(අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභාවල සභාපතිවරුන්ගේ වාහන සහ ඉන්ධන, දුරකථන ඇතුළු දීමනා සීමා කිරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා වන විශේෂ චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සියලුම ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ ආණ්ඩුකාර ලේකම්වරුන් වෙත යවනු ලැබ ඇත.
ඒ අනුව පළාත් සභාවල සභාපතිවරයකුට එක් නිල වාහනයක් පමණක් වෙන් කෙරෙන අතර, ඒ සඳහා මාසික ඉන්ධන දීමනාව ලෙස ඉන්ධන ලීටර් 150ක් හිමිවනු ඇත.
ඉන්ධන දීමනාව , වෙළඳපොළෙ පවතින ඉන්ධන මිල ගණන් අනුව තීරණය කෙරේ.
මේ අතර, දුරකථන දීමනාව ලෙස ,කාර්යාලයේ දුරකතනය සඳහා මසකට රුපියල් පන්දහසක් ද,නිවසේ සහ ජංගම දුරකථනය සඳහා මාසිකව රුපියල් 2,500 බැගින් ද හිමි වනු ඇත.
පළාත් සභාවල සභාපතිවරුන් සඳහා මීට පෙර වාහන දෙක තුනක් මෙන්ම ඉන්ධන හා දුරකථන දීමනා මීට වැඩි ප්‍රමාණයක් හිමි විය.
පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන මෙම දීමනා සීමා කර ඇත.
පළාත් සභාවල නිල කාලය අවසන් වුවද ,මීළඟ පළාත් සභාව රැස්වන තෙක් සභාපතිවරයාගේ ධුරය බලාත්මක වනු ඇත.
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පළාත් සභා ලොක්කන්ගේ දීමනා කපයි
Kumar (Gulf) Saturday, 01 October 2022 12:14 AM
Now they will rob much more, and will take bigger bribes.
NimalSaturday, 01 October 2022 06:06 PM
පළාත් සභාවල සභාපතිවරයකු විසින් කරනාවූ සේවය / රාජකාරිය කුමක්ද කියා ජනතවට පැහැදිලිකිරීමක් කරන්න.
Perera Saturday, 01 October 2022 12:54 AM
ඔය පළාත් සභා අහෝසි කරලා දැමිය යුතුයි.
Sthyagith Saturday, 01 October 2022 02:47 AM
Not only politicians, it should be limited official vehicles usage of all the government officers including three forces and police too. It is a well known fact how wives are miss-using official vehicles and government resources that their husbands given.
Dul Saturday, 01 October 2022 04:38 AM
ඉතාමත් හොද තීරණයක්!
Demuni Uduwara Saturday, 01 October 2022 04:39 AM
This should be extended to the Legislature too !
C.K.Lankaputhra Saturday, 01 October 2022 05:34 AM
කරන හොරකම් සීමා කරන්න අදහසක් නැද්ද?
ගමේ එකාලා Saturday, 01 October 2022 02:08 PM
පළාත් සබා නමට විතරයි,කිසිම වැඩකට නැහැ..ඉන්න අයත් නිකම් ඉන්දන් වරප්‍රසාද බුක්ති විදින එකයි කරන්නෙත් ?
අබිලින් Saturday, 01 October 2022 03:56 PM
මෙහෙම ගෙවන්නෙ තියෙන නීතියක් නිසා .ඒවා හදල තියෙන්නෙ ගෝල බාලයින්ට ජනතා මුදල් කෑමට .කිසිම වැඩක් නොකර මෙහෙම ගෙවීම් දූෂණ වලට ගන්න පුළුවන් මෙම අනවශ්‍ය වියදම් වහාම අහෝසි කල යුතුය රටේ විශාල පිරිසක් කුසගින්නේ හා මන්දපෝෂණයෙන් සිටිද්දී මෙලෙස ගන්නා මුදලින් යැපෙන්නන්ට සතර අපායේ දොරටු විවරවේවා.
Bunny Preena Tuesday, 04 October 2022 09:25 AM
මේක නම් මහම මහ අපරාදයක්. මේව නීතිගත කරල දාල ගසා කෑම සහ මහජන මුදල් අවභාවිතයන්. කිසිම හිරිකිතයක් නැතුව මෙගොල්ලො මුහුන උස්සගෙන පාරෙ යනව එනව.