙම හදපු පක්ෂයක් නෙවෙයි. ඒක කම්බ හොරැන්ට රට කන්න හදපු එකක්.

:       0       0

fairoos Wednesday, 07 August 2024 11:28 AM

පොහොට්ටුව කියන්නේ රට නන්නත්තාර කරපු පක්ෂයනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1068 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6614 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3628 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 306 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1530 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1637 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28659 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23608 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site