(උපාලි ආනන්ද)
උතුරු මැද පළාතේ පාසල් දරුවන්ගේ සාරධර්ම ප්‍රවර්ධනය කිරීම සඳහා පහන් තක්ෂිලාව වැඩමුළු පැවැත් වූ බව පවසමින් වංචා කර ඇති රුපියල් 315,000 ක මුදල 2019 වසරේ මාර්තු මස 31 වන දිනට පෙර රජයට ගෙවන ලෙස උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි අනුරුද්ධ ජයලත් මහතා උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හිටපු බුද්ධ ධර්ම හා සාර්ධර්ම විෂය සහකාර අධ්‍යක්ෂ පී. එස්. රාජාසිංහ මහතාට ලිඛිතව දැනුම්දී ඇත.
උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් හිටපු සහකාර අධ්‍යක්ෂවරයාට යවා ඇති එම ලිපියේ මෙසේද සඳහන් වේ.
උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බුද්ධධර්ම හා සාරධර්ම විෂය සහකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ඔබගෙන් රජයට අයවිය යුතු රුපියල් තුන් ලක්ෂ පහළොස් දහසක මුදල රුපියල් දෙදහස බැගින් වූ මාසික වාරික වශයෙන් නොව වාරික තුනකින් අයකර ගැනීමට කටයුතු කරන ලෙස උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් මා වෙත දන්වා එවා ඇත.
අදාළ මුදල ගෙවීම පැහැර හැරියහොත් ඔබට විරුද්ධව දැඩි විනය ක්‍රියා මාර්ග ගැනීමට සිදු වන බවද දන්වා සිටිමි. එබැවින් රජයට අය විය යුතු රුපියල් 315000 ක මුදල 2019 වසරේ මාර්තු මස 31 වන දිනට පෙර වාරික තුනකින් ගෙවා නිම කරන ලෙස මෙයින් දන්වා සිටිමි.
මෙම ලිපියේ පිටපත් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් එච් එම් පී බංඩාර සහ පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් එච් එම් තිලක බණ්ඩාර යන මහත්වරුන්දටද යොමු කර ඇත
මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් උතුරු මැද පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුව මගින් සිදු කළ විගණන විමර්ශනයක නිර්දේශ අනුව රාජසිංහ යන අයට මෙම දැනුම්දීම කර තිබේ.
2015 වසරේ සිට මෙම වැඩමුළු පවත්වා සිදු කර ඇති බව කියන මෙම මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් එච්. එම්. පී. බණ්ඩාර මහතාගේ නියමයෙන් අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සහ පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් එච්. එම්. තිලක බණ්ඩාර මහතාගෙන් නියමයෙන් පළාත් සහකාර සමූපකාර කොමසාරිවරිය විසින් තවත් විමර්ශන දෙකක්ද මේ වන විට සිදු වෙමින් පවතී. ඒ පිළිබඳව උතුරු මැද පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුව සිදු කර ඇති විගණන විමර්ශෙනයට අමතරවය.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
පහන් තක්ෂිලාවේ සල්ලි වංචාව: සහකාර අධ්‍යක්ෂකට අතින් ගෙවන්න වෙයි