IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර එකඟතාවක්

(ඩයනා උදයංගනී)

ඉදිරි මැතිවරණවලදී එක්ව තරඟ කරන්නේ නම් ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ නමින් ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකඟතාවක් ඇතිවී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, මහින්ද අමරවීර මහතා පැවසීය.    

මෙම පක්‍ෂයේ ලකුණ සහ තනතුරු ගැන ඉදිරියටත් සාකච්ඡා කරන බව ද අමරවීර මහතා කීවේය.

එහි ජනාධිපතිවරණය අපේක්‍ෂකයා ගැන මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව කී අමරවීර මහතා ඒ සම්බන්ධයෙන් කරගෙන යන සාකච්ඡා අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් හා පොදුජන පෙරමුණෙන් වෙන වෙනම අපේක්‍ෂකයින් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇතැයි ද මහලේකම්වරයා පැවසීය.

එසේ වුවහොත් එම අපේක්‍ෂකයින් දෙදෙනාම පරාජය වී වෙනත් පාර්ශවයක අපේක්‍ෂකයකු ජය ගනු ඇතැයි ද  හෙතෙම සඳහන් කළේය.

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (4) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (37)

පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර එකඟතාවක්

Dilan Thursday, 04 July 2019 11:01 AM

එක්සත් සහ විමුක්ති කියන කෑලි දෙකත් එකතු කරමුද?

:       62       87

sirimal Thursday, 04 July 2019 11:07 AM

ඔය මොන නූල් සූත්තර ඇද්දත් බැසිල් රාජපක්ෂ පවුලේ පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගහන පද වලට නටයි කියල‍ා හිතන්න නම් අමාරුයි. ඒ ගොල්ලෝ හොඳින් බැරිනම් නරකෙන් හරි බලය ලබාගන්න තමයි උත්සාහ කරන්නේ. බලය ලබා ගන්න බැරි වුනොත් ඒ ගොල්ලෝ දන්නවා ලෝක අමාරුවක වැටෙන බව... ජනාධිපති වරයා දැනටමත් නැවත තරඟ කිරීමේ අදහස අත්හැර ඇතිබව පැහැදිලිවම පෙනෙන නිසා මේ සේරගෙන්ම වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නන්නස්තාර වෙන එකයි. එවන් අපරාධයක් කිරීම වෙනුවෙන් නැඟෙන දෝශාරෝපණයෙන් වැඩි ප්‍රමාණයක් එල්ල වෙනු ඇත්තේ ජනාධිපති වරයාගේ නෝන්ජල් ක්‍රියා කලාපයටයි.

:       213       369

Mo Thursday, 04 July 2019 11:14 AM

ආයෙත් හොර තක්කඩි සේරම සෙට් වෙන්නයි යන්නේ. එහෙම වුනොත් නාගානන්දට ඡන්දය දෙන්න ලෑස්තිවෙන්න...

:       493       1225

Prabha Thursday, 04 July 2019 12:49 PM

නාගහනන්දත් ද්විත්ව පුරවැසියෙක් කියලා අර හාදයෙක් නඩුවක් දාලා තියෙන්නේ..

:       195       110

MaheeThursday, 04 July 2019 09:13 PM

හරියටම හරි, එකම ගැලවුම මේ සියලු හොරුන් එලවා දමා නාගානන්ද පත්කර ගැනීමයි. ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැනට රඳවාගෙන සිටින ද්විත්ව පුරවැසි බව නිසි වෙලාවට අත්හරින බව. කිසිම ප්‍රශ්නයක් නැහැ.

:       0       138

saliya Thursday, 04 July 2019 11:34 AM

මේ ගොල්ලොත් එක්ක තනතුරු බෙදා ගෙන යූ.එන්.පී. ය රාජකීය කෑමක් කෑවා. ඒ සෙල්ලම් නම් ආයේ දාන්න බැරි වේවි... දෙන යමක් අරගෙන ඉන්න හොඳේ...

:       26       88

Bishan Thursday, 04 July 2019 11:39 AM

මොකෙන් ආවත් දෙන්නේ නෑ පුතේ...

