(අජන්ත කුමාර අගලකඩ)
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සහල් ගබඩා පරීක්ෂා කළ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ,විශ්‍රාමික මේජර් ජෙනරාල් නිවුන්හැල්ල මහතා ඇතුළු කණ්ඩායමක් එම ගබඩාවල තිබු මෙට්‍රික් ටොන් දහසකට ආසන්න සහල් තොගයක් රජයේ භාරයට ගත්තේය .
රජය විසින් පනවනු ලැබු මිල ගණන් වලට වෙළඳපොළට සහල් නිකුත් නොකිරීම හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ප්රමුඛ කණ්ඩායම වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කළේය .
පාලන මිලට වෙළෙඳපොළට සහල් නිකුත් නොකරන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ගබඩා පරීක්ෂාකර, හදිසි නීති රෙගුලාසි යටතේ ඒවා රජයේ භාරයට ගෙන, පාලන මිලට වෙළෙඳපොළට නිකුත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දුන් අතර ඒ අනුව මෙම සහල් තොග රජයේ භාරයට ගත් බව වෙළඳ අමාත්‍යංශය සඳහන් කරයි.
සතොස සහ ආහාර දෙපාර්තමේන්තුවේ ලොරි රථ 70ක් පමණ පොලොන්නරුවට රැගෙන ගොස් තිබූ අතර, මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතු ව තිබී රජයේ භාරයට ගත් එම සහල් තොග සතොස හරහා අලෙවි කිරීමට අද පස්වරුවේම කොළඹට රැගෙන එනු ලැබූ බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
නිපුන,අරලිය,ලත්පඳුර ,නිව්රත්න,හිරු සහ සූරිය යන සහල් මෝල් වල තිබූ සහල් තොග මෙලෙස පවරා ගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කරයි. මෙි අතර නිව් රත්න සහල් මෝල සතුව පැවති තොග පවරා ගැනීමට කටයුතු කිරීමේදී එහි හිමිකාරත්වය සැලසුම් සහගත විරෝධතා මතු කිරීමට කටයුතු කළ බවත් ඔවුන් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවත් අත්‍යවශ්‍ය සේවා කොන්සල් ජෙනරාල් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ සහායට පාරිභෝගික සේවා අධිකාරියේ සහ සතොස නිලධාරීහු ද පොලීසියද එක් ව සිටියහ .
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්රචාරක කොට්ඨාසය තුළ වැටී තිබූ රුපියල් 17000 ක මුදලක් බිම වැටී තිබියදී ඩී.කේ රොහාන් ප්‍රදීප් මහතා විසින් එය අයි
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොළොන්නරුවෙන් සහල් මෙට්‍රික් ටොන් 1000ක් රජයේ බාරයට
බද්රානි Wednesday, 08 September 2021 08:27 PM
මම මේ නොදන්නා නිසයි අහන්නේ, රජය කීය ගානේද හාල් මිලදී අරගෙන තියෙන්නේ? මිලට ගත්තු ගානට අඩුවෙන් සතොස හරහා බෙදුවොත් ඒ මුදලත් දරන්න වෙන්නේ මේ රටේ ජනතාවටම නේද? කොහොමත් ඔය සතොස කියන සිල්ලර පෙට්ටි කඩෙන් පාඩුවක් මිස, ජනතාවට ලාභයක් නම් අත්වෙලා නැහැ කවදාවත්. එක අතකට අපේ රටේ මුදලාලිලා හරිම අමුතුයි නේද? බඩු හංගගෙන ඉඳලා රජයට වැඩි ගානට විකුනනවා. ඒ වැඩේ නම් මාරයි අප්පා!!
SumuduThursday, 09 September 2021 01:24 AM
ගෝඨාභය වැඩ පටන් ගත්තා විතරයි
පප්පThursday, 09 September 2021 05:28 AM
වැඩ පටන් ගන්න අවුරුදු දෙකක් ගියා නේද, මේ ඔක්කොම ඇන්දිල්ල මෝල් හිමියෝ එක්ක කථා කරගන්න ඇති ඔවුන්ට ආණ්ඩුව ගෙවන මිල ගණන්. මේවා බොරු සංදර්ශන. රැවටෙන්න එපා දරුවො.
senaThursday, 09 September 2021 08:17 AM
ඔය හාල් ටික කෑවාට පස්සේ ? හෙටක් නැති රටක් !!
