IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පොහොට්ටුවට අපේක්ෂකයෙක් නෑ

(අංජුල මහික වීරරත්න)

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බලකර කියා සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තම පක්ෂය මෙතෙක් තීරණය කර නැති අතර  ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා සුදුසු පුද්ගලයකු ද තම පක්ෂය සතුව නැතැයි අමාත්‍යවරයා කීය.

ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපතිවරයා ඉදිරිපත් වුවහොත් කළගුණ දන්නා පුද්ගලයකු ලෙස තමන් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

ගම්පහ උඩුගම්පොළ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් අමතමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (13)

පොහොට්ටුවට අපේක්ෂකයෙක් නෑ

පුරවැසියා Sunday, 14 July 2024 08:34 AM

පොහොට්ටුවකුත් නැහැ නේද මහත්තයා?

:       2       16

Gamunu Sunday, 14 July 2024 08:51 AM

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා සුදුසු පුද්ගලයකු ද තම පක්ෂය සතුව නැතැයි අමාත්‍යවරයා කීය. ඔන්න දැන් පොහොට්ටුව වැටිලා තියෙන තැන එතුමාම පිළිගන්නවා.

:       0       16

Perera Sunday, 14 July 2024 09:15 AM

ඉතින් අපට පාන්ද?

:       1       14

Nelum Sunday, 14 July 2024 09:18 AM

ප්‍රසන්න රණතුංග කිව්වත් නොකිව්වත් රනිල් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කියලා ඉවරයි. පොහොට්ටුව රාජපක්ෂ බුදලේ කොටසක් නෙවෙයි නම් කීයටවත් රණතුංග බූදල් කොටසක් වෙන්නෙත් නෑ එයා තනි තීරණ දෙන්න. ප්‍රසන්න රණතුංග බලන් ඉන්නේ රනිල්ට පොහොට්ටුවෙ ඡන්ද අරන් දීලා ඊළඟට එයාට අගමැතිකම ඉල්ලන්න වෙන්න ඇති. කළගුණ සලකන එකෙක් තමන්ට ඉදිරියට එන්න අත දීපු පොහොට්ටුව ඔහොම දෙකට කඩන වැඩ කරන්නේ නෑ.

:       1       15

sene Sunday, 14 July 2024 09:27 AM

කලගුණ, නැතිව නැත්නම් කූඩුවේනේ...

:       1       16

sunithya Sunday, 14 July 2024 10:20 AM

ඔබ දන්නවාද ඔබ විසින් දක්කනු ලබන්නේ මිලියන ගණනක වෛද්‍ය, ඉංජිනේරු ආදී බුද්ධිමත් වෘත්තිකයින් බව. දක්ෂ ව්‍යපාරිකයින් බව. වැවිලි කරුවන්, බැංකු කරුවන්, අභියෝග බාරගත් විදේශගත ශ්‍රමිකයින් බව...? ළඟදී පිට වුණු උසස්පෙළ විභාගය ජයගත් අවුරුදු 20ක බුද්ධිමත් සිසුන් බව? බවුන් වඩන ධර්මධර බුද්ධිමත් භික්ෂූන් බව?. රට සුරකින ත්‍රිවිධ හමුදාව බව? ඔබ දන්නවාද ඔබ සුදුසු නැති බව? සුදුස්සන්ට ඉදිරියට ඒමට ඔබ බාධාවක් බව?

:       1       16

fairoos Sunday, 14 July 2024 11:16 AM

අනේ කොච්චර හොඳද නේද? බුරුත පිටින්ම ගෙදර යවන්ඩ පුළුවන්

:       1       2

ජයනාත් Sunday, 14 July 2024 11:49 AM

ඔව් ..අපි දන්නවා .. පොහොට්ටුව පරවෙමින් යනවා කියලා .. දැන් ඕකෙ එල්ලිලා ඉන්න එකෙක් නැහැ.

:       0       16

Rata Perata Sunday, 14 July 2024 12:39 PM

පොහොට්ටුවට අපේක්ෂකයෙක් නෑ. ඒ වගේම ඡන්දත් නෑ. UNP එකට අවුරුදු 40ක් තිස්සේ ඉන්න ඡන්දෙන් පැරදුණු මළාට නායකකම දාලා යන්නේ නැති කෙනෙක් ඉන්නවා. ඒත් මිනිහාට ඡන්ද නෑ. අනිත් එක මේ වගේ කප්පම් කාරයින්ට, කුඩු කාරයින්ට ආයෙත් ඡන්දයකින් දිනන්න ලැබෙන්නේ නෑ... දැන් මිනිස්සු දැනුවත්...

:       2       19

ගමේ එකාලා Sunday, 14 July 2024 01:04 PM

පොහොට්ටුවේ ඉන්නේ පට්ට හොර දූෂිතයින්, තමුන් ගේ මහ එකා ඉඳලා පවුලේ ඔක්කොම දේශපාලනෙන් හොරාකාලාම බඩවඩා ගත්තු අය...!

:       1       24

Pinjana Sunday, 14 July 2024 02:44 PM

කොහොමත් පොහොට්ටුවට, අලියට විතරක් නෙවෙයි කප්පන් ප්‍රසන්නයාටත් යන එන මං නෑ. හැමෝම ඉන්න ඕනෑ වැලිකඩ...

:       1       18

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 14 July 2024 03:52 PM

ඇයි බං අර ලංකාවෙන්ම පළවෙනියාට නීති විභාගය සමත් වෙච්චි කෙනා ඉන්නේ අර අර බෙල්ල වටේ රතු රෙද්දක් ඔතාගෙන ඉන්න කෙනා. අර මගුල් කාලා ලයිට් බිල නොගවපු කෙනා. එයා හොඳ මදිද?

:       0       16

Gampa Sunday, 14 July 2024 08:46 PM

පොහොට්ටුවක් කියලා කියාගන්න ප්‍රසන්න රණතුංග වුණත් එහෙනම් ජනපති වෙන්නවත් අගමැති වෙන්නවත් සුදුසු නෑ. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කිව්වලු. බොහොම ස්තූතියි. ඔබ සහයෝගය දෙන කෙනෙක්ට එහෙනම් අපි ඡන්දයක් දෙන්නෙත් නෑ.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 7212 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4241 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 5516 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4042 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 968 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1734 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36375 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24174 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 523 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 226 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site