IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


පළාත් නවයට අලුත් ආණ්ඩුකාරුවරු දිවුරති

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පළාත් 9 සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කර තිබේ.

හනීෆ් යූසුෆ් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලෙසත්,සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙසත් ,බන්දුල හරිස්චන්ද්‍ර මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ලෙස සහ තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස පත් වී සිටිති.

වසන්ත කුමාර විමලසිරි මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලෙස පත් කර ඇති අතර නාගලිංගම් චේතනායහන් මහතා උතුර පළාත් ආණ්ඩුකාර ලෙසත් ජයන්ත ලාල් රත්නසේකර මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස සහ චම්පා ජානකී රාජරත්න මහත්මිය සබරගමුව පළාත් ආණ්ඩුකාර ලෙස පත් වූහ.

කපිල ජයසේකර මහතා ඌව පළාත් ආණ්ඩුකාර ලෙස පත් වූහ.



අදහස් (11)

පළාත් නවයට අලුත් ආණ්ඩුකාරුවරු දිවුරති

kamal Wednesday, 25 September 2024 05:09 PM

මනීපාල හේරත් වගේ අය නැතිව පාලුයි වගේ අප්පා. මොන ආණ්ඩුකාරයෝද මේ.? දාන්ඩ එපැයි බඩ තඩි මුදලාලිල ටිකක්. අපිට මේවා දැකලා හුරු නැහැ වගේ...

:       0       0

nanda Wednesday, 25 September 2024 06:51 PM

මෙතෙක් කල් මේ තනතුරු දේශපාලන ගෝල බාලයින්ට වෙන්වෙලා තිබුණේ. රනිල්, මහින්ද දැන්වත් රටක් පාලනය කරන හැටි මේ ජනාධිපතිතුමාගෙන් ඉගෙන ගන්න.

:       13       88

සුජිත් පල්ලේවත්ත Wednesday, 25 September 2024 08:28 PM

බලාපොරොත්තු වුනේ අණ්ඩුකාර තනතුරු මින් ඉදිරියට නැතිවේවී යයි කියා.. ඒත් ඒවා දිගටම... මොනවාද මොවුන්ගෙන් රටට ලැබෙන සේවය... දිසාපතිලා ඉන්නවා ප්‍රාදේශීය ලේකම්ලා ඉන්නවා. ඉතින් මේ අයත් අයේ ඉන්නවා. දිසාව වෙනස් වෙන පාටක් නැති හැඩයි.

:       0       0

sunilThursday, 26 September 2024 06:12 AM

මේවා කරනකොට, වරප්‍රසාද අහිමි වුවන් විවිධ කුමන්ත්‍රණ කරන්න පුළුවන්. ඒවාට ජනතාව රැවටෙන්න එපා. යතාර්ථය තේරුම් කොට සියල්ල දිනා ගතයුතුයි.

:       0       0

චන්දෙThursday, 26 September 2024 11:23 AM

නන්ද ඔයා නොදන්නවා වුණාට මෙතැන ඉන්නවා මාලිමාවට ඡන්දේ කරන්න වියදම් කරපු අයත්... වහල්කමද නොදැනුවත්කමද ඔය?

:       1       1

siri Wednesday, 25 September 2024 06:52 PM

විශ්ව විද්‍යාලවලට ගැලපෙන කුලපතිවරු පත්කරන්න. ගෝඨාභය පත්කළේ එයාගේ ඡන්ද ව්‍යාපාරයට උදව් කළා කියලා ... ප්‍රසිද්ධියේ කිව්වා අපිට මතකයි.

