IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


පිල්ලෙයාන් හමුවීමට ගියේ ඇයි, ගම්මන්පිල හෙළිකරයි

(යොහාන් භාසුර)

කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළ තමන්ට සළකන්නේ මෙහෙමදැයි පිල්ලෙයාන් හඬා වැටෙමින් කඳුළු සළමින් පැවසූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (16) පැවසීය.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු සහ නැගෙනහිර පළාත් හිටපු මහ ඇමතිවරයකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී හමුවීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය මාධ්‍ය හමුවක් පවත්වමින් අද (16) මෙසේ පැවසීය.

එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“එදා කොටියාගේ පැත්ත අරන් සටන් කරපු සමහරු අද පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තව සමහරු ව්‍යාපාරිකයන්, තවත් සමහරු එන්ජීඕ ප්‍රධානින්. ඒ අය කිසිම ප්‍රශ්නයක් නැතිව සමාජයේ ජීවත් වෙනවා. මම බොරු නඩුවකට රැඳවුම් නියෝග යටතේ අවුරුදු පහක් ඇතුලේ හිටියා. අන්තිමට සාක්ෂි නැතිව නඩුව හකුලා ගත්තා. දැන් ආයෙත් ඇතුළට දැම්මා. රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ යැයි ඔහු ප්‍රශ්න කළා.

මම අද මේ පවත්වන මාධ්‍ය හමුව ජීවිතයේ කිසිම දිනක පැවැත්වීමට බලාපොරොත්තු නොවූ මාධ්‍ය හමුවක්. මම පිල්ලෙයාන් හමුවුණේ දේශපාලකයකු ලෙස නොවෙයි. නීතිඥයකු ලෙයසි. මම මගේ දේශපාලන ජීවිතයත් වෘත්තීය ජීවිතයත් ඉරක් ගහලා වෙන් කරගෙන කරන්නේ. ඒ නිසා මම සීඅයිඩියට යෑමට පෙරවත් යෑමෙන් පසුවත් මාධ්‍යයන්ට ඒ ගැන කිව්වේ නෑ. මම පිල්ලෙයාන් හමුවුණු බව මාධ්‍යවලට කියන්න එපා කියලා සීඅයිඩී පරිපාලන ස්ථානාධිපති මගෙන් ඉල්ලීමක් කළා. එතකොටත් මම “බය වෙන්න එපා. මම නීතිඥ ආචාර ධර්ම දන්නවා” කියලා එතුමාට කිව්වා.

නමුත් ඊළඟට සිදුවුණු දේ තමයි පොලිසිය ඉතිහාසයේ කවදාවත් නොවුණු අයුරින් දේශපාලනිකරණය වෙලා කියන එකට හොඳම නිදසුන.

මම සීඅයිඩිය ඇතුලේ ඉන්න අතරේ සමාජ මාධ්‍යවේදීන් මගේ පැමිණීම ගැන වාර්තා කරලා ඉවරයි. ඔය අතරේ සිඅයිඩියේ සිටින උප පොලිස් පරික්ෂකවරයකු වන ඒ.එල්.එම්. ෆාහිම් මාගේ පැමිණීම ගැන ඔහුගේ මතය සමාජ මාධ්‍යවලත් දානවා. මීට කලින් පොලිස් නිලධාරින් මෙහෙම හැසිරිලා තිබෙනවාද? යම් රැඳවියකුගේ නීතිඥයා කවුද බලන්න ආපු අය කවුද වැනි කරුණු මීට කලින් මෙහෙම වාර්තා වෙලා නෑ. පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සමාජ මාධ්‍යවලට තොරතුරු මුදලට විකුණන බවටයි අපට තොරතුරු තිබෙන්නේ. ඒ නිසා තෝරාගත් සමාජ මාධ්‍යවලට පමණක් සීඅයිඩියේ තොරතුරු ලැබෙන්නේ කෙසේද කියා වහාම විමර්ශනයක් ඇරඹිය යුතුයි. එතකොට මේ ජාවාරම හෙලිකරගන්න පුළුවන්.