SuddaThursday, 09 September 2021 02:07 PM
කොහෙද හිටියෙ 2020 ජනවාරි ඉඳලා මේ ලෝකේ කොරෝනා කියලා ලෙඩක් තියෙනවා ලංකාවට ඒක 2020 මාර්තුවේ ඉඳලා තදටම වැඩේ දෙන්න ගත්ත කියලා. ඉතින් මොන රටේත් ගොඩක් වැඩ පස්සට ගියා.
පයිතගරස් Thursday, 09 September 2021 10:01 AM
දැන් ඔබ තුමියම යෝජනා කරන්නකෝ කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියල
බද්රානිThursday, 09 September 2021 01:43 PM
අපේ ලෝකල් පයිතගරස් මහත්තය අහලා තියනවද, ලෝකයේ වෙනත් රටවල ව්‍යාපාරිකයන් සතු පරිභෝජන භාණ්ඩ වැටලීම් කරනවා කියලා? ඕනෑම ව්‍යාපාරිකයෙකුට භාණ්ඩ ගබඩා කර තබා ගැනීමට අයිතියක් තිබෙනවා. මෙවැනි නාඩගම් නරඹලා අපේ රටේ අයට ජෝලු වුනාට , මේවා ලෝකයට විහිලු. යම් ව්‍යාපාරිකයෙකුට වෙළඳපොල ඒකාධිකාරියක් තිබේ, භාණ්ඩනම් පිටරටින් ආනයනය කර හෝ වෙළඳ පොළ භාණ්ඩ හිගය තුරන් කල යුතුයි. අඥාන පාලකයින් දක්ෂ ව්‍යාපාරකයින් ඉදිරියේ අසරණ වීම තමයි මේ ඇතිවී තිබෙන තත්වයට හේතුව. ඒ වගේම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වලට අධික ලෙස බදු ගැසීම ලෝකල් පයිතගරස්ලාගේ න්‍යායට එකඟද? දේශීය ව්‍යාපාරිකයින් ආරක්ෂා කිරීමට යයි කියා ආනයනය සීමා කිරීම තමයි මේ ගැටළු වලට මුලික හේතුව. දේශීය ව්‍යාපාරිකයින් මේ "කුඩා ලිඳ තුල හිරවී සිටින මහා ලොකු ගෙම්බන්" නොකොට, ජාත්‍යන්තර වෙළඳපොලේ භාණ්ඩ මිල හා තරග කිරීමට ඔවුන්ව ඒ තැනට පෙළඹීමට යාන්ත්‍රණයක් රජය සකස් යුතුයි. ඇත්තෙන්ම කියනවා නම්, දේශපාලන බල අධිකාරිය මෙන්ම ව්‍යාපාර එකාධිකාරයත් එක හා සමාන මාෆියාවක්. එය තුරන් කිරීමට හැකි නිර්භීත දැක්මක් තියන නායකයෙක් මේ රටෙන් බිහිවේ යයි මම නම් හිතන්නේ නැහැ.
JayampathiThursday, 09 September 2021 05:34 PM
කව්ද මේ සුද්දා? එතකොට බංග්ලාදේශයට නේපාලයට වගෙ රටවල කොරොනා තිබුණේ නැද්ද. අනෙ සුද්දෝ මෙහෙ අය හොරා කන නිසයි මෙහෙම වෙලා තියෙන්නේ. අනිත් රටවල් වැටිලා නෑ.
මහසෙන් Wednesday, 08 September 2021 08:29 PM
ඇයි දැන් රාජසන්තක කරන්නැද්ද?
විදුර Wednesday, 08 September 2021 08:42 PM
ඔන්න ඇමතිවරුන්ගේ හාල්ටිකත් රජය අරගෙන. ටික දවසකින් රඟපෑමක් කියලා හිතෙයිද?
sirisenaWednesday, 08 September 2021 10:31 PM
ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් දෙන්න නම් හාල් පොල් ගෙන්වන්න.
චන්දිම Wednesday, 08 September 2021 08:47 PM
අනේ ඉතින් වාසනාවන්. මාර නිර්භීත රජයක්. දැන් ඉතින් රටට විශාල වාසියක් නේද මේ වෙන්න යන්නේ..? මේවා කෙලින්ම රාජ සන්තක කරලා සතොසට දුන්නාම ආණ්ඩුවට නිකම්ම සල්ලි හම්බ වෙනවා... මිනිස්සුන්ට ලාබෙට හාල් ලැබෙනවා. අර කමිසේ ගලවලා සරම කැහැපොට ගහගෙන නිකම් අයියා පාට් දාපු ඩඩ්ලි සිරාලා මොත්තේ පාට් දාන අය හාන්සි වේවි නේද අනේ? අපි ඇස් ඇරගෙන බලන් ඉඳිමු නේද? එහෙම වෙයි නේද? අනේ එහෙම්ම වෙයි නේද..?