:       333       469

ThusitheThursday, 04 July 2019 01:09 PM

කටමැත දොඩවන නාගානන්ද නැමැත්තාට ලියාපදිංචි පක්ෂයක් නැත. ස්වාධීන ජනාධිපති අපේක්ෂකයෙකු වීමට නම් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබිය යුතු වුවද නාගානන්දට ඒ සුදුසුකමද නැත. අනෙක් ප්‍රධාන කාරණාව නම් නාගානන්ද ද්විත්ව පුරවැසියෙකි. ඒ අනුව ඔහුට කිසිසේත්ම මෙසිරි ලංකාවේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වීමට සුදුසුකමක් නැතිව තිබියදී ඔහු ප්‍රසිද්ධියේ ජනතාව මුලා කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් ‌වෙනවා යයි කියා තම පුද්ගලික ගිණුමකට මුදල් එකතු කරයි. ටාර්ගට් රුපියල් මිලියන 500 - 750ක් නාගානන්ද යනු නීති වෘත්තියෙන් මුදල් හම්බ කරනවාට වඩා රේගුවේ ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කරමින් මුදල් හම්බ කරන ලද පුද්ගලයෙකි. කෙසේවුවද අධිකරණයට අපහාස කිරීමේ වරද පිළිගැනීම හේතුවෙන් ඔහුගේ නීතිඥ භාවය අධිකරණය විසින් වසර 3 කට තහනම් කර තිබේ.

:       470       109

RasikaThursday, 04 July 2019 07:28 PM

දැන් එතකොට ගෝටාභය රාජපක්ෂට ඕවා තියෙනවෙයි? ඔහුටත් ඔය ද්විත්ව පුරවැසි ප්‍රශ්‍නයක් තියෙනවා නේද? ඒ වගේම ඔහුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නෙමෙයිනේ. එතකොට සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්ෂක වුනේ මන්ත්‍රී වෙලා නෙමෙයිනේ. අනෙක පක්ෂක් ලියාපදිංචි කරන්න එක ලොකු අමාරු වැඩක් නෙමෙයිනේ. ඔය ඕන තරම් පක්ෂ තියෙන්නේ.

:       94       277

MaheeFriday, 05 July 2019 02:06 AM

ඔබ තද පාට කන්නාඩි දාගත් අයෙකු බව නම් පේනවා.

:       0       0

de silva Thursday, 04 July 2019 11:47 AM

පක්ෂවල නායකයින්ගේ දෙපිට කාට්ටු වැඩ නිසාත් , පසුගිය ඡන්දවලදී දුන්න පොරොන්දු ඉටු නොකිරීමත් නිසා ජනතාවට ඔය පොහොට්ටු, එජාප, ශ්‍රීලනිප වැනි මහපක්ෂ සියල්ල එපාවී ඇත. මේ එකකටවත් නැති අවංක, උගත්, රටට ආදරය කරන ස්වාධීන අපේක්ෂකයෙක් ජනපති කරගන්න ජනතාව බලාසිටිති.

:       117       385

JAGATHWANA Thursday, 04 July 2019 11:51 AM

හොරු ඉදිරිපත් කළාට වැඩක් නෑ. මේ පාර අපි ඡන්දෙ දෙන්නේ නාගානන්ද කොඩිතුවක්කු මහත්මයට... ඔය 225ම අපි ගෙදර යවනවා.

:       530       1148

ArachchiThursday, 04 July 2019 12:48 PM

අදහස හොඳයි. එහෙත් රජය යනු බල කේන්ද්‍ර කීපයක් එක්ව ඉදිරියට ය යුතු තැනක්... පසුගිය නොගැලපීම කොතරම් හෙනයක් වුණාද? නගානන්ද යනු හොද පුද්ගලයෙක් පමණි. රාජ්‍ය පාලනය පුද්ගලයෙකුට එහා ගිය කාර්යයකි.

:       65       61

sharm warnFriday, 05 July 2019 03:48 AM

බල කේන්ද්‍ර කිහිපයක් එක්ක ගිය ගමන් වල ආරම්භයත් අවසානයත් අපි ඇති තරමට දැක්කනේ. දැන්වත් පක්ෂ දේශපාලන මානසිකත්වයෙන් මිදිලා, පොඩ්ඩක් වෙනස් විදියට හිතලා රට ගොඩ ගන්න පුළුවන් ක්‍රමයක් ගැන දැන්වත් හිතමුද ?

:       0       0

PerakumThursday, 04 July 2019 03:07 PM

ජයවේවා අපිත් නාගානන්දට...!!