:       7       74

ප්‍රදීප් බණ්ඩාර Thursday, 26 September 2024 07:26 AM

විශේෂයෙන් නාවල විශ්ව විද්‍යාලය සඳහා ක්‍රියාශීලි නිර්මාණ හැකියාව තියෙන වැඩ පරක්කු නොකර දරුවන්ට කලට වේලාවට අධ්‍යාපන කටයුතු අවසන් කරන්න පුළුවන් කුලපති කෙනෙක් පමණක් නොවෙයි පීඨාධිපතිලා පත්කිරීම කරන්න පුළුවන් නම් හොඳයි... එහෙම කියන්නේ සබරගමුව පළාතේ මහනුවරට ඉතාමත් ආසන්න පදිංචි දරුවෙක් ලියාපදිංචි වෙන්න මහනුවර ප්‍රාදේශීය මධ්‍යස්ථානයට ගොස් තියෙනවා ඔහුට එහේ ලියාපදිංචි කරන්න බැහැ කිව්වාම නාවල ප්‍රධාන කාර්‍යාලයෙන් ඇහුවම ඒත් බැහැ කියලා අන්තිමේ නේවාසික පහසුකම් කිසිවක් නැති රත්නපුර මධ්‍යස්ථානය වෙතට ගොස් තියෙන්නේ කිලෝමීටර් සියයක් ඉක්මවා දුරකට තමයි... ඔහු කියන්නේ ඔහුට දේශන සඳහා යන්න බැහැ කියලා... යම් විෂයක් සඳහා පළාත් පදනමෙන් ගන්නවා වෙන්න පුළුවන් ඒත් තමන්ගේ නිවසට ආසන්න තැනක ඉගෙනුම ලබා ගැනීමට අවස්ථාව දීලා බඳවා ගැනීම පළාත් මට්ටමෙන් සාධාරණයක් කරන්න ඕනෑ කියලා තේරුම් ගන්න පුළුවන් පිරිසක් ඒවාට පත්කිරීම කරන්න...!

:       0       0

ravin Wednesday, 25 September 2024 07:00 PM

කරුණාකර එකෙක් ආණ්ඩුකාරයාගේ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් පලකළොත් හොඳ නැද්ද?

:       0       0

සෙනෙවිරත්න Thursday, 26 September 2024 01:32 AM

ඇවිදගන්න බැරි නාකියෝ, ඡන්දෙන් දිනන්න බැරි හාදයෝ,උන්ගෙ පවුල්වල උන් එක්ක දාපු වරිග සභා ඉවරයි, කෝට් එක දාල හිටියට ගෙදර යවපු උන් අමුඩෙටවත් සුදුසු නැහැ, ඒක අමුඩෙටත් කරන අපහාසයක්.

:       0       0

සෙනෙවිරත්න Thursday, 26 September 2024 01:35 AM

අරගලය ඉල්ලුවේ මේ වෙනස තමයි. ඒක පියවරෙන් පියවර වෙනවා. ඉවසිල්ලෙන් ඉන්න, ඔය තඹුත්තේගම ගොවි පුතාට රකින්න හෝ රැකගන්න දෙයක් නැහැ, ඔහු හොඳටම දන්නවා වසර හැත්තෑවක් විතර යනකොට මැරෙන බව හෝ අබල දුබල වන බව, ඔහුගේ එකම අරමුණ මේ මජර ක්‍රමයෙන් අප රට හරි පීල්ලට ගන්න එක.

:       0       0

Perera Thursday, 26 September 2024 07:56 AM

ඉතාමත් හොඳ පත්වීම්... එක් අයෙක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති. තව කෙනෙක් නීතීඥ ප්‍රජාවේ ගෞරවය දිනා සිටි හිටපු මහාධිකරණ විනිසුරුවරියක්. අනික් අයත් එසේ උගත්, බුද්ධිමත් වැදගත් අය විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වව්නියාවේ වැව් 29ක් කැඩී යයි
2024 නොවැම්බර් මස 27 83 0

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අ‍ැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.


පොහොර සහනාධාරයේ පමාවක් ඇතැයි පිළිගන්නවා
2024 නොවැම්බර් මස 27 213 0

ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.


දිස්ත්‍රික්ක 9 කට නාය අනතුරු ඇඟවීම් නිවේදන
2024 නොවැම්බර් මස 27 5 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


’’අමුල්’’ සහල් කිලෝ 17,925ක් විනාශ කරන්න නියෝග
2024 නොවැම්බර් මස 27 237 0

අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක


අ‘පුරේ ගමක් යටවේ
2024 නොවැම්බර් මස 27 872 1

පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය


සුළි කුණාටු අවදානමක්?
2024 නොවැම්බර් මස 27 961 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site