මේ ආණ්ඩුවේ නායකයන් රටේ නීතිය අමුඅමුවේ උල්ලංඝණය කරමින් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන ඉන්නවා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ යමෙක් අත්අඩංගුවට ගත්තාම අත්අඩංගුවට ගැනීමට හේතුව දක්වලා ලේඛණයක් ඥාතින්ට භාර දෙන්න ඕනි. ඒක කලේ නෑ. ඒ වගේම නීතිඥවරයකුට ඔහු සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ඉල්ලුවොත් ඒක ලබා දෙන්න ඕනි. ඒකත් ප්‍රතික්ෂේප කළා. ඒ වගේම පවුලේ ඥාතින් සමග කතා කිරීමට අවස්ථාව ලබාදිය යුතු වුවත් ඒක කළෙත් නෑ.

පිල්ලෙයාන්ගේ නීතිඥයා මගේ මිත්‍රයෙක්. ඔහුගේ කණිෂ්ඨ නීතිඥයකු පිල්ලෙයාන් බැලීමට අප්‍රේල් 9 දා අවස්ථාව ඉල්ලුවත් ඒක සීඅයිඩිය ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ බව මට කිව්වාම මම පිල්ලෙයාන්ගේ ඥාතින් පසුගිය 12 දා මගේ කාර්යාලයට ගෙන්වා ගෙන කතා කරලා තොරතුරු ලබා ගත්තා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාවට මම දුරකතනයෙන් කතා කරලා පිල්ලෙයාන්ගේ නීතිඥයාටවත් ඥාතින්ටවත් පිල්ලෙයාන් සමග කතා කරන්න දීලා නෑ. නමුත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 10අ(1) වගන්තියෙන් නීතිඥවරයකුට රැඳවියා හමුවන්නත් 10අ(2) වගන්තියෙන් ඥාතින් සමග කතා කිරීමටත් නීතියෙන්ම අයිතිය දීලා තිබෙන බව පෙන්වා දුන්නා. ඒ බව පවසලා පිල්ලෙයාන්ගේ දැන් නීතිඥයා මමයි මට ඔහු සමග කතා කරන්න අවස්ථාව ඕනෑ කියලා කිව්වා. එතකොට ලිඛිතව ඉල්ලීමක් කළොත් ඉහළ නිලධාරින්ට දැනුම් දීලා තීරණයක් දෙන්නම් කියලා අධ්‍යක්ෂතුමිය කිව්වා. මම අදාළ නීතිමය විධිවිධාන සඳහන් කරමින් ලිඛිතව ඉල්ලීමක් කළා. ඉල්ලීම කරලා පැය තුනක් ඇතුළත අධ්‍යක්ෂතුමිය මට අප්‍රේල් 13 දා උදෑසන 10ට සීඅයිඩියට එන්න කියලා දැනුම් දුන්නා. දුරකතනයෙන් කතා කළ වහාම කතා කිරීම ගැනත් මගේ ලිඛිත ඉල්ලීමට ඉක්මන් ප්‍රතිචාර දැක්වීම ගැනත් සීඅයිඩී අධ්‍යක්ෂතුමිය මගේ ප්‍රණාමය පුද කරනවා.

මම පිල්ලෙයාන් සමග විනාඩි 30ක් පමණ කතා කළා. මා කතා කරන අවස්ථාවේ එතැන පොලිස් නිලධාරින් හතරදෙනෙකු සියල්ල අසාගෙන හිටියා. එක්කෙනෙක් කියන ඒවා ලියා ගත්තා. සාමාන්‍යයෙන් සැකකරුවෙකු තමන්ගේ නීතිඥයා සමග කරන සාකච්ඡා රහසිගත විය යුතුයි. ඒ බව මම පෙන්වා දුන්නත් පොලිස් නිලධාරින් එතැන රැඳිලා හිටියා. නමුත් එතැන හිටිය එකෙන් මා කියන දෙයට දැන් සාක්ෂිකරුවන් හතර දෙනෙක්ම ඉන්නවා.