:       9       164

AmilaThursday, 04 July 2019 06:36 PM

උගත්කම විතරක් තිබුනට මදී බුද්ධිමත් වෙන්න ඕන සහ ප්‍රායෝගික වෙන්න ඕන.

:       61       28

madusha jayasingha Thursday, 04 July 2019 12:04 PM

බණ්ඩාරනායක මේවා දක්කොත් වලෙන් නැගිටලා එනවා. පව් ඒ මනුස්සයා මේ පක්ෂයක් නිසා ජීවිතෙනුත් වන්දි ගෙවලා ගොඩනැගුවේ. මුන් නටන පිස්සුවක්...

:       1       122

BamunuarachchiFriday, 05 July 2019 06:16 AM

තමුසෙට ඒක පෙනුනා නේද?

:       0       0

BamunuarachchiFriday, 05 July 2019 12:52 PM

ගරු බණ්ඩාරනායක මහතාට මේ ගොයියා පේමන්ට් කාරයෙකුට වගේ අමතපු නිසා මට හිතුණා තමුසේ කියා මෙයාට කතා කරන්න. ඒ විදිහට රනිල්ට හෝ සිරිසේනට කතා කළා නම් ගණන් ගන්නේ නැතිව ඉන්න තිබුණා...

:       0       0

BiFriday, 05 July 2019 01:40 PM

ඔයා කියන ඒවා කව්ද අහන්නේ.

:       0       3

Chathuri Thursday, 04 July 2019 12:21 PM

මොන විදියට ආවත් හැව ගලවලා පුද්ගලයා වෙනස් වෙලා නැහැ. අවුරුදු හතරකට උඩදී. පැරදුනේ වැඩ බැරිකමට, නාස්තිය, දූෂණය, රට... අරාජිත වුණු නිසා, කවුද ඉන්න මොළකාරයා රටක් බාර දෙන්න තරම්? කාඩ්බෝඩ් වීරයෝ, මිනීමරුවෝ ඉන්නවා ඕනෑතරම්.., දෙමව්පියන්ගේ සොහොනත් ජනතා මුදල් කෝටි ගණන්... වියදම් කරපු මිනිස්සුනේ... තමන්ගේ පවුල් සැප විඳින්න ඕනෑ නිසා අන්තවාදීන් වගේ වැඩකරලා ජනාධිපතිකම ගන්න. යන්නේ අවුරුදු 60ට වැඩි කිසිවකුට ඉදිරිපත් වෙන්න දෙන්නේ නැහැ. තරුණ නායකයෙක්, බොක්ක කුඩා කෙනෙකුට රට බාරදෙන්නේ. මූණ බැලුවම පුළුවන් කියන්න. බොක්කේ සයිස් එක...

:       985       1058

pawanThursday, 04 July 2019 01:22 PM

චතුරිගේ ලේත් කොළපාටයි වගේ. නිධන් හොරුන්ට අපේ නම් කිසිම මනාපයක් නැහැ. තියෙන අධ්‍යාපන මට්ටම පේනවා. උස නම් සිකුරුටි, මිටිනම් කම්කරු අයට රැකියා දෙන කොට. හිටිය කෙනාගම පුතණ්ඩිය නොවැ... ඉන්දියාවේ මෝඩි මහත්තයත් ඔය කියන වයසේ ඇති නේද?

:       15       154

raviFriday, 05 July 2019 06:13 AM

ඔව් ..චතුරි , ඔයා හරි ..ආච්චිලා ..සීයල , අම්මල..තාත්තල..නැන්දලා..මාමල ..අයියල අක්කල ..නංගිලා..මල්ලිලා මේ ඔක්කොම එකතුවෙලා , මුළු රටම බයකරගෙන හිටිය කාලය අවසන් කරමින් තමයි .. අද යහපාලනයක් බිහිවෙලා තියෙන්නේ .. අද පොහොට්ටුවේ ඉන්න අය .. තමයි එදා දේශපාලන දාමරිකයෝ වශයෙන් අපි හඳුනා ගත්තේ .

:       0       1

ශ්‍රී Thursday, 04 July 2019 12:34 PM

තනියම කන්න බැරි විට හවුලේ කන්න.. අටවාගන්න පෙරමුණු අපි නොම දන්න... එන්නට එපා නැවතත් අප රවටන්න... දෙන්නෙම නෑ ආයෙත් රට වනසන්න...

