IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


‘පළාත් සභා ඡන්ද ඉල්ලා දේශපාලන පක්ෂ කරන්නේ බොරුවක්’

බිඟුන් මේනක ගමගේ

 

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි පවසමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ කරන්නේ බොරුවක් යැයි නිදහස් හා සාධාරණ සමාජයක් වෙනුවෙන් වූ ජාතික ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය චෝදනා කරයි.

 

පළාත් සභා වැඩි සංඛ්‍යාවක නිල කාලය අහෝසි වී තිබෙද්දී ඒවායේ කටයුතු මහජන නියෝජිතයින්ගෙන් ගිලිහී යාම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකැයි මැතිවරණ කොමිෂන් සභාව පැවැසීම සාධාරණ යැයි කී හෙතෙම මේ තත්ත්වයට විසඳුම් දීමේදී මැතිවරණ කොමිසමට කළ හැකි දෙයක් නැතැයි ද අවධාරණය කර කීය.

 

ඒ අනුව පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්වීමට බලතල පාවිච්චි කළ හැක්කේ පාර්ලිමේන්තුවට වුවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයක් ඒ වෙනුවෙන් මැදිහත් වී නැතැයි ද තෙන්නකෝන් මහතා කීවේය.

 

මේ වනවිට පළාත් සභා මැතිවරණ ඉල්ලා බලකරන්නේ පාර්ලිමේන්තුව හෝ පළාත් සභාව නියෝජනය නොකරන බැසිල් රාජපක්ෂ හා මෛත්‍රී ගුණරත්න යන දේශපාලකයන් පමණක් වීම කනගාටුවට කරුණක් යැයි ද ඔහු කීය.

 

උතුරු නැගෙනහිර ගැටලුවට පිළියමක් ලෙස පළාත් සභා හඳුන්වා දුන්න ද දෙමළ ජාතික සන්ධානයවත් ඒ ගැන උනන්දුවක් නොදක්වන්නේ යැයි ද නැගෙනහිර පළාත් සභාව අකර්මණ්‍ය වී මාස 13 ක් ගතවී තිබියදීත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමෙන් එය හොඳින්ම පැහැදිලි වන්නේ යැයි ද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

‘පළාත් සභා ඡන්ද ඉල්ලා දේශපාලන පක්ෂ කරන්නේ බොරුවක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 1188 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 257 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 432 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 454 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 520 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 917 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 442 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 925 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site