IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘‘පොහොර,කෘෂි රසායන සාධාරණ මිලකට දෙනවා‘‘

(නිමල කොඩිතුවක්කු සහ ලංකාපුර හෙන්රි ලයනල්)

පොහොර මිටිය රුපියල් 5000ට, කෘෂි රසායන සාධාරණ මිලකට, වී සඳහා සහතික මිලක් දෙන, ගොවි ණය කපා හරින යුගයක් වෙනුවෙන් සමගි ජන බලවේගය හා එක්වන්නැයි සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොලොන්නරුවේදී පැවසීය.

ගොවියාටත් පාරිභෝගිකයාටත් අසාධාරණයක් සිදු කරන වංචාවන්ට ඉඩ නොදී පාරිභෝගිකයාට සාධාරණ මිලක් මෙන්ම ගොවි නිෂ්පාදනයට සාධාරණ සහතික මිලක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ දාහතර වැනි විජයග්‍රාහී ජන රැළිය පොළොන්නරුව හිගුරක්ගොඩ නගරයේ දී අමතමින් සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

ගොවියාවට අවශ්‍ය වන ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර කි.ග්‍රෑම් 50 මිටිය රුපියල් 5000කට ලබා දෙන්න කටයුතු කරන බවත් කෘෂිරසායන තෙල් පොහොර මිල නියාමනයකට ලක් කර කළුකඩ වෙළෙදුන්ගෙන් මිල වැඩි වීමේ ක්‍රමවේදය මුදා ගෙන දරාගත හැකි මිලකට කෘෂි රසායන ලබා දෙන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

පොහොර බෙදා දීමේ දී ගොවිජන සේවා මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගෙන විනිවිදභාවයෙන් යුක්තව එම වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කිව් ආර් කේත කේන්ද්‍ර කර ගෙන ගොවියාට, ධිවරයාට, ත්‍රීරෝදරථ රියදුරන්ට, පාසල් ප්‍රවාහන සේවාවලට සහ වී මෝල් හිමියන්ට ඉන්දන සහනාධාරයක් දෙන බවත් ඔහු කීවේය.

පාස්කු ප්‍රහාරය, කොරෝනා ව්‍යසනය, කාබනික පොහොර වංචාව, නැනෝ පොහොර වංචාව නිසා ගොවි ජනතාව විපතට පත්ව ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

තමන්ගේ සීමාසහිත මුදල් උපයෝගී කර ගෙන කණකර උකස් කර ගොවිතැනේ නියැලෙන ජනතාවට පසුගිය කාලයේ පහර පිට පහර එල්ල වෙමින් අසීමිත පීඩනයක් පැටවූ බවත් මේ පීඩනයෙන් අසහනයට ලක්ව වේල් 3 දෙන්න බැරි වූ ජනතාව වෙනුවෙන් වගා ණය කපා හරින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇප නැතිව රාජ්‍ය බැංකුවලින් කෝටි ප්‍රකෝටි ගණන් ණය ලබා ගත් සමහර ධනවතුන් බලයේ සිටින අය සමඟ ගජමිතුරු සම්බන්ධතා ඇති නිසා එම ණය කපා හැරියත් ගොවියාගේ ණය කපා හරින්න රජයට නොහැකි වී ඇති බවත් ඔහු කීවේය.

සමගි ජන බලවේග රජයක් තුළ රටට බත සපයන ගොවි ජනතාවට කෘතගුණ සලකමින් ණය කපා හරින බවත් ගොවියා රකින පොඩි මිනිසාගේ ජනාධිපතිවරයා ලෙස එම යුතුකම් ඉටු කරමින් රටට බත සපයන ගොවියා වෙනුවෙන් කැපවෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවීන්ට දිස්ත්‍රික්ක ගණනාවක මායිම්ගල් දමා දශක ගණනාවක් වගා කටයුතු කළ පාරම්පරික ගොවිබිම් අහිමි වූ බවත් අහිමි වූ ඉඩම් නැවත ලබා දෙන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. රටේ පරිසර සම්පත වනජීවී සම්පත වෙනුවෙන් ඉහළ ප්‍රමුඛස්ථානයක් ලබා දෙන බවත් ගොවිබිම් ආරක්ෂා කරමින් වගාහානියට වගා පාලුවට විධිමත් රක්ෂණ ක්‍රමයක් ඇති කර වනඅලි මිනිස් ගැටුම අවම කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ මේ වන විට ඉන්නේ වැඩබැරි නායකයෝ සහ කයිය නායකයෝ වුවත් සමගි ජන බලවේගය 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ සක්වල හා හුස්ම වැඩසටහන් හරහා රුපියල් බිලියනයක වැඩ කර නව ජන වරමක් වෙනුවෙන් පැමිණ ඇති බවත් ඔහු සඳහන් කළේය. කයිය නායකයෝ රට වටේ කයිය ගසමින් ගියත් තමා වැඩ කරමින් යන බවත් රටේ ප්‍රශ්න කයිවාරුවෙන් සෝබනවලින් විසදිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී තවදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, ආචාර්ය හර්ෂ ද සිල්වා, නලීන් බණ්ඩාර, රෝහිනි කවිරත්න, දයාසිරි ජයසේකර, කිංස්ලි නෙල්සන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (7)

‘‘පොහොර,කෘෂි රසායන සාධාරණ මිලකට දෙනවා‘‘

Gas Cylinder Monday, 26 August 2024 03:38 PM

යූඑන්පී එකට දැන් හැමෝම එකතු වෙනවා.

:       15       53

SARATH Monday, 26 August 2024 03:50 PM

පුතාණෝ හැමදාම දුන්නේ ගැලරි ටෝක්නේ. ඔයා මෙදා පාර පරාදයි අප්පුහාමි...

:       30       14

බණ්ඩා Monday, 26 August 2024 05:53 PM

අරක දෙනවා, මේක දෙනවා කියකියා බොරු කියකියා රට වටේ යනවා. ඔය කියන විදිහට දෙන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද? පට්ට බොරුනේ මේ කියන්නේ. නිධන් හාරලාවත් දෙන්න පුළුවන්ද මන්දා..!

:       0       0

chandima Tuesday, 27 August 2024 06:22 AM

දෙන්නම් කාසිවලට රැවටෙන්න බැහැ. එව්වා විශ්වාස කරන්න තරම් පැටිකිරිය හොඳ නෑ. දෙනවා නම් දැන්මම බෙදන්න ඡන්දයට කළින් එතකොට හිතලා බලලා ඡන්දෙ දෙන්නම්...

:       0       0

Chandima Tuesday, 27 August 2024 06:30 AM

පෝර විතරද දෙන්නේ. හිටවන්න ඇට දෙන්න බැරිද?

:       1       1

Dayan Tuesday, 27 August 2024 06:56 AM

සජිත් නත්තල් සීයා වෙනවා. පියානෝගේ සල්ලි මෙන්න?

:       1       2

ddd Tuesday, 27 August 2024 07:29 PM

ගැලරි ටෝක් ,මේවට අහුවෙන්න එපා . මේ ඔක්කොම එකයි ,වෙනසක් කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 0 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 85 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 163 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 426 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 484 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3475 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23090 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22908 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site