 



අදහස් (7)

පිල්ලෙයාන් හමුවීමට ගියේ ඇයි, ගම්මන්පිල හෙළිකරයි

කව්ද බෝයි Wednesday, 16 April 2025 02:49 PM

පිස්සු කෝච්චියක්. පුවතෙන් ගම්‍යවෙන්නේ, බලෙන් පිල්ලෙයාන්ගේ නීතිඥයා හැටියට ප්ලග් වෙච්චි බව...

:       14       51

ගුණරත්න Wednesday, 16 April 2025 03:02 PM

මේ ආණ්ඩුව නිව්ස් නැතිව වේලෙනවා. ඔවුන් පොරොන්දු වුණු කිසිම දෙයක් කරගන්න බැරි තැන පරණ කාලේ දේවල් අදාල ප්‍රවෘත්ති මැවීම තමයි මේ කරන්නේ. එතකොට මිනිස්සුන්ගෙත් අවධානය වෙනස් වෙනවා. හැබැයි ඔය තක්කඩිකමට වැඩි ආයුෂක් නැහැ.

:       62       23

ArunaThursday, 17 April 2025 10:49 AM

මුං තමයි මේ රටට ශාපය එදා ඉදන් කලේ අලුගුත්තේරු වැඩමයි එදා සරත් ෆෝන්සේකා දේශදෝහියෙක් කියල හිරේ යවන්න කියල කිව්වේ ඕක තමයි දැන් ඕකට පිල්ලෙයාන් දේශපේමියෙක් වෙලා මුං ජීවත් වෙන්නේ ඔහොම තමයි අනුන්ගේ රෙද්දවල් කියල රට අවුලල නැත්නම් මුට රට ගැන කිසි කැක්කුමක් නෑ

:       0       1

සෙනෙවිරත්න Wednesday, 16 April 2025 03:41 PM

එහෙම නම් යුද්ධය ඉවර කරපු රාජපක්ෂලාට 2022 අර්බුදය වෙලාවේ පිටුපෑවේ ඇයි? හරි නම් අමාරු අවස්ථාවල මොන වරද තිබුණත් එකට ඉන්න එපායෑ ඔය කැක්කුම තිබුණා නම්...!

:       8       38

සෙනෙවිරත්න Wednesday, 16 April 2025 03:48 PM

ගුණරත්න මේ ආණ්ඩුවට නිවුස් අවශ්‍ය නැහැ. ඒවා ඔයාලා වගේ අය කරන සහකරපු වැඩ නිසා ඉබේම නිර්මාණය වෙනවා...

:       13       42

SANATH Wednesday, 16 April 2025 04:43 PM

තව අවස්ථා ගණනක් මෙයාට පිල්ලෙයාන් හමුවෙන්න ඕනෑ වෙයි. ඒ හැම සැරේම පොලිස් නිලධාරීන් මේ අසල රඳවන්න ඕනෑ. එක පාරටම පිල්ලෙයාන් ගැන දුකක් දැනුනේ මොකද කියලා හොයන්නත් ඕනෑ.

:       5       38

Kamal Koyrala Wednesday, 16 April 2025 06:22 PM

මියගිය හෙළයින් වෙනුවෙන් හෙළ උරුමය රකින්න පිවිතුරු චේතනාවෙන් මුණගැහෙන්න ගිහින් තියෙන්නේ පවුලේ අවසරය ඇතිව නීතීඥ දිවියේ පළමු නඩු කටයුතු නිසා...

:       4       27

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මනම්පිටියේ ආගමික මධ්‍යස්ථානයක් අසල වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 942 0

මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.


පිල්ලෙයාන් රියදුරු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 18 718 0

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස


මදුරු මර්දකයෝ 1103ක් හොර පාරෙන් අරන්
2025 අප්‍රේල් මස 18 295 0

සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග


දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක්
2025 අප්‍රේල් මස 18 926 0

ශ්‍රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න


සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 1014 0

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මත්පැන් අළෙවිසැල් 3කට මුද්‍රා තබයි
2025 අප්‍රේල් මස 18 635 0

අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 66 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site