(යොහාන් භාසුර)
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව තිබීම රටේ අනාගතයට ඉතාම වැඳගත් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (21) පැවසීය.
පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (21) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ටිල්වින් සිල්වා මහතා එසේ පැවසීය.
පළාත් පාලන ආයතනවල බලය වෙනත් පිරිසකට ගියහොත් ආණ්ඩුවේ වැඩ කලාකප්පල් කිරීමට විරුද්ධවාදීන්ට අවස්ථාව ලැබෙන බවත් ආණ්ඩු දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම, ජනතා සේවයට මුදල් වෙන්කිරීම ආදි ආරම්භ කළ රටට වැඩදායි දේවල් සාර්ථකව ඉදිරියට ගෙන යෑමට පළාත් පාලන ආයතනවල බලය ඉතාම වැඳගත් බවත් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
මාලිමාව ජනාධිපතිවරණය ජයගෙන, මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලබා ප්‍රබල තත්වයක පසුවීම නිසා පුංචි ඡන්දය ද ජයග්‍රහණය කරන්නේ යැයි හොඳ විහ්වාසයක් ඇති බව කී ටිල්වින් සිල්වා මහතා විපක්‍ෂය මීට මාස පහකට පෙර පරාජයට පත්ව දුර්වලවී නාමයෝජනා හෝ සකස් කරගැනීමට නොහැකි තත්වයක පසුවූ බව ද සඳහන් කළේය.
ඇතැම් පක්‍ෂ දෙකයිපනහටම වැටී දේශපාලන වශයෙන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ ඒවා බවත් ඒ හේතුවෙන් මාලිමාව මෙම මැතිවරණයේදී සියලුම පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරන්නේ යැයි කිසිඳු සැකයක් නොමැති බවත් ඔහු පැවසීය.
මෙම පළාත් පාලන මැතිවරණය රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්‍ෂලා ප්‍රජාතන්ත්‍රවිරෝධීව නොපවත්වා කල්දැමූ ඡන්දයක් බවත් මෙම ඡන්දය නොපැවැත්වීමට කටයුතු කළ කණ්ඩයමක් නිසා ඔවුන්ට සදාචාරාත්මකව ඡන්දයට ඉදිරිපත්වීමට හෝ අයිතියක් නොමැති බවත් ඒ මහතා කීය.
මෙම මාධ්‍ය හමුවට ජාතික ජනබලවේගයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍ර
ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය (2025) වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය.
සංවිධානාත්මක අපරාධකරුවන් මුවාවෙන් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනකු ගිනි අවි සහ උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර ප
ජනාධිපති ධුරයට පත් වූ පසුවත් තමාට ලැබුණු මන්ත්‍රී විශ්‍රාම වැටුප අවශ්‍ය නොවන බව කියා තමා ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලි
ලාංකේය සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගෙන යාමේ අරමුණ සහිතව ඔහු වෙනස්ම ආකාරයේ නිර්මාණයක් තමන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය සඳහා යොදාගත් අතර, එය මෙරට මෙන්ම
රටම ආවරණය වන පරිදි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10 ක් සමගින් ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් ඉදිරිකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල්
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
අරියදේව හිමි Friday, 21 March 2025 05:49 PM
පළාත් පාලන ආයතන වල බලය මාලිමාවට දෙන්න කලින් දීපු බලයෙන් කෝ කියපුවා කරේ නැහැනේ... අර අම්බලන්ගොඩ නයිදු මරලා දැම්මා. මළමිනිය තියාගෙන මාසයක් විතර දේශපාලනය කළා. නලින් කිව්ව ඝාතකයා මේ ළඟ ළඟම ඉන්නවා කියලා. කෝ දැන් සද්දයක් වත් නැහැනේ. ඒ සහෝදරයා ඉස්පිරිතාලෙත් ඉඳගෙන හිටියේ කකුල්වලට මාංචු දාලා. ඒ ඡායාරූපය තවමත් ඒ ගෙදර තියෙනවා. කෝ මේවා ගැන සද්දයක්වත් නැතිව දැන් තවත් ඡන්දයකට බලය ඉල්ලන්නේ මොකද? ඕනෑම දෙයක සදාචාරයක් තියෙනවා. ගත්තු ණය ගෙවලා තමයි තවත් ණයක් ඉල්ලන්න ඕනෑ. ටිකක් මේ ගැන හිතන්න. පහසුවෙන් කරන්න පුළුවන් දේවල් වත් නොකරන එකයි දුක...
ABFriday, 21 March 2025 08:02 PM
පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ ලැබුනහොත් මන්ත්‍රීවරු 8000කට වැටුප් සහ කාර්යාල පහසුකම් සැපයීමට මුදල් සොයාගන්නේ කෙසේද? IMF සමග ඒ පිළිබඳ එකඟත්වයකට පැමිණියේද ?
යෝගා Friday, 21 March 2025 05:53 PM
මෙයා හිතාගෙන ඉන්නේ එයා ලංකාවේ හෝ චි මින් කියලා. මේ 2025 ටිල්වින් සීයේ, පරණ තියරි හරියන්නේත් නෑ බොරු කියලා බේරෙන්නත් බෑ. තාක්ෂණයත් දියුණුයි. සමාජ මාධ්‍ය එමටයි...
Nandana Friday, 21 March 2025 06:25 PM
බලය තාවකාලිකයි සහෝදරයා. ඒකට පුරුදු වෙන්න.
මිලානෝ වැසියා Friday, 21 March 2025 07:04 PM
ගමේ බලයත් මාලිමාවට දුන්නොත් මේ උද්දච්ච ආණ්ඩුවෙන් මොකුත් කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ උද්දච්ච ආණ්ඩුවට පාඩමක් උගන්වන්න ගමේ බලය වෙනත් පාර්ශවයකට ලබා දිය යුතුයි. එහෙම උනොත් කියපු පොරොන්දු ඉටු නොකර ඉදිරියට පැවැත්මක් නැති බව මොවුන් වටහා ගනීවී.
Dilshan Friday, 21 March 2025 07:18 PM
ඔක්කොමලා බොරු නේ බන් කියන්නේ, කරනවා කියපුවා කෝ දැන්...?
Neel Friday, 21 March 2025 08:01 PM
බල්ලෝ බිරුවාට කඳු පවත්වන්නේ නැහැ කියලා කියමනක් තිබෙනවා අහලා තියෙනවාද?.. මාලිමාව එකේන්ම දිනනවා, මේ ටික දවසකට කරපු හරිය කරන්න පසුගිය ආණ්ඩුවලට අවුරුදු 20 කට අධික කාලයක් ගත වුණා. මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා මාලිමාවට පළාත් පාලන ආයතනවල බලය අනිවාර්යයෙන්ම ලබාදීම පිළිබඳව කව්රුත් කිසිම සැකයක් තියාගන්න එපා...
Roma Friday, 21 March 2025 08:06 PM
ඔව් ඔව්. මාලිමාවටම ඒ මන්ත්‍රී තනතුරු ටිකත් දෙන්න. එතකොට එයාලට හම්බවෙන දීමනාවලුත් අපේ පක්ෂයේ අරමුදලට දාගන්න පුළුවන් වෙයි.