IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පොහොසත් අපෙක්ෂකයා දිලිත් දුප්පත් අපෙක්ෂකයා රනිල්

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් වැඩිම මාසික අදායමක් ලබන අපේක්ෂකයා දිලිත් ජයවීර බවත් අඩුම මාසික අදායමක් ලබන අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවත් ශ්‍රී ලංකා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභා වෙබ් අඩවිය පසුගියදා ප්‍රසිද්ධියට පත්කළ අපේක්ෂකයන්ගේ වත්කම් ප්‍රකාශනයෙන් අනාවරණය විය.

මෙවර ජනාධිපතිවරණයට මව්බිම ජනතා පක්ෂයෙන් ඉදිරිපත් වන ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගේ මාසික ආදායම රුපියල් 16,500,000 ක් බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභා වෙබ් අඩවිය ප්‍රසිද්ධියට පත්කළ තොරතුරුවලින් හෙළිවිය. දිලිත් ජයවීර මහතා මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන අතර ඔහුට අයත් ව්‍යාපාර අතර මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක්ද වේ.

දෙවැනි ස්ථානයට වැඩිම මාසික ආදායමක් ලබන්නේ ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා බවත් ඔහු මාසික ආදායම රුපියල් 1,345,000 බවද එහි සඳහන් විය. විජේදාස රාජපක්ෂ මහතා පූර්ණකාලීන දේශපාලනඥයකු වන අතර ඔහු ව්‍යාපාර ක්‍රියාකාරකම්වලද නිරත වේ.

එසේම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් ප්‍රධාන අපේක්ෂකයන් ලෙස සැලකෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ මාසික ආදායම 454,285 ක් ලෙසද, සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මාසික ආදායම රුපියල් 285,681 ලෙසද අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභා වෙබ් අඩවිය සඳහන් වූවේය.

එසේම ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ මාසික ආදායම 256,802 ක් ලෙසද, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ මාසික ආදායම රුපියල් 317,786 ක් ලෙසද, ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතාගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 3 ක් ලෙසද, එම වෙබ් අඩවියේ දැක්විණ.

නාම යෝජනා බාර දෙන අවස්ථාවේ වත්කම් බැරකම් ප්‍රකාශනයක්ද ජනාධිපතිවරණ අපේක්ෂකයන් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කිරීමට සිදුවූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.



අදහස් (26)

පොහොසත් අපෙක්ෂකයා දිලිත් දුප්පත් අපෙක්ෂකයා රනිල්

MKIL Friday, 23 August 2024 01:29 PM

නාමල් පව් ඉතින්

:       34       52

Achini Friday, 23 August 2024 01:40 PM

මෙතැන වැඩිම ආදායමක් සහ වත්කමක් හිමි නාමල් රාජපක්ෂ... ඒ ඔක්කොම හොරකම් කළ මහජන මුදල්...

:       54       65

මැක්ස් Friday, 23 August 2024 03:48 PM

අචිනි දන්නා දේවල් අල්ලස් කොමිසම තියා අනුර කුමාර දිසානායකවත් දන්නේ නෑ. පව් ඉතින්...

:       10       27

ලසන්ත Friday, 23 August 2024 01:45 PM

හංගා මැරූ ගෙරි කුණ කර පිටින් ගෙන.. කම්බා හොරුන් හනිකට “වෙද ගෙදර”යන.. කව්දෝ ඇසූ විට එල්ලෙන නගුට ගැන.. "වල්ගේ නොවැ ලෙඩේ මිනිහෝ" කියපි පැන ..... ලිහිණියාගේ- ගිජුලිහිණි සංදේශය

:       9       29

Chaminda Friday, 23 August 2024 01:46 PM

තේ අක්කර හත අටක් තියෙන කෙනෙකුට වුණත් මාසෙකට ලක්ෂ තුනක් පමණ ශුද්ධ ලාභයක් ගන්න පුළුවන් කියලා හිතෙනවා..!

:       10       29

ලසන්ත Friday, 23 August 2024 01:48 PM

මේක දිහා බලලා, කාට ඡන්දේ දෙන්නද කියලා හිතාගන්න බැරිවයි ඉන්නේ...!

