(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලූපිටිය ගාලු මෝදර හෝටලය ඉදිරිපිටදී අද (26) දහවල් පුද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගිය බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි අබ්දුල් රාසික් මහීර් 51 නමැත්තෙකි.
කතරගම සිට කොළඹ බලා පෞද්ගලික බස් රථය පැමිණෙමින් සිටියදී එම දිසාවටම ධාවනය වූ යතුරුපැදියේ ගැටීමෙන් යතුරුපැදිය පිටතට විසිවී ඇති අතර පැදිකරුගේ හිස ප්‍රදේශය පිටුපස පා පුවරුව අසල රෝද දෙකටම යට වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
බස් රථ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ඇත. කොල්ලූපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එල් දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.
මුලතිව්,සුදන්දිරපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි මියගිය තරුණයකුගෙ මළ සිරුරක් සොයාගත් බව පුදුකුඩිඉරිප්පුව පොලිසිය පවසයි.
මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972 දෙනෙකුගේ හිගයක් පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන
විදේශිය කාන්තාවකගෙන් රුපියල් 5000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මිදිගම පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ සේවය සිට ක්‍රියාත්මක වන පරදි තහනම් කර ඇත.
උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය බිංගෙය අසල දී මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීග්‍රගාමි විශේෂ දුම්රියේ ග
රික්ටර් පරිමානයේ ඒකක 6.8 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නිරිතදිග ජපානය කැලැඹිණි.
ඇමෙරිකාව සමඟ හෝ ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වන ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ හෝ ගැටුම් ඇති කර ගැනීමෙන් වළකින බවත්, ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියුට් එඩ්ජ් පවසා
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
පුද්ගලික බසයට යටවී යතුරුපැදිකරු මරුට
charith Friday, 27 December 2024 09:36 AM
පාරට බැස්සම යතුරු පැදි කරුවො යන හැටි දැක්කම කනපැලෙන්න ගහන්න හිතෙන්නෙ. පරිස්සමින්ම පාරෙ යන්න ඕන මිනිස්සු යන්නෙ පාරේ ආරක්ෂිතවම වාහනේ යන අය වගේ. වමෙන් යන්න, ආරක්ෂිතව යන්න කවුරුත් දන්නෙ නැ. හරි දේ කියල දෙන්න පොලීසියත් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැ.
ගුණරත්න Friday, 27 December 2024 02:09 PM
මේ බස් එක බයිසිකලේ පිටුපස්සෙන් හප්පලා බයිසිකලේ ගියපු මනුස්සය යට වෙලා මැරිලා. පිටුපස්සෙන් ආ බස් රථය අපරීක්ෂාකාරීව ධාවනය කල නිසා නොවෙයිද මරණය සිදු වුනේ?