IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පුළුවන් වෙලත් වැටුප් නොදෙන වතු මට්ටු කරන්න නීතියක්

(අංජුල මහික වීරරත්න)

හැකියාව තිබියදීත්  වතු කම්කරුවන් වෙත නියමිත වැටුප නොගෙවන  ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ රජය එළඹ ඇති ඉඩම් බදු ගිවිසුම් අවලංගු කිරීම පිණිස අවශ්‍ය නීති පැනවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

ජීවන වියදම සහ මෑත කාලීනව රටේ පැන නැගී ඇති ආර්ථික අර්බුදයේ බලපෑම් කෙරෙහි නිසි සැලකිල්ලක් යොමු කරමින් වතු කම්කරුවකු සඳහා දිනකට ගෙවිය යුතු වැටුප තක්සේරු කරන ලෙස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්ට 2024-05-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් දී ඇතැයි රජය පවසයි.

එමෙන්ම, එකී වැටුප ගෙවීම සඳහා එක් එක් ප්‍රාදේශීය වතු සමාගම් සතුව පවතින හැකියාව නිශ්චය කිරීම පිණිස කමිටුවක් පත් කිරීම සඳහා ද එම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ තිබේ. එකී කමිටුවේ නිර්දේශ මත පදනම්ව හැකියාව තිබියදීත්  වතු කම්කරැ වැටුප නොගෙවන වැවිලි සමාගම්වල බදු ගිවිසුම් අවලංගු කිරීමට නියමිතය.



අදහස් (4)

පුළුවන් වෙලත් වැටුප් නොදෙන වතු මට්ටු කරන්න නීතියක්

සුපුන් චාමර Wednesday, 10 July 2024 10:26 AM

මුන් අනුන්ගේ කම්පැනිවල ඉන්න මිනිස්සුන්ට පඩි වැඩි කරන්න කියලා ගේම. ආණ්ඩුවේ මිනිස්සු පඩි වැඩි කරන්න කියල කියද්දි ඒවට සල්ලි නැහැලු. ඔත්න තනිකර තියෙන්නෙ වතු දෙමළ ඡන්ද ගන්න තියෙන මල පෙරේත කමක් මිසක් ඒ මිනිස්සු ගැන තියෙන ආදරයක් නෙමෙයි

:       3       20

සොරිසේන Wednesday, 10 July 2024 10:49 AM

කාටද මේ සුරංගනා කතා කියන්නේ? කැබිනට් එකේ ඉන්නේ හරක්ද? එහෙම ගිවිසුම් අවලංගු කරනකොට ඔය සමාගම් වලට වන්දි ගෙවන්න වෙන බව කැබිනට් බබාලා දන්නේ නැද්ද? රජයේ සේවකයාට පඩි වැඩි කරන්න සල්ලි නැති ආණ්ඩුව ඔය බිලියන ගණන් වෙන වන්දි ගෙවන්නේ ඒ ගෙවල් වලින් ගෙනත්ද? අනික තමයි, ඔය විදිහට පුද්ගලික අංශයට තග දැම්මාම ජාත්‍යන්තර Ease Of Doing Business Index එකේ Ranking එක තවත් පහළ ගියාම කොහෙන්ද විදේශ ආයෝජන එන්නේ? මොවුන් බබාලා වගේ ඔය මරි මෝල් ගොන් තකතීරු කතා කියන්නේ නූගත් අසරණ වතු සේවකයෝ තවත් පාරක් රවට්ටලා ඔවුන්ගේ ඡන්දය තවත් පාරක් කොල්ල කන්න. වතු සේවකයාගේ පඩිය අනිවාර්යයෙන් වැඩිවිය යුතුයි.. එත් ඔය ආණ්ඩු බබාලා කියන ආකාරයට වඩා ක්‍රමාණුකුල ආකාරයකට. හොඳම කරුණ තමයි දේශපාලුවෝ ටික මේ ඔක්කෝම දන්නවා... ඒත් ඡන්දයක් ළඟ ළඟ එන නිසා වලන් කඩේට පැනපු හරක් වගේ රඟපානවා.

:       0       5

Senarath Wednesday, 10 July 2024 12:59 PM

දැනට පවතින තේ දලු මිලට අනුව වතු කම්කරුවකුට රුපියල් 1700 ක් දෙන්න බෑ කියන එක පැහැදිලිනේ. රජය වතු හිමිකරුවන් සමාගම් සමඟ සාකච්ඡා නොකර හිටියාම වැටුප රුපියල් 1700 ක් කිව්වාම ඡන්දෙට දෙන කැරට් අලයක් විදියට තමයි. මේක තොන්ඩමනුත් දන්නවා ඇති. දලු කිලෝවක් කඩන්න රුපියල් 100 ක් වියදම් වෙනකොට කොහොමද වතු පවත්වාගෙන යන්නේ? වතුකම්කරුවන්ට රජයෙන් යම් සහන මිලට යමක් දෙනවා කිව්වානම්, එක කරන්න පුළුවන් කියලා හිතන්න තිබුණා.

:       0       7

kusal Wednesday, 10 July 2024 01:43 PM

1700 දක්වා වැටුප වැඩිකලොත් වැඩි කල් යන්න ඉස්සෙල්ලා වතු පාඩු පිට වහලා මේ මිනිස්සුන්ට තියන රැකියාවත් නැති වෙනවා .හරක් වගේ චන්දයක් කිට්ටු වෙලා කෑ ගහන්නේ නැතිව ටිකක් හිතලා කතා කරපල්ලා කියලා ලොකු හරක්ට කියනවා

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

මහේස්ත්‍රාත් නිල නිවසේ ආරක්ෂකයා බීලා වැටිලා
2024 සැප්තැම්බර් මස 25 9 0

මහේස්ත්‍රාත් නිල නිවසක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු පොතුවිල් මුහුදු මහා විහාරයට යන මාර්ගයේ වෙළඳ සලක් අසල බීමතින් වැටී සිටියදී අත්අඩංග


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 749 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1678 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1619 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 403 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 661 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24316 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site