:       9       25

චන්දිම Friday, 23 August 2024 01:49 PM

මේ දිහා දැක්කාම දිලිත්, විජේදාස, නාමල් බබා හැර අනිත් අය ගැන දුකේ බැරුවා. මට හිතෙනවා කීයක් හරි මාසයක් ගානේ එතුමන්ලාට දුන්නා නම් හොඳයි කියලා අප්පා...

:       4       29

Kumara Friday, 23 August 2024 01:57 PM

රනිල්ගේ ජනාධිපතිගේ වැටුප අනිවාර්‍යයෙන් මීට වඩා වැඩියි. සජිත්ට නාමල්ට එයාලගෙ ව්‍යාපාර වලින් ආදායම් ලැබෙනවා. අනුර කුමාර දිසානායක විතරයි නිවැරදි තොරතුරු සපයා තිබෙන්නේ. වැරදි තොරතුරු සැපයීම තනතුර අහිමි වීමට හේතුවක් වේවි.

:       89       48

jayantha Friday, 23 August 2024 01:59 PM

දිලිත්ල හම්බකරේ රාජපක්ෂලාගේ කාලේ කූට ජාවාරම් වලින්... කොවිඩ් කාලේ හොඳට හම්බකලා ... කොටස් වෙළඳපොල කෘත්‍රිම ව කලුසල්ලි තියෙන අයගේ කළු සල්ලි සුදු කරලා දිලිත්ල අශෝක් පතිරගේලා ඉහලට ආවේ ...රාජපක්ෂලාට පින්සිද්ධ වෙන්න ... විජේදාස රාජපක්ෂ, නිස්සංක සේනාධිපති ලා එක්ක ජාවාරම් කළා රටේ බලය තියෙන කාලේ මේ හැම අයියලගේම කිල්ලෝට වල හුණු...

:       11       47

සරත් Friday, 23 August 2024 02:23 PM

ස්තිරවම අනුර කුමාරගේ ආදායම මීට වඩා වැඩියි. බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින්නේ. වාහනේ ලෙක්සස්. මෑත ඉතිහාසයේ වැඩිම වාර ගණනක් විදෙස්ගත විපක්ෂයේ කෙනාත් අනුර. ඒ නිසා නාමල්ටත් වඩා මාසික ආදායම අනුරගේ වැඩි ඇති..

:       39       71

I.Hiruna Friday, 23 August 2024 07:30 PM

ඔයා හිතුවේ රනිල්, සජිත් 2000ට 1500ට තියෙන ඇඳුම් අදින්නේ කියලා...

:       4       7

මහසෙන් Friday, 23 August 2024 02:24 PM

හරි.. කට්ටියගේම වත්කම මේ කියන ඒවා තමා කියා අපි පිළිගත්තා.

:       6       7

Prabath Friday, 23 August 2024 02:26 PM

රනිල් පාර්ලිමේන්තු හිටපු කාලෙටත්, දැනුත් එයාගේ පඩිය ගන්නේ නැහැ කියලා දන්නේ නැද්ද ‘‘කුමාර..‘‘?

:       5       32

harsha Friday, 23 August 2024 02:29 PM

මේවා බොරු කියලා ඕනෑම කෙනෙක් දන්නවා... එත් මැතිවරණ කොමිසම මේවා පිළිගන්නවා...!

:       4       18

Nishan Friday, 23 August 2024 02:46 PM

මෙතැනින් හරිම ආදායම පෙන්වලා තියෙන්නේ රනිල් විතරයි. අනිත් ඔක්කෝම හොරු...!

:       23       59

ලසන්ත Friday, 23 August 2024 02:50 PM

ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වීමට ඔන්න මෙන්න සිට අතහැරදැමූ, ගජමිතුරු ඉහළම ආදායම් ලබන්නෙකුගේ සමාගමක් සෞඛ්‍ය සේවාවට රු. 20,000 සිට 28,000 මිලකට අවුරුදු හතරක් තිස්සේ ලබාදෙන බෙහෙත් පෙත්තක් වෙනත් සමාගම් ලබාදෙන්නේ රු. 19ත් 48ත් අතර මිලකට...! ඉතිං මේ ගොල්ලෝ පොහොසත් නොවී තියේවියැ..!

