IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පළාත් ඡන්දයට බාධා කිරීම් විස්සක්

(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන ඡන්දයට විවිධ බාධා කිරීම් විස්සක් පමණ සිදුවී ඇතැයි මැතිවරණ කොමිෂන්  සභාවේ සභාපති නීතිඥ  මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ දිස්ත්‍රික් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද හමුවූ අවස්ථාවේදීය.

දේශපාලන අධිකාරියෙන්, ඇතැම් කණ්ඩායම් වලින් සහ ඇතැම් මාධ්‍ය වලින් මෙම බාධා  කිරීම් සිදුව ඇති බව පැවසූ පුංචිහේවා මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇතැයි ද සඳහන් කළේය.



අදහස් (7)

පළාත් ඡන්දයට බාධා කිරීම් විස්සක්

Ariyathilaka Saturday, 11 February 2023 11:38 PM

පළාත් පාලන මැතිවරණයට මුදල් දීමට මහා භාණ්ඩාගාරයට හැකියාවක් නොමැති බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදැයි එක්තරා මාධ්‍යයක පළ වී තිබිණි. පළාත් පාලන මැතිවරණය පිළිබඳව විවිධ මත පුද්ගලයන් විසින් පල කර ඇත. ඇතැමෙක් මේ පළාත් පාලන ඡන්දයට කැමති වෙත්. ඇතමෙක් කැමති නො වෙත්. අකමැති පිරිස ද විවිධ හේතු දක්වත්. මේ රටේ පාලන ව්‍යූහය සකස් වී තිබෙන්නේ සම්මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය මතයි. කිසිවෙකුටත්ම තම අත්තනෝමතියට රටේ පාලනය හැසිරවිය නොහැක. රටේ ආර්ථිකය විනාශය කරා ගෙන ගියේ, පාලනය හෙබවූ පිරිසගේ වරදිනි. සියලු පාලන බලයේ වගකීම ව්‍යවස්ථාදායකය සතුය... ව්‍යවස්ථාදායකයේ සියලු බලය ජනතා පරමාධිපත්‍යයේ බලය සතුයි. මහා භාණ්ඩාගාරයේ මුදල් නැත කියා මැතිවරණ කල් දැමීම යනු ජනතා පරමාධිපත්‍යයේ බලය උල්ලංඝනය කිරීමකි. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පාලන බලය අයාලේ යැවීමකි. රටක ප්‍රජාතන්ත්‍රවාදය අයාලේ යනවා යනු හිතුමතයට, දැනට බලයේ සිටින පිරිසගේ අත්තනෝමතිය ක්‍රියාවේ යෙදවීමක් වේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය උල්ලංඝනය කිරීමකි. ඒ තුලින් පැන නගින සමාජ නො සන්හිදියාව අතිශයින් ම විනාශකාරී වීමට පුළුවනි....

:       0       1

Ariyathilaka Saturday, 11 February 2023 11:40 PM

1977 මහ මැතිවරණයෙන් පසු, 1978 සිට ඡන්ද අයිතිය ලත් පුරවැසියන්ගේ සිට 1989 වන තෙක් පාර්ලිමේන්තු නියෝජනයට තම මතය ප්‍රකාශ කිරීමට නොහැකි විය. එහි ප්‍රතිඵල එවකට දකුණට පමණක් නොව උතුරට ද බල නො පෑවේ යැ'යි නො කිව හැකියි. එවකට දකුණේ ඇතිවූ දේශපාලන නො සංහිදියාවට එය සෘජුව හේතු වූ බව දේශපාලන විචාරකයින්ගේ මතය විය. උතුරේ එවකට දේශපාලන බලය හෙබවූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමස්ථ පාර්ලිමේන්තු ආසන 168 න් 18 ක ලබාගෙන දෙවැනි තැනට පත්විය. එක්සත් ජාතික පක්ෂය ආසන 140 ක් ලබාගෙන හයෙන් පහක බලයෙන් බලයට පත්විය. උතුරේ ආයුධ සන්නද්ධ වූ හා නො වූ සියලු ද්‍රවිඩ ජනතාවට ද විශේෂයෙන් 1978 සිට ඡන්ද බලය හිමි වූ ද්‍රවිඩ තරුණ ප්‍රජාවටද 1989 මහ මැතිවරණය තෙක් පාර්ලිමේන්තු නියෝජිතයින් පත්කර ගැනීමේ අවස්ථාව අහිමි විය. ආසන 18 ක් වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායක ඒ .අමිර්තලිංගම් විපක්ෂ නායක වරයා ඇතුලු ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද්‍රවිඩ සංනද්ධ තරුණයන්ගේ අදහස් සමඟ සමගාමී නොවූහ.

