IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පොහොට්ටුවෙන් අද ගත් තීරණය

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පත්කෙරෙන හෝ එම පෙරමුණ සහය දෙන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම මහින්ද චින්තනය සමඟ එකඟ වී ඒ ප්‍රතිපත්ති උඩ ගමන් කරන අයකු විය යුතු බවට එම පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාවේදී අද (24) තීරණය කර ඇත.

එසේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා  රට බෙදන චින්තනයේ සිටින  අපේක්ෂකයකු නොවිය යුතු බවටද රැස්වූ  සියල්ලෝ ඒකමතික තීරණයකට පැමිණියහ.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මහින්ද චින්තනය සමඟ එකට ගමන් කිරීමට එකඟ වන පුද්ගලයකු විය යුතු බවට  රැස්වූ බොහෝ දෙනාගේ අදහසවූ බවයි.

එසේම විධායක රැස්වීමේදී ගත් තීරණ අනුමත කිරීමද මෙහිදී සිදුවූ බව සඳහන් කළ කාරියවසම් මහතා අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් නොගැනුණු බවද  සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණේ  කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදීය.

පක්ෂයේ  ජේෂ්ඨයෝ සහ මැති ඇමතිවරු රැසක් මෙම රැස්වීමට සහභාගි වූහ.



අදහස් (25)

පොහොට්ටුවෙන් අද ගත් තීරණය

Surain Monday, 24 June 2024 08:13 PM

රනිල් ලස්සනට ඉල්ලන් කනවා නේද? ඔහොම යන ක්‍රමය තව එනවා පසු පස

:       2       8

Dharmatileke Monday, 24 June 2024 08:22 PM

බංකොලොත් චින්තයේ පොහොට්ටුවක් දකින්නේ ආසාවනේ ජවනිකාව ඇත. පුටුව බුලත්කොලේ අද කෝ?

:       2       10

Achini Monday, 24 June 2024 08:32 PM

එහෙනම් ඉදිරියටත් හොරකම් කරන්න පුළුවන් මහින්ද චින්තනයෙන් නේ ගොඩක් කොමිස් හොරකන් වෙලා තියෙන්නේ අනිත් එක අධිකරණයෙන් වුණත් මහින්ද සහ සඟයෝ හොරුන් කියලා තීන්දුවක් දිලා ඉවරයි නේ

:       0       14

Chamil Perera Monday, 24 June 2024 08:44 PM

රට කොටින්ට දෙන්න ඩොලර්වලට කෑගහපු පඩංගු ගෑණියෙක්ගෙ පැටියා..

:       10       28

අරවින්ද මොනරවිල Monday, 24 June 2024 08:48 PM

මහින්ද චින්තන කියලා කියන්නේ, ජාතිවාදය, ආගම්වාදය යොදාගෙන බලයට ඒම සහ බලයේ රැදී සිටීමට උත්සාහ කිරීම නම්, බලය රැක ගැනීම සදහා ජාතිවාදය හා ආගම්වාදය පෝෂණය කිරිම නම්, ඒ වගේම ජාතිවාදන්ට හා ආගම්වාදින්ය කප්පං දිලා බලය රැක ගන්න උත්සාහ කිරීම නම් සහ දෙන හැම කොන්ත්‍රාත් එකකින්ම අඩුම තරමේ සීයට දහයක්වත් කොමිස් ගැසීම, රටේ සංවර්ධනය නාමයෙන් කොමිස් ගහන්න පුළුවන් ව්‍යාපෘති ආරම්භය කිරීම, තමන්ගේ හෙංචයියන්ට බාර් ලයින්ස් හා පිරවුම් හල් බලපත්‍ර දීම රටේ කුඩු අපනයනය හා බෙදාහැරීමේ තමන්ගේ ගෝලයන් ලවා රට පූරා ව්‍යාප්ත කිරීම ස්ත්‍රී දූෂකයන් මිනිමරුවන් කුඩු මුදලාලිලා හා පාතාල නායකයන් මහජන නියෝජිතයන් ලෙස පත්කර ගනිමින් රටම පාතායක් කිරීමට උත්සහ කිරිම නම්, එහෙව් අමන දුර්ජන ප්‍රතිපත්ති අනුගමනය කරන එවුන් රටට එපා.

