(ඩයනා උදයංගනී)
පළාත් පාලන ආයතනයන්හි සේවය කරන අනියම්, දෛනික හා කොන්ත්‍රාත් සේවකයින් කඩිනමින් ස්ථිර කිරීමට රජය කටයුතු කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
පළාත් පාලන ආයතනවල දැනට අනියම්, දෛනික හා කොන්ත්‍රාත් පදනමින් 8000 ක් පමණ සේවය කරන බවත් මෙම පිරිස කඩිනමින් ස්ථිර කිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හා තමා අතර පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා තමාට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනතාවාදී රජයක් වන වත්මන් රජය කුමන අභියෝග පැවතියත් ජනතාවාදී තීරණ ගැනීමට පසුබට නොවන බව කී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම ස්ථිර කිරීම් සඳහා වන යෝජනාව මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසීය.
මෙලෙස ස්ථිර කිරීමට නියමිත පිරිස ඒ ඒ පළාත් පාලන ආයතන විසින් නිර්දේශ කරන ලද සේවකයින් බවත්, මෙයින් බොහොමයක් සෞඛ්‍ය හා මාර්ග ක්‍ෂේත්‍රයන්හි වසර ගණනාවක් අනියම්, දෛනික හා කොන්ත්‍රාත් පදනමින් සේවය කරන්නන් බවත් අමාත්‍යවරයා කීවේය.
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පළාත් පාලන ආයතන අනියම් සේවකයන්ට සුභ ආරංචියක්
rocky Tuesday, 06 July 2021 07:10 PM
ඔවුන්ගෙන් බහුතරය ඡන්දෙදී පොහොට්ටුවන්ට පෝස්ටර් අලවපු, කඩේ ගිය උන්නැහෙලා නොවැ...!!
Nihal Tuesday, 06 July 2021 07:53 PM
කරන්ට කරන්ට. අපි බදු ගෙවන්නම්. ආයේ එන්නකො වැඳගෙන.
Presanna Wednesday, 07 July 2021 11:29 AM
ගොඩක් හොඳ වැඩක්... මම වැඩ කරන්නේ කුණ්ඩසාලේ ප්‍රදේශීය සභාවේ අවුරුදු 6ක් වෙනවා කසළ එකතු කරන්නේ අපිව කාටවත් පෙනුණේ නෑ ඔබ තුමාලට ගොඩක් පින්...