RuwanWednesday, 08 September 2021 11:31 PM
මේ වගේ මොකක් කලත් වැරදි හොයන අය ඉන්නකන් මේ රටේ මොකක් කලත් වැඩක් නැහැ.
renuka jayawardena Wednesday, 08 September 2021 08:47 PM
මීට පස්සේ පොළොන්නරුවේ ඔය හාල් බිස්නස් එක වෙනත් ජාතියකට යයි. අපි එහෙමනේ... මුදලාලිලාට වුණු දේ තමයි...
මුණසිංහ Thursday, 09 September 2021 08:36 AM
ඔව් එහෙම වෙන්න පුළුවන්. අපේ කෙනෙක් කියල පාරිභෝගිකයන් හූරාගෙන කනවනම් වෙන කරන්න දෙයක් නැහැ. කෙහොමටත් සිංහල සහ මුස්ලිම් වෙළෙන්දන් දෙගොල්ලන් වෙළඳාම් කරන කොට ජනතාවගෙ පැත්තේ වැඩිය ඉන්නෙ කවුද කියල ජනතාව දන්නවා. මේ ඒකාධිකාරය නැති කරන්නම ඕන . ඒක ට ජනතාවගෙ උදව් තිබෙනවා. 60ට වී අරගෙන 200ට හාල් දෙන එක සාධාරණය කරන්න එපා.
SL Thursday, 09 September 2021 10:00 AM
වී ගන්න මිලයි ,හාල් විකුණන මිලයි රජය විසින් පාලනය කරලා තියෙනවා ඒවා දැනගෙන තමා වී මෝල් කාරයෝ වී ගන්නේ ඇයි පාලන මිලට විකුනන්න බැරි? රජය පොහොර සහනාධාර සියල්ල දෙන්නේ රටේ සහල් මිල පාලනය කරන්න.
beau Wednesday, 08 September 2021 09:13 PM
තරාතිරම් නොබලා සහල් හිගයක් ඇතිකරන මේ අයට උපරිම දඬුවම් දිය යුතුයි.
Ruhunu Wednesday, 08 September 2021 09:44 PM
පොලොවෙන් මතුවෙච්ච.
Duminda Wednesday, 08 September 2021 10:26 PM
මහ දවල් කරපටි ඇඳගෙන ඉන්නවා දැක්කම ඇඩෙනවා.
AsankaThursday, 09 September 2021 07:43 AM
හොඳ වැඩක්, නියමයි.
siri Wednesday, 08 September 2021 10:46 PM
ආණ්ඩුවේ රාජ්‍ය ඇමති වරයෙකුත් වී තොග හංගලා එහෙනං.
ලංකා Thursday, 09 September 2021 12:18 AM
මැතිනිගේ කාලේ වෙච්ච දේවල් පොත්පත් වලින් කියවල තියෙනවා... හැබැයි හැබැහින් දකින්න ලැබෙයි කියල හිතුවෙනම් නෑ
Nandalal DE SILVA - France Thursday, 09 September 2021 12:48 AM
මේ කූට කළුකඩ හාල් මුදලාලිලා රොත්තම ඉල්ලන් කෑවා වගේ වැඩක් නේද සිද්ද වුනේ.?
aseThursday, 09 September 2021 08:23 AM
පුදුම සංදර්ශනයක්, ප්‍රතිරූපය නගාසිටුවන්න.
සෙනෙවිරත්න Thursday, 09 September 2021 01:06 AM
සීනි වගේ තමයි. හදිසි නීතිය දමාගෙන කරපු දෙයක් පෙන්වන්න කරපු සංදර්ශනයක්. මෙච්චරකල් බලං හිටියෙ මොකද?
Nandalal DE SILVA - France Thursday, 09 September 2021 01:10 AM
පොළොන්නරුවේ කිව්වම මතක් වුනේ වෙන එකක්.