:       0       1

C.K.Lankaputhra Monday, 24 June 2024 09:06 PM

රට බංකොලොත් කරපු බවට අධිකරනය විසින් තීන්දු කරපු සහ රටම බංකොලොත් කරපු නඩේ සනුහරය එකතු වෙලා චින්තනයක් ගැන කතා කරනවා. සුන් තවමත් හිතන්නේ මහජනයා ගොනාට අන්දන්න පුලුවන් කියල වෙන්න ඇති. මේ සැරේ නං ඒවා බොරු. හො⁣දේ.

:       0       1

බණ්ඩා Monday, 24 June 2024 09:41 PM

මහින් ද චින්තනය මේ රටට සහ කරපු හරිය කාටවත් තවම අමතක වී නැත​.එමෙන්ම ජනතාව දුන් පිළිතුර රාජපක්‍ෂලාට අමතක වී ඇතැයිද සිතිය නොහැකිය​. ජනතාව තවමත් බලාගෙන, ඉවසාගෙන සිටන්නේ අපේ බෞද්ධ සංස්කෘතික පසුබිම නිසා මිස, රාජපක්‍ෂ ලාට ඇති ආදරයක් නිසා නොවේ. මහින් ද චින්තනය ලිව්ව උන් ද අද ඉන්නේ රනිල් සමග මිස රාජපක්‍ෂ සනුහරය සමග නොවේ. රනිල් ඔය පසුගාමී, කසිකබල් චින්තන සමග එකඟ නොවන අතර රනිල්ට චින්තන අහේනියක් ඇතැයිද සිතිය නොහැකිය. පුළුවන් නම් තම අපේක්‍ෂකයෙක් හෝ තමන් ම හෝ ජනාධිපතිවරනය ට ඉදිරිපත් කර බලන ලෙස අප ඔවුන් ට අභියෝග කරමු.

:       0       1

Don perea Monday, 24 June 2024 09:50 PM

එකම සුදුසුකම හොරා කැම පමණය

:       0       1

PGPThilak Monday, 24 June 2024 10:05 PM

රට බංකොලොත් කොරවපු මහින්දගෙ චින්තනේ ගැන තතමන්න තවමත් ලැජ්ජාවක් නැති හැටි

:       0       0

nanda Monday, 24 June 2024 10:11 PM

ඕක තිරණයක්ද? නිකන් කල් මර මර ඉන්නවා වැඩි කල් නොගොස් රනිල් පොහොට්ටුවෙි ඉවරම කරනවා

:       0       0

weera Monday, 24 June 2024 11:28 PM

පට්ට හොරු ටික

:       0       0

විජිත් Monday, 24 June 2024 11:41 PM

මහින්ද චින්තනය කියන්නේ...රට හොරා කෑම ..කොමිස් ගැසීම...ඥාතිසංග්‍රහය ...මිනි මැරීම ...මාධ්‍ය කාරයන්ව අතුරුදහන් කිරීම- මැරීම ...කුඩු ගෙනෙන දේශකාපාලුවන්ව නිදහස් කිරීම...වගේ එදිනෙදා සිදුවුණ දේවල්. නාකි මයිනගෙන් පස්සේ මේ චින්තනය තියෙන්නේ බටලන්දේ නාකි රනිල්ගාවයි. ඔය මොන චින්තනය ආවත් රටේ අති බහුතරයක් ජනතාව මාලිමාව සමගයි. ජාතික ජනබලවේගයට ජයවේවා !!!

