(විමුක්ති එස් රුද්‍රිගු)
දකුණු ගාසා තීරයේ රෆා නගරයට එල්ල කරන හමුදා ප්‍රහාර වහාම නතර කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලයට නියෝග කළේය.
රෆා නගරයේ ඊජිප්තු දේශසීමා පිවිසුම් මාර්ගය විවෘත කර ජීවිතාරක්ෂක ආධාර ගාසා තීරයට ඇතුල්වීමට ඉඩ සලසා දෙන ලෙසද ජාත්‍යන්තර අධිකරණය නියෝග කළේය.
නමුත් ඊශ්‍රායලය මෙම නියෝගයට අවනත වනු ඇතැයි අපේක්ෂා නොකළත් මෙම නියෝගයෙන් ඊශ්‍රායලය ජාත්‍යන්තරයේ තවත් හුදෙකලා වනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන් යාහුගේ සමීපතමයන් ජාත්‍යන්තර අධිකරණය ලබාදුන් මෙම නියෝගය දැඩිව විවේචනයට ලක් කර ඇත.
නෙදන් යාහු රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශකයකු වන එයිලෝන් ලෙවී ප්‍රකාශ කර සිටියේ නියෝගය ප්‍රකාශයට පත් කළ පහළොස් දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නවාෆ් සලාම් ලෙබනන ජාතිකයෙකු බවත් වැරදි නියෝගයක් ලබා දුන්නේ නම් ඔහුට ආරක්ෂිතව නැවත ලෙබනනය බලා යෑමට අවස්ථාවක් නොලැබීමට ඉඩ තිබූ බවත්ය.
පලස්තීන ජනතාව ආරක්ෂා කර ගැනීමට ඊශ්‍රායල හමුදා රෆා නගරයට පහර දීම නැවැත්වීමට වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස දකුණු අප්‍රිකානු නීතිඥයන් ජාත්‍යන්තර අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බලමින් මෙම නියෝගය නිකුත් කෙරිණි.
මෙම වසර තුළ ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායල හමාස් යුද්ධය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කළ තෙවැනි අවස්ථාව මෙය වේ.
පහළොස් දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලේ විනිසුරුවන් දහතුන් දෙනකුගේ එකඟත්වයෙන් ජාත්‍යන්තර අධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.
ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප
ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර
අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.
දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා
මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි
කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘‘පහරදීම් නවතනු‘‘ ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්
Xxxxxxxx Sunday, 26 May 2024 05:52 AM
කවුද යුද්ධය මුලින්ම පටන්ගත්තේ කියලා සොයාගෙන නැහැ වගේ .පටන්ගත්තු එවුන්ට මුලින්ම සමාව ගන්න කිව්වා නම් නේද හොද
Ariyathilaka Sunday, 26 May 2024 10:45 AM
අතිශයින් ජනප්‍රිය වූ මුවන් පැලැස්ස නම් ගුවන්විදුලි නාට්‍යයට අප සවන් දී ඇත. රස විඳ ඇත. එහි කෝරළේ මහතාගේ (ආරච්චිල) හා පිනාගේ චරිත ඉතා රසවත් ය. යායේ කවරෙකුගෙන් හෝ පැමිණිල්ලක් කොර්ළේ මහතාට ලද හොත් කෝරළේ මහතා එය විභාග කිරීමට බහින්නේ, යුත්තිය සාධාරණය ඉටු කිරීමට, ඉටු වීමට වඩා තමන්ගේ කෝරළේ ගම්මුලෑදෑනි පට්ටමේ ගර්වය තම යායේ එවුන්ට පෙන්වීමටත් තම ගම්මුලෑදෑනි ඇඳුම් ආයිත්තම්වල පුරාජේරුකම සහිත පුහු මාන්නය යායට ගමට පෙන්වීමත් ය. පිනා විසින් ද කියන ඕපදූප විශේෂයෙන් කෝරළේ මහතා අසා සිටී. පිනා විසින් කරන පැමිණිල්ලට ද විශේෂ සැළකිලිමත් බවක් ඔහු දක්වයි. මුවන්පැලැස්සෙහි මෙන් කොර්ළේ මහතා සහ පිනා යන චරිත නූතන වශයෙන් ජාත්‍යන්තර කරලියට පැමිණ ඇති සෙයකි. පිනාගේ පැමිණිල්ලට කෝරළේ උන්නැහේළා විසින් තම ගර්වයට තත්වයට අපිත් ඉන්නවා කියන්න මොකවත් කළ යුතු ය. ඒ වුණත් මුවැන් පැලැස්සේ කෝරළේ මහතාගේ සහ පිනාගේ චරිත තරම් රසවත් නැත.
nimal Monday, 27 May 2024 08:36 PM
පාණ ඇපකරුවන් නිදහස් කිරීමට සහ ඊශ්රායලයට මිසයිල පුහාර එල්ල කිරීම නැවැත්වීමට අධිකරණය හමාස් සංවිධානයට නියෝග නොකිරීම සහ අධිකරණය එක් පාර්ශවයකට යුද්ධය නවත්වන ලෙස නියෝග කිරීම සාධාරණ නොවේ.