IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පළාත් සභා ක්‍රමය රටට බරක් කරගත යුතු නෑ

(ආරියරත්න  රණබාහු )

උතුරේ ජනවාර්ගික  අර්බුදය ට පිළියමක් ලෙස ස්ථාපිත  කළ පළාත්  සභා ක්‍රමය තව දුරටත් රටට බරක්  ලෙස පවත්වා  ගෙන යායුතු  නැතැයි  දකුණු  පළාත් සභා හිටපු මන්ත්‍රි  ලංකාලෝකය සංවිධානයේ  ප්‍රධාන  සංවිධායක පසඳ යාපා අබේවර්ධන මහතා කොළඹ  අද (19)පැවති මාධ්‍ය  හමුවකදී   පැවසීය .
දකුණු  පළාත්  සභාවෙි  හිටපු මන්ත්‍රි වරයකු ලෙස  පළාත්  සභාවේ  ඇති බොරුව තමා හොඳින්  අවබෝධ කරගත් බවත් කී අබේවර්ධන මහතා මධ්‍යම  රජයෙන් දෙන ප්‍රතිපාදන වියදම්  කිරිම හැර  රටට හෝ ජනතාවට සිදුවු   සෙතක් නැතැයි අවධාරණය  කළේය.
මෙම වසරේදි  පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් ගේ අවධානය  පිණිස මෙම කරුණ  තම සංවිධාන ය විසින් ඉදිරිපත්  කරන බවද ඒ මහතා කීය
ලංකා ලෝනය නැමති නව සංවිධානයේ මෙහෙයවිමෙන් කොළඹ  නිපොන් හෝටලයේ  පැවති  මෙම මාධ්‍ය  හමුවේදී  තව දුරටත් අදහස්  දැක්වු ඒ මහතා කියා සිටියේ1988 පිහිට වු පළාත්  සභා සඳහා  වර්තමාන ය දක්වා  මධ්‍යම  රජය බිලියන හත්දහසක් වැය කර ඇති බවය..
ඉන් විශාල මුදලක්  වැය කර ඇත්තේ පුනරාවර්තන වියදම්  සඳහා යැයි  කී හිටපු පළාත්  සභා මන්ත්‍රිවරයා  රජය දෙන මුදල් වලින් කොටසක් වැයකර තමන්ගේ නම ගසා  පුටු ටෙන්ට් ආදිය බෙදාදීම  හැර අන්දෙයක් නොකළ බවද කීය.
පළාත් පාලන ආයතන හරහා රජයට විශාල කාර්ය භාරයක් කළහැකි බව කී අබෙිවර්ධන  මහතා තවදුරටත්  පළාත් සභා සුදු අලියා නඩත්තු  කළ යුතු නැතැයිද⁣ මෙි වන විට පළාත්  සභා  ජනතා නියෝජිතයන්  ගෙන් තොරව වසර පහක්  ගතකර ඇති හෙයින් එමගින් තවදුරටත්  එය අනවශ්‍ය  දෙයක් බවට තහවුරු  වී ඇතැයි ද පැවසීය .



අදහස් (2)

පළාත් සභා ක්‍රමය රටට බරක් කරගත යුතු නෑ

ලංකාපුත්‍ර Monday, 19 February 2024 03:49 PM

ඇත්තටම ලංකාවට පළාත් සභා අවශ්‍යම නැහැ. රජිව් ගාන්ධි ඕක ලංකාවට දුන්නේ හොඳකට නොවෙයි ලංකාව ඉන්දියාව පරදා ඉදිරියට යාවි කියන බයට ඔවුනොවුන් කුලල් කා ගැනීමට උපක්‍රමයක් වශයෙන් පමණයි මම දකින ආකාරයට දැනට තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා එම කොට්ඨාසයේ ස්ථිරවම පදිංචි අයෙක් පාර්ලිමේන්තුවට මන්ත්‍රී කෙනෙක් ලෙසට පත්කර ඔහු/ ඇයගේ මූලිකත්වය යටතේ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වෙනවා නම් නාස්තිය නැතුව ප්‍රදේශයේ සංවර්ධනය සිදුවේවි පසද යාපා හරි කියන්න පුළුවන් දැන් සමහරක් එවුන් කියන ආකාරයට තවත් ඉදිරියට ගියොත් උන්දැලා කියන දේත් සත්‍ය වෙන්න පුළුවන් වේවි...!

:       2       2

මාතර සුදිර Monday, 19 February 2024 06:32 PM

මෙයාගේ ඡන්ද වැඩවලදී මැරීගෙන අතින් වියදම් කරලා වැඩ කළ, අඩුම ගානේ ජොබ් එකක්වත් හම්බ වෙයි කියලා, මේක දිනුවන් පස්සේ හම්බ වෙන්න ගියාම මහලොකු සීන්. මොවුන්ට කිසිම දවසක ඡන්දයක් දෙන්න එපා... හොරු...

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 85 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 152 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 162 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 196 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1136 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 745 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38836 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25491 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site