(පුෂ්පකුමාර ජයරත්න)
සේවකයින් විශාල වශයෙන් කොරෝනා ආසාදිතයින් බවට පත්වීම හේතුවෙන් මෙරට බැංකු සේවා පද්ධතියම අකර්මණ්‍ය වීමේ බරපතළ අවදානමක පවතින බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.
මේවනවිට බැංකු සේවකයින් සමඟ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද විශාල වශයෙන් කොරෝනා වසංගතයට ගොදුරුව සිටීමත් තවත් පිරිසක් නිරෝධායනයට ලක්ව සිටීමත් හේතුවෙන් දිවයින පුරා පිහිටි බැංකු ශාඛා රැසක් මේවනවිට වසා දැමීමට සිදුව තිබෙන බව ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් රන්ජන් සේනානායක මහතා පැවසීය.
එබැවින් බැංකු ගනුදෙනු සීමා කර අත්‍යාවශ්‍ය බැංකු සේවාවන් පමණක් ක්‍රියාත්මක කර බැංකු සේවකයින් සහ බැංකු පද්ධතිය රැක දෙන ලෙසත්, ජනතාව හා නිරන්තරයෙන්ම ගැටෙන බැංකු සේවකයින් හට කොරෝනා මර්ධන එන්නත ලබා දීමට ප්‍රමුඛත්වය ලබාදී බැංකු පද්ධතිය අකර්මණ්‍ය නොවී රැක ගැනීමට පියවර ගන්නා ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බව රන්ජන් සේනානායක මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බැංකු