IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


පැහැරගත් එළවළු ලොරියට වෙඩි තබා අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)

ලොරියක් කොල්ල කා පලායමින් සිටි පුද්ගලයකු කඩුවෙල නගරයේදී පසුපස හඹා ගොස් ලොරියට වෙඩි තබා දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගැනීමට කඩුවෙල පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.

වත්තල ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලකට එලවලු රැගෙන පැමිණි අධිශීතකරන සවි කරන ලද ආවරණය කරන ලද ලොරි රථයේ රියදුරු සුපිරි වෙළඳසලට යාමට පෙර තේ පානය සඳහා අසල රාත්‍රී ආපනශාලාවක් ඉදිරිපිට නතර කර තිබියදී සැකකරු මෙම ලොරිය සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් පොලිස් පණිවිඩ හරහා ලද තොරතුරක් අනුව අවට පොලිසි මගින් මාර්ග බාධක දමා ලොරිය නතර කිරීමට උත්සාහ කළද සැකකරු ලොරිය නොනවත්වා ධාවනය කර ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව කඩුවෙල පොලිස්  ස්ථානාධිපති කාන් වීරසිංහ මහතා ප්‍රමුඛ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ විශේෂ යතුරුපැදි කණ්ඩායමක් ලොරියට වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේදී සැකකරු ලොරියෙන් බැස පලායමින් සිටියදී අත් අඩංගුවටගෙන ඇත.



අදහස් (3)

පැහැරගත් එළවළු ලොරියට වෙඩි තබා අල්ලයි

පම්පෝරි ජනක Saturday, 01 March 2025 08:50 AM

මොකක්ද මේ පැහැර ගැනීමේ තේරුම ? දැන් රට පුර ගොඩක් කලබල තියෙනව කියලා පෙන්නන්න රාජපක්ෂලාගේ නාට්‍ය කණ්ඩායම දියත් කරලා තියන මහා ප්‍රසංගයේ තවත් කොටසක් වගේ.

:       17       37

Bunny Preena Saturday, 01 March 2025 10:25 AM

නොසැලිකිලිමත් ලෙස කටයුතු කරන ඔය වගේ ලොරි රථ රියදුරන්ව එලවලා දාන්න තියෙන්නේ.

:       6       23

Rifan Saturday, 01 March 2025 09:14 PM

මේවා රටේ සිදුවන හුදෙකලා සිද්ධීන් විදියට හිතන්න හොඳ නැහැ. රජය මේ ගැන දැඩි අවදානයක් යොමුකළ යුතුයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’
2025 අප්‍රේල් මස 23 0 0

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 150 0

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 86 0

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි
2025 අප්‍රේල් මස 23 163 0

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.



ට්‍රම්ප්ගේ වැඩ නිසා වැඩියෙන්ම සතුටු වෙන්නේ විපක්ෂය
2025 අප්‍රේල් මස 23 318 1

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසාන


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 630 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 320 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 470 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site