(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
යල් කන්නයේ පොහොර ලබාදෙන බවට ලදුපත් නිකුත් කර මාස දෙකක් ගතවී ඇතත් පොහොර ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ගොවීහු අද (29) පනාමුර ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වුහ.
විරෝධතාවේ නිරත ගොවීන් කිහිපදෙනෙක් පසුව එහි වහලයට නැග ද විරෝධතාවේ යෙදුණි.
අලූත්වැව, තෝරකොළයායල මඩපළාත යන ප‍්‍රදේශවල ගොවීන් හැටක් පමණ විරෝධතාවට එක්ව සිටියහ.
ඔවුන් ගොවි සංවිධාන කිහිපයක සාමාජික සාමාජිකාවෝ වූහ. මැයි මාසයේ පෝර ලබාදෙන බව පවසමින් අප්‍රේල් 30 වන දින පොහොර ලබාගැනීමට රිසිට් පත් ද ගොවීන් වෙත නිකුත් කළ බව විරෝධතාවට එක්ව සිටි පිරිස කීහ.
එහෙත් සංචරණ සීමා ඇතැයි පවසමින් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පනාමුර ගොවිජන සේවා කාර්යාලයේ සංවර්ධන නිලධාරිනිය එහි නොපැමිණි බවට ද ඔවුන් චෝදනා කළේය.
තමන්ට පොහොර නැතත් තම ගමේම පිරිසක් වැඩි මිලට ගොවිජන සේවා මධ්‍යස්ථානය හරහා පොහොර ලබාගත් බව ද කී අසල්වැසියන් පාවාදිය නොහැකි නිසා එසේ වැඩිමිලට පොහොරගත් අය හෙළි කළ නොහැකි බව ද විරෝධතාවට එක්ව සිටි පිරිස් කීහ.
තමන්ගේ ගොයම් දැන් මාසයකට අධික වයසක් ඇති බවත් අත්‍යවශ්‍ය වෙලාවේ දෙනවා යැයි කී පොහොර ටිකත් නොදෙන්නේ ඇයිදැයි විරෝධතාකරුවෝ ප‍්‍රශ්න කළහ. විරෝධතාව පැවති ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීයෙක් දුරකතන මාර්ගයෙන් පනාමුර ගොවිජන සංවර්ධන නිලධාරිනියට ඇමතුමක් ගෙන උද්ගතව ඇති තත්ත්වය පැහැදිලි කලේය.
තිඹොල්කැටිය ගබඩාවේ පොහොර ඇති බවත් එතැනින් හෝ තමන්ට පොහොර ගෙනවිත් බෙදා දෙන ලෙසත් විරෝධතාකරුවෝ ඇගෙන් ඉල්ලා සිටියහ. එහෙත් ඇගෙන් ඊට ප‍්‍රතිචාර නොලැබුණු බවද විරෝධතාකරුවෝ කීහ.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොහොර නැතැයි පනාමුරේ ගොවීහු පාරට බසිති
Keppetipola Tuesday, 29 June 2021 05:19 PM
මේ අයට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ.. රටේ ඔබට දෙන්න පොහොර හිඟයි. කාබනික පොහොර පාවිච්චි කරන්න.