(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජය තීරණයක් ගෙන නොතිබියදී ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා එම තනතුරෙන් වහාම ඉවත් කිරීමට උපදෙස්දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
පළිබෝධනාශක රෙජිස්ට්‍රාරවරයා ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මේ පුද්ගලයා ඊයේ දිනයේම එම තනතුරෙන් ඉවත් කිරීමට තමා උපදෙස් දුන් බව පැවසූ ඇමැතිවරයා ග්ලයිෆොසේට් තහනම යළි පැනවීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.
රසායන සමාගමකට අවශ්‍ය පරිදි පළිබෝධනාශක ගෙන්වීමට මෙයට පෙර කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ පුද්ගලයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් පළිබෝධනාශක ගෙන්වීමේදීද මේ පුද්ගලයා එක්තරා සමාගමකට පක්ෂපාතව කටයුතු කර ඇති බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවේය.
රසායන පොහොර සමාගම් සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් පසුගිය කාලයේදී කටයුතු කර ඇති බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
(යොහාන් භාසුර)
ග්ලයිෆොසේට් ඇතුළු පලිබෝධනාශක පහක් ප්‍රදේශ කිහිපයක භාවිතය සහ අලෙවිය තහනම් කරමින් 2014 වසරේ දෙසැම්බර් මස 22 වැනි දින නිකුත් කළ තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් පළිබෝධ නාශක රෙජිස්ටාර්වරයාට එරෙහිව විනය පියවර ගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දිානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් දී ඇති බව වාර්තා වේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේග ජයසිංහ මහතා ගෙන් කරුණු විමසා ඇතැයි ද දැනගන්නට තිබේ.
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සි
ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා තනතුරෙන් ඉවතට
සෙනෙවිරත්න Tuesday, 23 November 2021 10:41 AM
එතුමට මෙම උපදෙස කවුරුවත් දුන්නද? නැත්නම් තමන්ගෙ හිතුමතයට ගනිපු තීරණයක්ද? මොනව උනත් රටක නායකත්වයක් නැති බවයි පෙනෙන්නෙ මේ වගේ දේවල් වලින්
පැරකුම් Tuesday, 23 November 2021 10:53 AM
රෙජිස්ට්‍රාර් වරය හිතුමතේ කලා වෙන්න බෑ ඉහලින් දීපු උපදෙසක් අනුව කරන්න ඇති කවුද දැන් අපේ රට පාලනය කරන්නෙ? හරිම අවුලක් අගේට තිබුනු රටකට ගිය කලක්…!
ජයන්ත Tuesday, 23 November 2021 11:13 AM
මේක දෙපාර්ශවයම සාකච්ඡා කරල කරන නාට්‍යක්. දේශප්‍රේමී ආණ්ඩුවක් බව පෙන්නීමට.
sudath Tuesday, 23 November 2021 11:18 AM
රටට අබ සරණයි
Vithana Tuesday, 23 November 2021 02:03 PM
එහෙම චෝදනා තියෙන කෙනෙක්ව ඒ තනතුරේ තියා ගත්තේ ඇයි? අපි ඔටුවෝ කියලයි මහින්දානන්ද හිතන් ඉන්නේ.
jagath Tuesday, 23 November 2021 03:30 PM
කෘෂිකර්ම ඇමැති වෙන්න මහින්දානන්දට තියෙන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
ගමේ එකාලා Tuesday, 23 November 2021 09:34 PM
සුදුසුකම් තියෙන අයද, ආණ්ඩුවේ ඉන්නේ...? හොරකම, වන්චාව, බොරුව, කපටිකම, ඒ සුදුසුකම් තිබුණාම මදෑ...
PereraTuesday, 23 November 2021 11:26 PM
ඔබ මේ හරකුන්ව දැකලා තියෙනවාද?
සිල්වා Wednesday, 24 November 2021 11:53 AM
පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරන උත්තරීතර ස්ථානය යි. මහජනතාව එම ගරු සභාවට යැවිය යුත්තේ එම කාර්යය භාරය හරි හැටි ඉටු කළ හැකි තැනැත්තන් බව තේරුම් ගත යුතුය. එය එසේ සිදු නොවන නිසයි රට අද මෙම තත්වයට පත්ව ඇත්තේ.
Perera Tuesday, 23 November 2021 11:35 PM
කතන්දරේ වැඩිවිස්තර යූ ටියුබ් නාලිකාවෙන් බලාගන්න පුළුවන් වේවි.