IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පුහුණුවට ගිය දොස්තරලා 215ක් බින්න බැහැලා

(සුජිත් හේවාජුලිගේ )

විවිධ පුහුණුවීම් වෙනුවෙන් විදේශගතවූ  විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්  215 දෙනකු  මෙරට සේවයට  නැවත   පැමිණ  නැතැයි  සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙසේ සේවය අතහැර යෑම  හේතුවෙන් ( ගිවිසුම කඩ කිරීම නිසා ) රුපියල් කෝටි 20 කට ( මිලියන 200)  වැඩි පාඩුවක් රජයට  සිදුව ඇතැයි  සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු 169  දෙනෙක්  2022 වර්ෂයේද විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු  46 දෙනෙක්  මේ වසරේ මේ දක්වාද   පුහුණුවීම් සඳහා ගොස් මෙසේ සේවය අතහැර  ගොස්  සිටිති.

මේ පිරිස් නැවත ගෙන්වා ගැනීමට හෝ එම  මුදල්  අය  කර ගැනීමට  කටයුතු කර ගෙන යන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙරට වෛද්‍යවරයකු පුහුණු කිරීමට රුපියල් ලක්ෂ 6ක පමණ මුදලක්ද  විශේෂඥ වෛද්‍යවරයකු පුහුණු කිරීමට රුපියල් දෙකෝටියක පමණ මුදලක්ද වැය වන බව සෞඛ්‍ය අංශ පවසයි.

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලබා රජයේ  වියදමින් පුහුණුවට ගොස්  මෙසේ සේවය හැර යෑම විශාල ඛේදවාචකයක් බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පෙන්වාදෙති.



අදහස් (9)

පුහුණුවට ගිය දොස්තරලා 215ක් බින්න බැහැලා

Sunil Saturday, 20 May 2023 11:57 AM

කුමන හේතුවකට ගියත්, මේ කාලකණ්ණි රටට නැවත එන්න නම් හිතන්නවත් එපා..

:       31       24

Sunil2Saturday, 20 May 2023 10:59 PM

ඔබතුමා නිවැරැදියි. හැකි හැමෝම රට දාලා යන්න... නොහැකි හැමෝම රට දාලා යන්න උත්සාහ කරන්න.

:       1       0

කසුන් Saturday, 20 May 2023 01:09 PM

ආමි එකෙන් දාලා එයාලගේ වැඩ කවර් කරගන්න බැරිද සර්? ඔය එස්.බී එහෙම වෘත්තීයවේදීන්ට තග දාන්නේ ඔය විදිහට කියලා තමයි.

:       6       18

Sarath Saturday, 20 May 2023 01:34 PM

Sunil නමින් කමෙන්ට් කරලා තියෙන කෙනා නම් සාපයක්..

:       13       22

Ratavasiya Saturday, 20 May 2023 02:04 PM

බින්න බහිනවා කියන එකේ තේරුම කවුරු හරි කියලා දෙන්නකෝ...!

:       3       7

Upul Saturday, 20 May 2023 03:48 PM

මේ අය විවිධ හේතු මත ගියත් ඒ අය රටට ණයයි. ඒ ණය කැමැත්තෙන් ගෙවන්නේ නැත්නම් නීති මාර්ගයෙන් අයකර ගත යුතුයි. මොකද ඒ අයට වියදම් කරලා තියෙන්නේ රටේ දුප්පත් ජනතාවගේත් දායකත්වයෙන්. ඒ වියදම් දොස්තරලාට ඕනේ විදිහට පුද්ගලික වාසියට නාස්ති වෙන්න දෙන්න බැහැ...

:       6       10

Ajith Deshappriya Sunday, 21 May 2023 05:55 AM

ඊට වඩා මේ රටේ සම්පත් හොරා කාපු දේශපාලකයන්ගෙන් මේවා ගන්න වැඩ පිළිවෙළක් මුන්ට හදන්න බැරි ද.. එතකොට මේ හැමදේ ම හරි යයි. මොකුත් නොදන්න බබාලා වගේ comment දන්න එපා.

:       1       0

swene Saturday, 20 May 2023 04:11 PM

නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබා රටට සේවය කිරීම අමතක කළා පමණක් නොව, විදේශයක හෝ සිට තමන්ගේ මුදලින් අධ්‍යාපනය ලබා මෙරටට සේවය කිරීමට කැමැති ශ්‍රී ලාංකිකයින්ටත් මොවුන් ක්‍රෝධයෙන් සලකන්නේ... අමාත්‍යාංශයේ සියලුම දේවල් දේශීය අධ්‍යාපනය ලැබූ අයට දීලයි අනෙක් අය ගැන සලකන්නේ...!

:       3       13

Vidusha CostaSaturday, 20 May 2023 07:40 PM

ඒක නම් ඇත්ත. මගේ බිරිඳ යුරෝපයේ වෛද්‍යවරයෙක් සඳහා හිමිවන බලපත්‍රය තියෙද්දී, එංගලන්තය ඇතුළු යුරෝපයේ ඕනෑම රටක වැඩකරන්න පුළුවන් වෙද්දී, IMAT exam එකෙන් ලෝකෙන්ම පළමු 30ට ඇවිත්, ලෝකයේ පැරණිම පළමු 300 අතර තියන විශ්ව විද්‍යාලයක MD එකක් අරං ලංකාවට ඇවිත් සේවය කරන්න අහද්දී, ලංකාවේ medical council එකේ list එකට campus එක නෑ කිව්වා. එහෙම තමයි ලංකාවේ අය...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 299 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 46 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 835 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 252 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 285 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 154 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1809 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site