Prabha Thursday, 09 September 2021 02:51 AM
ලොරි වලට හයර් එකත් ගෙවනවා ඇති නේද.?
nalin Thursday, 09 September 2021 06:06 AM
ඩඩ්ලිගෙ හාල් ටිකත් ඔහොමම ගන්නවද? අන්න එහෙම ගන්නවානම් අපි කියනව ඔතන කරන්නෙ බොරුවක් නෙමෙයි කියලා. පොඩි මුදලාලිලාගෙන් අරගෙන අර ලොකු මහා පරිමානයෙන් කරන කෙනාගෙන් ගන්නෙ නැත්තම් වැඩක් නෑ නේද?
ලූෂන් Thursday, 09 September 2021 06:48 AM
හාමුදුරුවරුන් වැඩලා තියෙන්නෙ පිරිත් කියන්නද ?
Nihal Thursday, 09 September 2021 07:17 AM
සීනි පෝලිමේ ඉන්නවා වගේ හාල් පෝලිමෙත් ඉන්න වෙයි වගෙ . කොලු ගැටය කාලෙ මම පාන් පෝලිමේ හිටපු හැටිත් මතක් වෙනව.
kamal Thursday, 09 September 2021 08:41 AM
අල්ලලා තියෙන්නේ කොළ පාට හාල් විතරද?
Rasi Thursday, 09 September 2021 09:00 AM
පිටරටින් ගෙනාවොත් ලංකාවේ ගොවියෝ නැති කරනවා කියනවා. මෙහෙ අයට කරන්න දුන්නොත්,කවුරු එක්ක හරි එකතුවෙලා බඩු හංගනවා.
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 09 September 2021 09:29 AM
හාල් මිල හා හාල් ව්‍යාපාරය මෙතෙක් පාලනය වුණේ මේ දැවැන්ත හාල් මෝල් හිමියන්ට අවශ්‍ය ආකාරයටයි. මේ වැටලීම් කොට සහල් තොග මෙසේ අත්පත් කරගැනීම හොඳ දෙයක් සේ පෙනෙතත්, ඒවා සියල්ල සතොස හරහා බේදීමත් සතුටක්. ඒත්,මින් ඉදිරියට හෝ මේ රටේ වී රජයට අරගෙන, බලවත් හාල් මෝල් හිමියන් සමඟ හොඳ වෙළෙඳ සටනක් දී, රටට බත සැපයීම සිදුකළ හැකියි නේද ? එසේ කරන්නේ නම්, මේජර් ජෙනරාල්වරුන් දාගෙන මෙහෙම වැඩ කරන්න ඕනෑ වෙන්නේ නැහැ නේද ? හාල් මෝල් හිමියන්ට තිබෙනා ව්‍යාපාරික නුවණ රජයට හා ඇමැති වරයාටත්,නිලධාරී හා උපදේශක පැලැන්තියටත් නොමැති බව නේද මෙයින් පැහැදිලිව පෙනෙනා දෙය. දැන් ඔය හාල් ගන්න ජනතාවට සතොසේ පෝලිමේ වල දවස් කීයක් ඉන්නට වේවිද දන්නේ නැහැ.
Sunil Thursday, 09 September 2021 09:30 AM
තවත් මාධ්‍ය සංදර්ශනයක්.ජනතාව රැවටෙයි ඕවට
Jayasekara Thursday, 09 September 2021 10:06 AM
අනේ මන්දා නීති ගෙනාවම කියනවා ඇයි පරක්කු වුනේ කියල. හදන්න බැහැ අපේ මිනිස්සුන්ව. හොඳ දෙයක් හොඳ ලෙස දකින්න බැරි මිනිස්සු ඉන්නකන් රට දියුණු වෙයිද?
JAYATH Thursday, 09 September 2021 10:41 AM
රජගේත් රජගේ ඇම්බැට්ටයෝ ටිකෙත් කොන්දවල් වල දිග පළල මනින්න හොදම සිද්දියක් මේක . මෝල් කාරයෝ මාෆියාව ක් හදාගෙන අහිංසක මිනිස්සුන්ගේ බඩට කෙලින එක හරි ! මංගල කියපු දේවල් හරියටම හරි. අනේ සිරිමාවෝ ජේ ආර් නැත්නම් ප්‍රේමදාස එහෙමත් නැත්නම් රන්ජන් විජේරත්න වගේ නායකයෝ නැති කොට පෙරේදා ආණ්ඩුවේ ගුවන්විදුලියේම කියපු උපහැරණයක් කියනවනම් දැන් හංසයෝ වහන්න ඕන තැන්වල වහල ඉන්නේ " ලෙඩ කපුටෝ " ප්රශ්නය එකයි
kamal Thursday, 09 September 2021 11:59 AM
කුමන පැත්තක සිටියද නිවැරදි දේ අගය කල යුතුයි .එඩිතර නිලධාරියෙක් .කෙලින් තීරණ ගන්නෙක් . හරි දේ කරන කෙනෙක් ,අන් අයගේ අදහස් විමසා බලා අනවශ්‍ය දේ ඉවත් කර හරි දේ ලබා ගන්න කෙනෙක් ,කිසිවකුටත් බිය නොවන නියම සිංහල ලේ ඇති විරුවෙක් .
