IMG-LOGO

2025 මාර්තු මස 28 වන සිකුරාදා


පොල් වගාකරුවන්ට පොහොර දෙන්න ගිවිසුම්ගත වෙයි

(යොහාන් භාසුර)

පොල් වගාකරුවන්ට සහන මිලට ඒඑම්පී පොල් පොහොර දීමේ ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමට රාජ්‍ය පොහොර සමාගමේ දි අත්සන් කළේය

මෙහිදි  රාජ්‍ය පොහොර සමාගම (ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ්) සහ පොල් වගා කිරිමේ මණ්ඩලය අතර මෙම ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම අත්සන් කළේය.

රුසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණූ  එම්ඕපී පොහොර මෙට්‍රික්ටොන් 27,500ක් යොදා ගනිමින් එයට එප්පාවල රොක් පොස්පේට් සහ යූරියා කවලම් කර පොල් සඳහා වු විශේෂිත පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් සකස් කිරිම රාජ්‍ය පොහොර සමාගම (ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ්) මේ වනවිට  ක්‍රියාත්මක කර තිබේ.

මෙම අවස්ථාවේ දී ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් සහ පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් මෙම පොහොර නිෂ්පාදන යාන්ත්‍රනය, මෙහි ගුණාත්මකභාවය පරික්ෂාකෙරෙන අවස්ථා පිළිබදව එම ආයතනය විසින් ඉදිරිපත් කල අතර මෙහිදි මෙම පොල් පොහොර සඳහා සකස් කරන ලද පොහොර ඇසුරුමද අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදි.

මෙම මිශ්‍රිත පොහොර පොල් වගා කරුවන් වෙත බෙදාහැරිමේ යාන්ත්‍රනය පිළිබඳව ද එම අවස්ථාවේදි සාකච්ඡා සිදු කරන ලදි. මෙම පොල් පොහොර සහනාධාරය ලබා ගැනිම සඳහා පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ඉල්ලුම් පත්‍රයක් සකස් කර ඇති අතර එය ලබාගෙන සම්පුර්ණකොට එහි අදල නිලධාරින්ගෙන් සහතික කර ප්‍රදේශයේ ඇති අදාල බලයලත් ආයතන වෙත ඉදිරිපත් කර පොල් පොහොර සහනාධාරය ලබා ගන්නා ලෙස පොල් වගාකරුවන්ගෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඉල්ලා සිටියේය.



අදහස් (2)

පොල් වගාකරුවන්ට පොහොර දෙන්න ගිවිසුම්ගත වෙයි

Ramani perera Saturday, 22 March 2025 10:53 AM

කුඩා වතු හිමියන්ට ඉතා වටිනා අවස්ථාවක්...!

:       0       4

Rp කරුණාරත්න Monday, 24 March 2025 12:53 PM

හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගමනාගමන කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි
2025 මාර්තු මස 28 410 0

ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.


නතර වෙච්ච වැඩ අරඹන්න පාඨලී වරමක් ඉල්ලයි
2025 මාර්තු මස 28 395 1

කොළඹට යළි වසන්තය ගෙන ඒම සඳහා කොළඹ මහ නගර සභාවේ බලය තම පක්‍ෂයට ලබාදෙන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


අ‘පුර වෛද්‍යවරිය සැකකරු හඳුනා ගනී
2025 මාර්තු මස 28 1069 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ පුහුණු වෛද්‍යවරිය අපයෝජනයට ලක් කළ හිටපු හමුදා සෙබළා පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් අද (28) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රා


පොල් පොහොර සහනාධාරය අනිද්දා සිට
2025 මාර්තු මස 28 371 0

පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ’’කප්රුකට සවියක් - වැඩි ඵලදාවක්’’ යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීම මාර්තු 30 වැනිදා සිට


මෝදි දින තුනක් ලංකාවේ
2025 මාර්තු මස 28 737 2

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරය කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි


ලංකා-ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍ර සංගමයක්
2025 මාර්තු මස 28 197 1

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 493 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 693 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1384 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site