IMG-LOGO

2024 නොවැම්බර් මස 04 වන සඳුදා


පැෆරල් ඡන්ද නීති හදන කමිටුව ඉදිරියේ

(සුජිත් හේවාජුලිගේ)

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය  නොහොත්  පැෆරල් සංවිධානය මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් යෝජනා ලබා ගැනීම සඳහා මැතිවරණ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට පත් කර ඇති  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට හෙට (14) පස්වරුවේ කැඳවා ඇත.

පැෆරල් සංවිධානය මෙරට මැතිවරණ නිරීක්ෂණය කරනු ලබන ප්‍රධාන සංවිධාන අතර එකකි.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ කාරක සභාව  පාර්ලිමේන්තුවේදී හෙට (14)පස්වරුවේ රැස් වීමට නියමිතය .

එහිදී කාරක සභාවේ ආරාධනයෙන්  නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාකාරීත්වයේ (පැෆරල්) නියෝජිතයන් විසින්  මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා තම යෝජනා ඉදිරිපත් කෙරෙනු ඇත.

මේ අතර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ රැස්වීම්වලට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු එම කොමිසමේ නිලධාරීන් කැඳවීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ යෝජනාවට කාරක සභාවේ අනුමැතිය හිමිව ඇතැයි එහි ලේකම් සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

මෙයට අමතරව කාරක සභාවේ සෑම රැස්වීමකටම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සහභාගී කර ගැනීමට කාරක සභාව තීරණය කර ඇති බවද රෝහණදීර මහත්මිය සඳහන් කළාය.

මේ අතර   පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනා ඉදිරිපත් කිරීම සඳහා දේශපාලන පක්ෂවලට ලබාදී තිබූ කාලය ලබන ජුලි 15 වැනිදායින් අවසන්  වන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. 



අදහස් (0)

පැෆරල් ඡන්ද නීති හදන කමිටුව ඉදිරියේ

ඔබේ අදහස් එවන්න

දියත

ලොහාන්ගේ රිය ගැන තවත් තොරතුරු එළියට
2024 නොවැම්බර් මස 04 503 0

නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්


වලානෙන් හිටපු මන්ත්‍රී සේමසිංහගේ නිවෙස පරීක්ෂා කරයි
2024 නොවැම්බර් මස 04 673 0

එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 235 0

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


හිටපු දේශපාලකයන් 4ක් රජයේ බංගලා බාරදී නෑ
2024 නොවැම්බර් මස 04 608 0

හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන


ජාජබ ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා පමණයි
2024 නොවැම්බර් මස 04 638 0

ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද


’’විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය නෑ’’
2024 නොවැම්බර් මස 04 650 0

විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 388 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 685 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site