:       0       0

Ariyathilaka Saturday, 11 February 2023 11:42 PM

ද්‍රවිඩ කණ්ඩායම් වලට විරෝධීව සිටියහ. අවසානයේ එල්.ටී.ටී.ඊ සංවිධානය බලවත් ලෙස විරසක විය. එල්.ටී.ටී.ඊ ය විසින් අමිර්තලිංගම් මහතා ඝාතනය කරන ලදී. මෙම තත්වය අනුව උතුරේ තරුණ ජනමතය ප්‍රකාශයට සහ ඔවුන්ගේ නිදහස් අදහස් පරිදි පාර්ලිමේන්තු නියෝජනයට අවස්ථාවක් නො ලැබිණි. ඔවුන් කෙරෙහි දකුණේ දේශපාලනය පිළිබඳ විශ්වාසය බිඳ වැටීමකට සහ උතුරේ නැගනහිර සන්නද්ධ ක්‍රියාකාරකම් තුළින් ඊලාම් පාලනයක් ඇතිකර ගැනීමට උත්සාහවත් වීමට මෙය ද හේතු නොවුණායැ'යි නොකිය හැකිය. පුරවැසියන්ට පාලනය පිළිබඳව නීතියානුකූලව විරෝධයට සහ අනුමැතියට ඉඩක් තිබිය යුතුය. එයට අවශ්‍ය මානසික බලාපොරොත්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපනය කර ඇති මඟට විරුද්ධව ආණ්ඩුව කටයුතු කිරීමෙන් සිදුවනුයේ, පුරවැසියන්ට, විශේෂයෙන් තරුණ ප්‍රජාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳව සහ පවතින පාලන ක්‍රමය කෙරෙහි ඉච්ඡා භංගත්වයට පත්වීමයි. මෙය රටේ සුබ සිද්ධියට හේතු නොවනවා ඇත. ඉච්ඡා භංග වූ ජනතාවකගෙන් යහපත් සිතුවිලි බලාපොරොත්තු නො විය හැක. රටේ සියලුම ස්ථරයින්ට මෙය අයහපත පිණිස බලපානවා ඇත...

:       0       0

AriyathilakaSunday, 12 February 2023 03:42 PM

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති රටක ඡන්දයක් තියා ගැනීමට තරම්වත් වත්කමක් නැති හිඟන තැනකට රට පත්වී ඇත්නම් මේ රට අතිශයින් බංකොළොත් භාවයට පත්වීමක් නොවේද?

:       0       0

Ariyathilaka Saturday, 11 February 2023 11:44 PM

තියා ගැනීමට තරම්වත් වත්කමක් නැති හිඟන තැනකට රට පත්වී ඇත්නම් මේ රට අතිශයින් බංකොළොත් භාවයට පත්වීමක් නොවේද? මෙහෙව් රටක අනාගතයේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ සාධාරණ සමාජයක් බලාපොරොත්තු විය හැකිද? අවසානයේ අත්තනෝමතික බල ව්‍යූහයක් ඇති පිරිසකගේ ජුන්ටාවක් විසින් පාලනය මෙහෙයවීමට මානසික පෙරහුරුවක් නොවේ නම් පුදුමයකි. මෙය කිසිසේත්ම රටට හොඳක් නොවන, වැරැදි පූර්වාදර්ශයකි. සල්ලි සොයාගත් දිනක ඡන්ද තැබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය බලයට ද පුරවැසියන්ගේ සිතීමේ සහ හෘදය ශාක්ෂියේ නිදහස භුක්ති විඳීමට ඇති අයිතිය අහුරාලීමක් බවද කිව යුතුයි. දේශපාලනික වශයෙන් අස්ථාවර රටකට විදේශ අයෝජකයින් පැමිණීමද සිදු නොවෙත්. සිටින ආයෝජකයින් ද රට හැර යනු ඇත. ඡන්දයක් තබා ගැනීමට බැරි රටක, කෙසේ නම් තම රටේ අභිමානය සුරැකේද? රටක විවිධ දේශපාලන අදහස් දරණ පුද්ගලයින් සිටිය හැක. පරමාධිපත්‍ය බලය පිළිබඳව විවිධ අදහස් තිබීමට ඉඩක් නැත. පරමාධිපත්‍යයේ බලය විශ්ව සාධාරණ ධර්මතාවයක් බැවින් බෙදීම් තිබිය නොහැක. පටු දේශපාලන අවශ්‍යතාවයන් උදෙසා පරමාධිපත්‍යයේ බලය නොසලකා හැරීමට කිසිවෙකුටත්ම ඉඩ නොතැබිය යුතුය.

:       0       1

ashok Sunday, 12 February 2023 03:23 AM

අනේ පවු... බලතණ්හාවට කරන උප්පර වැට්ටි...!

:       0       0

Sunil Sunday, 12 February 2023 07:58 AM

ඇයි අර රූකඩයා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1545 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1214 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 821 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6245 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2311 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 874 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 328 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1760 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site