(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතය
සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නායකයෝ සහභාගි වෙති.
එහිදී ගනු ලබන තීරණ මත පදනම්ව පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා සම්බන්ධයෙන් අවසාන එකඟතාවයකට එළැඹීමට නියමිත බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේ රත්න මහතා පැවසීය
පළාත් පහළ මැතිවරණයට කැඳවූ නාම යෝජනා අවලංගු කරන ලෙස දේශපාලන පක්ෂ රැසක් රජයෙන් දැනටමත් ඉල්ලීම් කර ඇත.
පළාත් පාලන මැතිවරණය මුලින් පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු කළ ද මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිසම විසින් අත්හිටවනු ලැබීය.
මේ අතර පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව එම මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවද ඔහු කීවේය.
පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711ක් තෝරා ගැනීම වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයට පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබූ අතර, ඒ සඳහා අපේක්ෂකයෝ 80,672 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ.
මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සඳහා මෙම පිරිස ඉදිරිපත් වී සිටිති.
පළාත් පාලන මැතිවරණ සඳහා නාම යෝජනා බාර දුන් පිරිස අතර රාජ්‍ය සේවකයෝ තුන්දහසක පමණ පිරිසක් ද සිටිති.
නාම යෝජනා දුන් මෙම පිරිසෙන් අටදහසක පමණ පිරිසක් විදේශගත වී හෝ මියගොස් හෝ සිටින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
මේ අතර අපේක්ෂකයන් දෙදහසකට වැඩි පිරිසක් පසුගිය කාල සීමාවේදී පක්ෂ මාරු කර ඇතැයිද අමාත්‍යාංශයට තොරතුරු අනාවරණයවීඇත.
ඇල්පිටිය හැර සියලු පළාත් පාලන ආයතන දැනට පවතින්නේ කොමසාරිස් පාලනය යටතේය.
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයෙ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාතී වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝ මී
පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැ
ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ
නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුංචි ඡන්දෙ ගැන අවසන් තීරණය ලබන සතියේ