IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


පෘථිවියට එහා මිනිස් වාසයක් ගැන තොරතුරු

(විමුක්ති එස් රුද්‍රිගු)

පෘථිවියෙන් පිටත ජීවය තිබෙන බවට මෙතෙක් හමුවූ ප්‍රබලතම සාක්ෂිය අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි කේ2-18බී නැමැති ග්‍රහලෝකයෙන් සොයා ගැනීමට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥයකු වන ආචාර්ය නික්කු මධුසුදන් ප්‍රමුඛ විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව ඇත.

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124 ක් දුරින් සිංහ තාරකා මණ්ඩලයේ පිහිටි කේ2-18බී නැමැති ග්‍රහලෝකයේ වායුගෝලයෙන් මෙම සාක්ෂිය හමුවී තිබේ.

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගත් දත්ත භාවිතා කරමින් ආචාර්ය මධුසුදන් ප්‍රමුඛ විද්‍යාඥයන් කණ්ඩායම මෙම සොයාගැනීම සිදුකර ඇත.

සෞරග්‍රහ මණ්ඩලයකට අයත් නොවන කේ2-18බී නම් මෙම ග්‍රහලෝකය රතු වාමන තාරකාවක් වටා කක්ෂගතව ඇති බවත් එහි උෂ්ණත්වය පෘථිවියේ උෂ්ණත්වයට සමාන බවත් ආචාර්ය නික්කු මධුසුදන් ප්‍රකාශ කළේය.

කේ2-18බී ග්‍රහලෝකය රතු වාමන තාරකාවකට ඉතා සමීපව කක්ෂගතව ඇති බැවින් එහි අවුරුද්දකට තිබෙන්නේ දින 33 ක් පමණක් බවද ඔහු ප්‍රකාශ කළේය.

කේ2-18බී ග්‍රහලෝකයේ වායුගෝලය තුළ ඩයිමෙතිල් සල්ෆයිඩ් සහ ඩයිමෙතිල් ඩයිසල්ෆයිඩ් නම් රසායනික සංයෝග තිබෙන බවට සාක්ෂි හමුවූ බවත් එම රසායනික සංයෝග නිපදවනු ලබන්නේ ෆයිටොප්ලැන්ක්ටන් නම් කුඩා මුහුදු පැළෑටිවලින් බවත් ඔහු පැවැසුවේය.

එය මෙතෙක් පෘතුවියෙන් පිටත ජීවය තිබෙන බවට හමුවූ ප්‍රබලතම සාක්ෂිය බවත් එහෙයින් කේ2-18බී ග්‍රහලෝකය සාගරයකින් වැසී තිබෙන බවට විශ්වාස කෙරෙන බවත් ඔහු සඳහන් කළේය. එසේම කේ2-18බී ග්‍රහලෝකය පෘථිවියට වඩා 2.6 ගුණයකින් විශාල වන බවත් 8.6 ගුණයක ස්කන්ධයකින් යුක්ත බවත් ඔහු ප්‍රකාශ කළේය.

කේ2-18බී ග්‍රහලෝකය පෘථිවියට වඩා දහස් ගුණයකින් ශක්තිමත් බවට ඇස්තමේන්තු කර ඇතැයිද ඔහු පැවැසුවේය.

කෙසේ නමුත් ලබාගත් තොරතුරු තහවුරු කර ගැනීමට තවදුරටත් නිරීක්ෂණ සිදුකළ යුතු බව ආචාර්ය නික්කු මධුසුදන් ප්‍රකාශ කළේය.

 



අදහස් (4)

පෘථිවියට එහා මිනිස් වාසයක් ගැන තොරතුරු

කපුරු හාමි Thursday, 17 April 2025 04:55 PM

අපි නම් මුලින් හිතුවේ අභ්‍යාවකාශ තරණය පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙන මැදමූලනේ හාදයාගේ වැඩක් වෙන්ඩැති කියලා...

:       30       22

වික්‍රම විදුර Thursday, 17 April 2025 08:21 PM

රනිල් ප්‍රේමදාස පොල්පෝට් හිට්ලර් වගේ අය හිටියේ නැත්තං ඒ ලොකෙ හරි ලස්සන ඇති.

:       22       15

Lalith Thursday, 17 April 2025 10:50 PM

ඔය තරම් විස්තර ඇතුව තියන තැන කියන්න එපා අප්පා. රනිල් එහෙත් ගිහින් පිනට ජනාධිපති වෙයි.

:       0       1

Lakmal - Katunayaka Friday, 18 April 2025 09:15 AM

රාජපක්ෂ නැති ලොවක් හමුවේවා

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 248 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 464 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


නව විගණකාධිපති කවුද? තීරණය 22
2025 අප්‍රේල් මස 19 424 0

විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මෝටර් රථයක් මතට කළු ගල් වැටිලා
2025 අප්‍රේල් මස 19 1105 0

කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම


පියාගේ ටිපරයට යටවී සිඟිත්තා මරුට
2025 අප්‍රේල් මස 19 467 0

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක


වැල්ලවාය - බෙරගල මාර්ගයේ ධාවනය බාධා
2025 අප්‍රේල් මස 19 286 0

වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයේ විහාරගල 184 කිලෝමීටර් කනුව ප්‍රදේශයේ දී අද (19) අලුයම මාර්ගයට විශාල පස්කන්දක් සමග ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 87 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 219 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 390 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site