(සුජිත් හේවාජුලිගේ)
නව වැටුප් සංශෝධන යටතේ පාර්ලිමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලයන්හි දීමනා සියයට 70 සිට සියයට 39 දක්වා අඩු කිරීමෙන් පාර්ලිමේන්තු සේවකයන් තුළ බරපතළ නොසන්සුන්තාවක් මතුව තිබෙන බව වාර්තාවේ.
මෙම දීමනා කප්පාදුව හේතුවෙන් එම සේවකයන් ඉදිරි දිනවල දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වන බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනා අඩු කිරීම සම්බන්ධයෙන් ඔවුන් දැනටමත් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පැමිණිලි කර ඇත.
අතිකාල දීමනා නොමැතිකම මෙන්ම වැටුප් විෂමතා හේතුවෙන් පසුගිය රජයන් ගණනාවක්ම පාර්ලිමේන්තු සේවකයන්ට මෙම විශේෂ දීමනා කාලයක් තිස්සේ නොකඩවාම ලබා දී තිබූ බව පැවසේ.
දීමනා කප්පාදුවට එරෙහිව ඉදිරියේදි පාර්ලිමේන්තු සේවකයින් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමටද සූදානම් වන බව දැනගන්නට ඇත.
පෙට්‍රල් මිල අඩුවුවද ත්‍රිරෝද ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා මහ
වන අලි ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල් වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබා දීමට
ජාතික අලුත් සහල් මංගල්‍ය අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අභියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (4) පෙරවරු 7.30ට පැවැත්වෙයි.
අස්වැසුම පොරොත්තු ලේඛනයේ පවුල් වෙනුවෙන් සහන මිලකට ආහාර පැකේජයක් ලබාදීමේ වැඩපිළිවෙළ අද(1) සිට ඇරඹේ
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ විමර්ශන සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කර ඇති බව ඔහ
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) පෙට්‍රල් මිල ‘සිපෙට්කෝ’ මිලට සමාන කළ බව එම සමාගම පවසයි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
පාර්ලිමේන්තු සේවක දීමනා බරටම කපලා
බටලන්දේ ප්‍රේමවතී Sunday, 30 March 2025 08:52 AM
පාර්ලිමේන්තුවේ වැඩ කරන්න ඕන තරම් සූදානමින් එලියේ අය ඉන්නවා. පන්දමට රස්සා ගත්තු, විශේෂයෙන්ම රාජපක්ෂලගෙ බැලයෝ, එලවලා පක්ෂ පාට බලන්නැතුව කට්ටිය බඳවගන්න. වැඩත් ලස්සනට යයි..
Edward Sunday, 30 March 2025 06:12 PM
අංගොඩ රෝහලෙන් පැනපු පිස්සෙක් හෝ පිස්සියක් වුනත් ඉදිරිපත්කල අදහස නම් ඉතාමත් නිවැරදියි පාර්ලිමේන්තුව ආරම්භ කල දිනයේ සිට සාමාන්‍ය ජනයාට එහි රැකියාවකට යන්න ලැබුනේම නැහැ හැමදාම බදවා ගන්න ඇත්තෙ හිටපු එවුන්ගෙ නෑයො වගේම දේශපාලුවන්ගෙ හෙංචයියො වෙන්න ඇති.එහෙම කියන්නෙ කිසිදාක විවෘත තරග විභාගයකින් එතැනට බදවා ගැනීම කිරීමට (මෑතකදී සිදුකල අයදුම්පත් කැදවීම හැර) අයදුම්පත් කැදවීමක් දැකලම නැහැ ඔය අඩුකලා කිව්වට තවමත් ඔවුන් ලබන වැටුප් හා දීමනාත් ලැබෙන පහසුකම් රජයේ ඉහලම තනතුරක් දරණ අයෙකු ලබනවාට වැඩි ඇති.
සෙනෙවිරත්න Sunday, 30 March 2025 02:04 PM
දැන් අඩුවට කෑම නැති නිසා අමාරුව තවත් වැඩි ඇති.
පිටිගල මිලානෝ Sunday, 30 March 2025 02:36 PM
පල නොකියා පළා බෙදන්න ඔය බත්බැලයොන්ට. අළුත් තරුණ නිලධාරින් අඩුදීමනා යටතේ බදවා ගන්න. ඕකේ ලොකුම පුටුවල ඉන්නේ රාජපක්ෂ සුරතලුන්…
සුනිල් වටගල Sunday, 30 March 2025 04:26 PM
පාර්ලිමේන්තුවේ විධායක ඉහළ කාර්ය මණ්ඩලය හැමදාම ඉහළ වැටුප් සහ වරප්‍රසාද සෙසු සමාන්තර රාජ්‍ය සේවයට සහ තම රාජකාරී ක්ෂේත්රයට පරිබාහිරව අයථා ලෙස භුක්ති විඳිමින් සිටිනවා. එම වරප්‍රසාද කප්පාදු කිරීම සහ සියලුම සේවකයන්ට නොමිලේ පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ලබා දෙන ආහාර සඳහා බදු ගෙවන මහජනතාවගේ අති විශාල ධනස්කන්ධයක් පාර්ලිමේන්තු සේවකයන් පමණක් භුක්ති විදීම අතිශය ලැජ්ජා සහගතය. මේවා නැවත්වීමට ආණ්ඩුවට පිට කොන්ද තිබිය යුතුය.
Rashad Sunday, 30 March 2025 06:00 PM
ඔවුන් දැනටමත් අන් අයට නොලැබෙන බොහෝ පහසුකම් , වරප්‍රසාද ගන්නවා . ඔවුන් වැඩ වර්ජනය කළහොත්, ඔවුන්ව සේවයෙන් පහ කර, රැකියා විරහිත උපාධිධාරීන්ට සහ අනෙකුත් සුදුසුකම් ලත් තරුණයින්ට එම රැකියා ලබා දෙන්න, ඔවුන්ට වඩා හොඳ සේවයක් ලබා ගත හැකි බව මට විශ්වාසයි.