:       1       15

ලසන්ත Friday, 23 August 2024 03:09 PM

ඔය ගණන්හිලව් නිවැරැදි නම්, ජනපති තනතුරේ රු.180,000ක ආදායමකට මොකට මේ ගොල්ලෝ මෙච්චර නහිනවද මන්දා...?

:       2       20

dasun Friday, 23 August 2024 03:38 PM

විජේදාසට ආයෙත් නුගේගොඩ, නුවර කුලී ආදායම මාසෙට මිලියන 10ක් නේද? නාවල ගොඩනැගිල්ලේ කුලී ආදායම කෝ? මේවා දිව්රලා කියන බොරු නේද?

:       0       21

Warnasinghe Friday, 23 August 2024 04:07 PM

මාසික ආදායම විතරයි ද වත්කම් ලෙස සලකන්නේ...?

:       0       11

ගමේ එකාලා Friday, 23 August 2024 04:19 PM

අපි දන්නා විදියට හොර පෙරකදෝරුවාට සහ ඩීල්දාසට සැහෙන්න වත්කමක් තියෙනවා. දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා පරම්පරා ගාණකට ඇතිවෙන්න යහමින් හරිහම්බ කරගත්තු අය තමා රාජපක්ෂලා කියන්නේ...

:       22       13

Dharmatileke Friday, 23 August 2024 04:24 PM

දුප්පත් නම් ඡන්දෙ දෙන්න එපා ... රනිල් අපි සේරම දුප්පත් කෙරුවා... නමුත් කියන්නේ රට සාමාන්‍ය තත්වයකට ගෙනාවා කියලා.

:       34       10

I.Hiruna Friday, 23 August 2024 07:27 PM

රනිල්ගෙ පඩිය අනුරට වඩා අඩුයිලු.. මහ බැංකුව කඩලා කෝටි ගණන් හොරකම් කරලා කොහේ හරි බැංකුවක තැන්පත් කරලා ඒකෙන් එන පොලියම සමහර විට දිලිත්ටත් වැඩි ඇති...!

:       45       9

Ruwan De Silva Saturday, 24 August 2024 06:39 AM

මම නම් විශ්වාස කරන්නේ නෑ. මොකද ඉස්සර අපේ සීයා රනිල් ගේ ලේකම් විදියට වැඩ කරා, රනිල්ට සමාගම් වල කොටස් පවා තියෙනවා. අවුරුද්දකට ඩොලර් මිලියන ගාණක අදායමක්. මාසෙකට ලක්ෂ ගාණක අදායමකින් ඔය මනුස්සයා ජීවත් වෙන්නේ නෑ. ගෙදර වැඩ කාරයෝ කියක් හිටියාද? ඔය ඔක්කෝම වියදම් රජයට දාලා, වත්කම් ඔක්කෝම නෝනාට ලියලා ඇති...!

:       2       0

Ruwan De Silva Saturday, 24 August 2024 06:46 AM

Dasu ගේ කතාව හරි විජේදාසගේ නුගේගොඩ Kandy සාප්පුවේ මාසික කුලියම අඩුම ලක්ෂ 20ක් ඇති, ඒවා කෝ? අනිත් එක රනිල් මාසික අදායම ඔච්චර නම් කොහෙද ප්‍රචාරක කටයුතුවලට කෝටි ගාණක්? කොළඹ 7 තියෙන ගෙවල් වලට යන වියදම? ලයිට් බිලටම ලක්ෂ 7ක් නම් කව්ද ගෙවන්නේ?

:       0       1

sam Saturday, 24 August 2024 07:21 AM

දන්නෝ දනිති. හරිනම් අන්තිමයා උඩිනුත් උඩටම යන්න ඕනෑ.

:       0       0

fairoos Saturday, 24 August 2024 11:27 AM

අනේ පව් නේද නාමල් සහ රනිල්?

:       9       4

ඔබේ අදහස් එවන්න

දියත

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 576 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 114 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 908 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1014 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2830 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1768 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25442 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23412 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 389 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site