(ප්‍රේමතිලක පෙරමුණ )
13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ වර්ෂ 1987 දී ස්ථාපිත කරන ලද පළාත් සභා මැතිවරණ ක්‍රමය අහෝසි කළ යුතු යැයි යෝජනාවක් අද(15) වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ දී ඒකච්ඡන්දයෙන් සම්මත විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය මන්ත්‍රී නාලක තරංග සමරවික්‍රම මහතා විසින් ගෙන එන ලද මෙම යෝජනාව සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් යෝජනාවට පක්ෂව අදහස් දැක්වූ වූ අතර , යෝජනාවට විරුද්ධ ව කිසිදු මන්ත්‍රීවරයෙකු අදහස් නො දක්වන ලදී.
මෙහි දී යෝජනාව ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා පවසා සිටියේ වසර 32 ක් පුරාවට පළාත් සභාවෙන් රටට ජනතාව ට අගතියක් වූවා මිස සාර්ථක සංවර්ධනයක් නො වූ බවත් ,මෙම ක්‍රමය රටේ මුදල් කාබාසිනියා කරන සුදු අලියෙක් පමණක් බව ය.
එබැවින් මෙම ක්‍රමය වෙනුවට දිසා ඇමතිවරුන් 9 දෙනෙකු පත්ක කර ඔවුන් යටතේ රටේ සියලු පළාත් පාලන ආයතන සෘජුව සම්බන්ධ කර රට සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන බව මන්ත්‍රීවරයා පැවසී ය .
මෙහිදී අදහස් දැක්වූ සියලුම මන්ත්‍රීවරුන් පවසා සිටියේද ,පළාත් සභාව විසින් පළාත් පාලන ආයතනවලට අවශ්‍ය සහයෝගය ලබා නොදෙන බවත් ,මධ්‍යම රජයේ මගින් පළාත් සභාවට අනවශ්‍ය ඇඟිලි ගැසීමක් සිදු කරන බවත් ,ඒ හේතුවෙන් තමන්ට තම ප්‍රදේශයේ ජනතාවට කිසිදු සේවයක් කිරීමට අවස්ථාවක් නොලැබෙන බවයි . වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද මෙම යෝජනාවට එකඟත්වය පළ කළේය.
මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු
උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක
කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පළාත් සභා අහෝසි කිරීමේ යෝජනාවක් වලල්ලාවිට ප්‍රා.ස දී සම්මත වෙයි
ආනන්ද පිටබැද්දර Tuesday, 15 September 2020 09:40 AM
ඉතාම හොඳ වැඩක්. අපේ රට පුංචිම පුංචි දූපතක්. අපට පළාත් සභා නඩත්තු කිරීම කරන්න අමාරුයි. මේවා රටට විශාල බරක්. වැඩිබර පසෙක දමා රට ඉදිරියට යායුතුයි.