:       45       230

Chathuri Thursday, 04 July 2019 12:42 PM

මේ ගොල්ලෝ එකතු වුනාට වැඩක් නැහැ. ජනතාව අතේ හැන්ද තියෙන්නේ, තරුණ, කොන්දපන තියෙන කෙනෙක් මේ පක්ෂේ නැහැ. නැවත පවුල් පාලනයකට රට දෙන්නෙත් නැහැ. මහින්ද පැරදුනේ තමාගේ පවුලේ සැමටම රජයේ ආයතන පාලනය බාරදුන්නා. දරුවන්ගේ යාලු මිත්‍රාදීන්ටත් රජයේ ආයතන බාරදුන්නා. දැන් කට්ටියට අමතකද? පරදින්කොට තිබුණු ණය කන්දරාව සේරමලගේ ෆයිල් හැංගුවා කියලා. මහින්ද ප්‍රසිද්ධියේ කිව්වා. රට සම්පූර්ණයෙන් විනාශ කෙරුවා. මම දන්නේ නැහැ. මට මතක නැහැ කිව්වා හත්මුතු පම්පරාවටම හම්බ කරගත්තා. ජනතාවට බදු වැඩිකරමින් ඒ ණය සේරම ගෙව්වා. ටිකකලකින් ජනතාවට සහනයක් දෙනවා කිව්වා. බදු අඩු කරලා යහපාලනය දැන් නැවත යමපල්ලෝ කරලියට. එන්න යන්නේ ජනතාව... නැගිටින්න, හිතන්න, වුණු දේවල් අමතක නොකරන්න.. මේ සේරම එලවන්න.

:       1       104

Hafeel Thursday, 04 July 2019 03:38 PM

නිදහසෙන් පසු බලයට පත්වූ යූ. එන්. පි, ශ්‍රී ලංකා, පොහොට්ටු දැන් අලුත් නමින් ආවට මේ පක්ෂවල් සේරම මේ රට විනාශ කළා. මේ පක්ෂවල් සේරම ප්‍රතික්ෂේප කළයුතුයි. නමුත් ඔවුන් පෝසත් වුණා...

:       10       65

Bishan Thursday, 04 July 2019 04:10 PM

හොරු රොත්තම සෙට් වෙන්න යන්නේ...

:       5       61

BamunuarachchiFriday, 05 July 2019 11:25 PM

දැන් ඉන්න අය හොරු නොවෙයිද?

:       0       0

Amila Thursday, 04 July 2019 06:39 PM

හොදට බලන්න ඔය ඉතුරුවෙලා ඉන්න පුද්ගලයෝ දශක ගණනක් ප්‍රභල ඇමතිකම් කරාට මෙලෝ වැඩක් රටට කරලා නෑ.

:       0       63

AjirhB Friday, 05 July 2019 12:51 AM

හිතවතුනේ, හැමදාම අපි දුක් විදින මිනිස්සු වෙලා. ඉතා දියුණු කල හැකි මේ සුන්දර රටේ අපි අසරණ කරලා. අපේ රටේ මොන සම්පතද නැත්තේ? ඒත් දැක්මක් නැති, විනයක් නැති, මොලයක් නැති දුෂ්ට පාලකයෝ ටිකක් අපි හැමදාම පත් කරගත්තා. ඔවුන්ට ඔවුන් ගැන මිසක් රට ගැන හිතන්න බුද්දියක් තිබ්බේ නැ. ඒ නිසා රට හැමදාම විනාස වුනා. එහි ප්‍රතිපල අද අපි භූක්ති විදිනවා. රට වැසියා අන්ත අසරණ වෙලා, ඔවුන් ජිවන අරගලයක හිරකරලා, මානසික නිදහස, සැප පහසු ජිවිත අපෙන් ඔවුන් උදුරාගෙන. අපි ඔවුන්ගේ මානසික වහල් බාවයට පත් කරලා. දැන්වත් අවදි වී සිතන්න. අපේ රට අපි විනාස කරන්න මේ පාලකයන්ට තවත් ඉඩ දෙන්න බෑ. අපි හරියට අවදි උනොත් කාටවත් අපිව රවට්ටන්න බෑ. අපි රට වෙනුවෙන් පාට, පක්ෂ බදාගන්නෙ නැතිව විවෘතව හිතමු.. දන්නා දවසේ ඉදල එහාට මෙහාට පැන පැන බලයේ ඉන්න මේ සියල්ල ආයෙත් බලයට ගේන්න තරම් අපි නිවට නොවෙමු.. හිතන්න අපි මේ රට ගොඩගන්න මිනිස්සු වෙමු, අපි අපේ දරුවන්ට හොද රටක් ගොඩනගන්න මේ 225 ම එලවා දමමු..