:       0       0

Perera Tuesday, 25 June 2024 12:11 AM

හොරා කන චින්තනය සමග ඉතින් රනිල් එකගයි නේ

:       0       0

sara Tuesday, 25 June 2024 01:04 AM

මේ පාර පොහොට්ටුවට ඇපත් නැ ඔබලාගේ දේශපාලනය දැන් ඉවරයි

:       0       0

Upali Tuesday, 25 June 2024 06:13 AM

2019 වනවිට රට පත්වූ තත්වය ඇතිවුණේ මහින්ද චින්තනය නැත්නම් මහින්ද හීනය නිසා කියලා කියන්න අවශ්‍ය නැහැනේ ඔක්කොමලා දන්න එම තත්වය නැවතත් ඉදිරියට ගෙන යාමට තමයි පොහොට්ටුවේ එකම අරමුණ වෙලා තියෙන්නේ එහෙම නම් නැවතත් පොහොට්ටුව ජයග්‍රහණය කරන්න කටයුතු කරනවාද කියලා තීරණය කලොත් හොදයි

:       0       5

Lalla Tuesday, 25 June 2024 07:44 AM

ඔය කියන චින්තනය රටට කරපු හරිය මදිද? කල් ඉකුත්ව ගිය ආහාර කන්න හරි මොලයක් කල්පනාවක් ඇති අයෙක් කැමති නැත. ඒත් ලේබලය කියවගන්න දැනීම නැති එකාලට ඒක හොඳ ලාභ ආහාරයක් වෙන්න පුළුවන්...

:       0       4

fairoos Tuesday, 25 June 2024 11:30 AM

එහෙනම් ඉතින් ආපහු රාජපක්ෂ කෙනෙක්ම තමයි ඉල්ලන්ඩ වෙන්නේ. නැත්නම් ඔය බංකොලොත් චින්තනයේ කාටඩ හොඳ

:       2       11

Millawa Herath mudiyanselage Tuesday, 25 June 2024 11:41 AM

යුද්ධය දිනපු නායකයෙක්

:       14       4

ගමේ එකාලා Tuesday, 25 June 2024 01:47 PM

මහින්දයාගේ චින්තනය තමා බොරුව,රැවටිලි ,කපටි කයිරාටිකකම් ,බල තණ්හාව ,හොරකම වංචා දූෂණ නාස්තිය ,තාරුණ්‍යයට හෙටක් ,ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලා පවුලේ උන්ව කිට්ටු කරගෙන රටම විනාශ කරපු එක.

:       0       7

Soma dubayi Tuesday, 25 June 2024 02:53 PM

මම නම් ඡන්දේ දෙන්නේ මහින්ද චින්තනය පිලි ගන්නා නායකයකුට විතරයි

:       3       3

Fernando Tuesday, 25 June 2024 04:41 PM

ඇයි උඹටත් ජරාපස්සලා හොරකම් කල දෙයින් කොටසක් අරගෙන ඩුබායි රටට එන්න පුළුවන් වුනේ මහින්ද චින්තනය නිසා කියලා හිතෙනවාද

:       0       1

Kamal Koyrala Tuesday, 25 June 2024 02:58 PM

බයිල වෙඩක් නෙහ පොහොටුවේ අපෙක්ශ්කයෙක්ඉදිරිපත් කරන්න ඉවරණේ කතාව

:       0       0

achini Tuesday, 25 June 2024 05:59 PM

මේපසැපය කවදා ඉවර වෙයිද?

:       0       0

Pfdo Wednesday, 26 June 2024 04:23 AM

දෙවන මනාපය රනිල් ට දී පක්ෂය බේර ගන්න. රනිල් රට බේරා ගනිවි

:       0       0

Fdo Wednesday, 26 June 2024 04:29 AM

2 මනාපය රනිල්ට දිලා පක්ෂය හා රට බේරා ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 484 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 230 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3192 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1133 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 593 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1963 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37769 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24904 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 225 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site