nimelenFriday, 10 September 2021 09:36 PM
අර කතාවක් තියෙනවා නේද කන්දක් විලි රුදාව හැදිලා මීයෙක් වැදුවා කියලා...
kamal Thursday, 09 September 2021 12:01 PM
අර අන්කල්ට අරක්කු සිගරට් බීඩි අඩුවට හම්බ වෙන්නේ නෑලු .ඒ නිසා ලංකාවේ හැම අසරණ මිනිහෙක්ම හාල් වැඩි මිලට අරගන්න ඕනෙලු .එත් ලංකාවේ චන්ද දායකයෙක් .
fairoos Thursday, 09 September 2021 12:48 PM
මේ කරන වැඩෙන් හාල් නිපදවීම නතර වෙලා පිටරටින් හාල් ගෙන්නන්න තමයි වෙන්නේ.
නලින් Thursday, 09 September 2021 01:05 PM
මහලොකු සන්දර්ශන දාලා ගෙනාවට ඔය හාල් ටොන් 1000 එක දවසකටත් මදි
lakvidu Thursday, 09 September 2021 03:11 PM
මට හිනා යනවා
Dayani Thursday, 09 September 2021 08:34 PM
ජනතාවගේ බඩගින්න හදුනන රජයට අපේ ප්‍රණාමය
sampath Thursday, 09 September 2021 10:42 PM
මේකට කරන්න තිබුනෙ රජයෙ ගබඩා වල තියෙන සහල් අඩු මිලට මුදා හැරීම ඒ ටික ඉවර වුනාම පාලන මිලක් ඇති කිරීම. හංගාගෙන දිගටම හිටියොත් ජනතාව ඕවා කඩලා එලියට ගනීවි.
Nalin Friday, 10 September 2021 04:21 PM
ලංකාවේ ඉන්න මිනිස්සු මිලියන 20න් භාගයකට එක දවසක එක වේලකට හාල් ටොන් 1650ක් වත් ඕනේ.. ඉතින් මේ ටොන් 1000 මොනවා කරන්නද?
nimelen Friday, 10 September 2021 09:35 PM
කොරෝනා නිසාලු කොරන්න බැරි.එතකොට මේ රටෙ පාරිභෝගික අධිකාරිය හිටියෙත් කොරොනා බල බල ද? එතකොට මේ රටේ එකී නොකී ඇමතිලා ඉන්නෙත් කොරොනා බල බල ද? එතකොට පලාත් සභාවලත් හිටියේ ඔක්කොම කොරොනා රාජකාරිද? මේ ලොක්කාට වරකට කරන්න පුලුවන් එක වැඩයි ද? ඒකත් හරියට කරන බවක් නන් පේන්න නෑ..කාලයක් ධම්මික පැනියක් පස්සේ ගියා.එහෙම ගිහින් මේ රටේ දේශීය වෙදකම බල්ලට දාලා දැම්මා.ඊට පස්සේ මුට්ටි පා කරා ගන්ගා වල...අන්න මුට්ටි වෙදාටත් දැන් කොරොනාලු...මේ ලොක්කා හොඳට කල එක වැඩක් පෙන්නන්න...මෙච්චර කල් යුද්දේ කලෙ මන් මන් ගගා වන්සේ කබල් ගගා හිටියා.දැන් නන් තේරෙනවා ෆොන්සේකා හිටියේ නැත්තන් යුද්දෙටත් දෙයියන්ගේ පිහිටයි..හාල් මිලවත් පාලනය කොරගන්න බැරි මිනිස්සු යුද්දේ කොරයි ද? ෆොන්සේකා හිටියේ නැත්තන් මුන් ටික දුවයි පස්ස නොබලා