:       0       0

sharm warn Friday, 05 July 2019 03:56 AM

මේගොල්ලෝ සාකච්චා වට 6ක් විතර නටලා යන්තම් නමක් විතරක් හදා ගත්තා. මොනවද සාකච්චා කරපු කරුණු කියල රටේ ජනතාවගෙන් හංගනවා මොකද ප්‍රසිද්ධියේ කියා ගන්න බැරි නිසා. මෙයාලත් බොර දියේ මාළු බාගන්න හැදුවට පිපුරුම් යටින් තියාගෙන පැලැස්තර දාන සෙල්ලමක් මේ කරන්නේ. බලයට ආව දවසට තමයි සේරම පිපුරුම් එලියට එන්නේ. අපි බලන් හිටියා ඇති නේද ? මෙච්චර සාකච්චා කර කර නටන්නේ රට දියුණු කරන්නද? කොහෙත්ම නැහැ. ඒක තේරුම් අරගෙන මේ 225 ම පන්නලා දාලා රට වෙනුවෙන් ඉන්න නායකයෙක් හදමු. එයාට පක්ෂයක් තියෙනවද නැද්ද කියල අපිට වැඩක් නැහැ. නිවැරදි කෙනෙකුට අපි හැමෝම පක්ෂයි. එහෙම නේද ? අපි ජනතා පක්ෂයේ. ඒ ඇතිනේ රට දියුණු කරන්න ..

:       0       0

manjula Friday, 05 July 2019 04:42 AM

නගානන්ද බලය නැතිව කරපු වැඩ ටික හොඳටම ඇති... ඔය අනිත් අය බලය නැතිව එහෙම වැඩ කරලා තියේද? ඔය ක්‍රමය වෙනස් නොකර බුදුහාමුදුරුවන් ආවත් කරන්න බෑ. එකම විසඳුම නාගානන්ද සහ ඔහුගේ ව්‍යවස්ථාව... නාගානන්දට ජයවේවා...!!!

:       0       1

ravi Friday, 05 July 2019 05:41 AM

පොහොට්ටුවත් එක්ක.. සම්බන්ධ වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්.. විශාල අලකලංචියකට මුහුණ පාන්න සිදුවෙන බව නම් නියතයි.. ! මොකද?. පොහොට්ටුව කියන්නේ අපි නාඳුනන පිරිසක් නෙමෙයිනේ..!!!

:       0       0

Kumara Friday, 05 July 2019 10:08 AM

දැන් එකතුවෙලා ගෙදර යන්න ලෑස්ති වෙන්න.

:       0       3

BamunuarachchiFriday, 05 July 2019 11:23 PM

කාටද කිව්වේ පොහොට්ටුවටද? හිනා ගියා කතාවට. ලංකාවේද ඉන්නේ?

:       1       0

සිරි Friday, 05 July 2019 02:31 PM

ශ්‍රී ලංකා නිදහස් පොහොට්ටුව කිව්වනම් වඩා හොඳයි.

:       0       31

Chanak los angeles Saturday, 06 July 2019 09:02 PM

ඔවුන්ගේ ප්‍රශ්නවත් ඔවුන්ට විසඳගන්න බැරිව රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද අප්පා? අහෝ දෙවියනි, මේවා තේරුම් ගැන නිසි පාලකයන් පත්කර යැවීමට ජනතාවට බුද්ධිය පාදාදෙන සේක්වා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වේ
2024 නොවැම්බර් මස 26 39 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


කෝටි 150ක කුඩු වටරැකින් මාට්ටු
2024 නොවැම්බර් මස 26 65 0

පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ


උසස් පෙළට කාලගුණය හරස් වෙයි
2024 නොවැම්බර් මස 26 231 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම


ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක ධූරයට මෛත්‍රී මුර්ති හිමි පත් වෙති
2024 නොවැම්බර් මස 26 1 0

කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නාහිමියෝ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයට තේරි පත්වූහ.


’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 431 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 293 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 548 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2094 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site