IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පාර්ලිමේන්තුව විසුරුවයි

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.

විසුරුවා හැරීමට අදාළ ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු ගැසට් නිවේදනයද නිකුත් කෙරිණ.

මේ අනුව පාර්ලිමේන්තු මැතිවරණය ලබන නොවැම්බර් මාස 14 පැවැත්වෙන අතර ඒ සඳහා නාම යෝජනා කැඳවීම ඔක්තෝබර් මස 4-11 අතර සිදු කෙරේ. නව පාර්ලිමේන්තුව කැඳවීම දිනය වන්නේ නොවැම්බර් 21 යි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග එහි සියලුම මන්ත්‍රීවරුන්ගේ ධූර අහෝසිවී යන්නේය.

ජනාධිපතිවරයා විසින් මෙසේ විසුරුවා හැරුණේ මෙරට නව වැනි පාර්ලිමේන්තුවයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ අත්සන් තැබීය.

පාර්ලිමේන්තුව විසුරුවා හරිනු නොලැබුවේ නම් එහි කටයුතු ලබන වසරේ අගෝස්තු මාසය දක්වා කරගෙන යාමට ඉඩ ප්‍රස්ථාව තිබිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් දින දහයකින් පසු දින හතක් ඇතුළත නාම යෝජනා කැඳවිය හැකිවේ. එමෙන්ම ගැසට් නිවේදනය නිකුත් කර දින 52ත් 66ත් අතර කාලයේදී මැතිවරණය පැවැත්විය යුතු බව සඳහන්වේ.

 



අදහස් (5)

පාර්ලිමේන්තුව විසුරුවයි

මේනකා Wednesday, 25 September 2024 07:32 AM

රනිල් පලාත් පාලන මැතිවරණය පවා කල් දාල රටේ ආර්ථිකය ස්ථාවර කලා. මෙයාලට අවශ්‍ය තැටිය රත් වෙලා තියෙන වෙලේ රොටිය පුච්චා ගන්න. ආර්ථිකය ගැන මෙලෝ තැකීමක් නැහැ.

:       1       0

Nilame Wednesday, 25 September 2024 07:32 AM

නුවණක්කාර තීරණයක් කියන්න පුළුවන්. 2015 යහපාලනය ආරම්භ කල දිනවල දින 200 අටමගලයක් අටවා නොගෙන එදාත් පාර්ලිමේන්තුව විසුරුවා කටයුතු කලා නම් 2019 රටේ අරගලය ඇති නොවෙන්න තිබුනා 2002 කාලයේද දින සීයේ අත්දැකීම් නොසලකා 2015 කටයුතු කිරීමේ විපාක තමයි 2019 සිදුවුණේ දැන් ඉතින් සමගියක් නැති සමගියට අකමැති සජබ හා අනෙකුත් පක්ෂ වලට කණ්ඩායම් එකතුකර නාමයෝජනා සකසා ගන්නවත් දැන් කාලයක් නැහැ.

:       0       1

fairoos Wednesday, 25 September 2024 10:58 AM

ජනාධිපති ඡන්දේ වගේම ජනතාව ඡන්දේ පාවිච්චි කරයි කියලා හිතෙනවා.

:       0       9

m. saman perera Wednesday, 25 September 2024 11:04 AM

නැවතත් පාර්ලිමේන්තුවට කන් ඇහෙන්නේ නැති, හම රැලි වැටුණු නාකි හරක් පත් කරගන්න එපා.

:       0       11

Ravi Wednesday, 25 September 2024 11:42 AM

මහමැතිවරණයට හොරු ටික ඔක්කොම එකතුවෙලා ආයි බලය අල්ලගන්න හදන්නේ. ඒ කුමන්ත්‍රණය පරාජය කරන්න ඕනේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 176 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1137 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 221 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 452 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 368 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 613 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36776 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24300 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site